ජුඩ් සමන්ත
හලාවත - පුත්තලම මාර්ගයේ බංගදෙණිය - කෝට්ටපිටිය මංසන්ධියේ දී සිදුවී ඇති අනතුරකින් රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතාගේ පුතා තුවාල ලබා ප්‍රතිකාර සඳහා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇත.
අද (6) වැනි දා අලුයම 12.50 ට පමණ මෙම අනතුර සිදුවී ඇත.
අනතුරින් තුවාල ලබා ඇත්තේ යශෝධ රංගේබණ්ඩාර (අවු:25) නම් අයෙකි.
අනතුරට පත්ව ඇත්තේ වාරි මාර්ග අමාත්‍යාංශයට අයත් කැබ් රථයක් බව පොලීසිය කියයි.
අතුරු මාර්ගයක සිට පැමිණ ඇති කැබ් රථය පාලනය කර ගැනීමට නොහැකිව කොට්ටපිටිය මංසන්ධියේ ඇති නිවසක් තුළට කඩා වැදීම හේතුවෙන් අනතුර සිදුවී ඇත. අනතුරින් කැබ් රථයට සහ නිවසටද හානි සිදුවී ඇත.
ආරච්චිකට්ටුව පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ඇමැති රංගේ බණ්ඩාරගේ පුත් කැබ් අනතුරකින් රෝහලේ
rama Wednesday, 06 June 2018 04:41 AM
පුතාගේ බලපත්‍රය අවලංගු කරන්න ඕන මේ වැරදි වැඩේට
Pradeep Wednesday, 06 June 2018 04:47 AM
රාජ්‍ය දේපල අවභාවිතය. බලමු නිතිය ක්‍රියාත්මක වෙන හැටි..
thushara Wednesday, 06 June 2018 05:18 AM
රජයේ වාහන අවබාවිතය කියන්නේ මොකද්ද ?
රවින් Wednesday, 06 June 2018 05:32 AM
ඔන්න ඔය හින්ද තමා සියලුම රජයේ වාහන ඇමති / මන්ත්‍රී පරිහරණය සඳහා ලබා ගන්නවානම් බදු අයකළ යුත්තේ. මොකක් හෝ එක වාහනයකට පමණක් බදු නිදහස් කල යුතුය. මේක රාජ්‍ය දේපල අවභාවිතය. රාජ්‍ය වාහන සඳහා රාජ්‍ය රියදුරුවරයකු යෙදිය යුතුය. ගෙදර ඉන්න සියලු දේනාම රාජ්‍ය දේපල පරිහරණය නොකලයුතුවේ.
himalWednesday, 06 June 2018 06:09 AM
කළ යුතු හොඳම දේ නම්, ඇමතිවරුන්ට, නිලධාරීන්ට, අමාත්‍යංශයට කියලා සින්නක්කර වාහන නොගෙන මෙහෙයුම් කල්බදු ක්‍රමයට වාහන කුලියට ගන්න එක. වාහනේ ඇතුළට කැමරා සවි කරනවා. යන එන තැන් හොයන්න ජීපීඑස් ක්‍රමයට ඒකාබද්ධ කරනවා. එතකොට මාසිකව ගෙවන කුලී වාරිකය තමයි වියදම. අලුත්වැඩියාවට හොරට බිල්දාන ඒවා, තෙල් වංචා කරන ඒවා, හොරට අතිකාල ගන්න ඒවා නිකන්ම නවතිනවා.
KANDEPOLAWednesday, 06 June 2018 08:00 AM
ඔය ශ්‍රී ලංකාව කියන රටේ කල හැකි දේවල්ද..? හීනෙන් තමයි. ඉහළ සිට පහළට අවභාවිතය.
lalithsjm Wednesday, 06 June 2018 05:55 AM
රාජ්‍ය දේපල විනාශ කරනවා වගේ මාර්ග නීතිත් උල්ලංගනය කරනවා.
Senarath Wednesday, 06 June 2018 06:35 AM
මේ අනතුර වෙන වෙලාවේ, ගෙදර මිනිස්සු මෙතන හිටියනම් අද ජිවතුන් අතරේ නැහැ. එහම වුනානම් මොකද නැවත පණ දෙන්නද.
තේජාන්විත Wednesday, 06 June 2018 06:45 AM
ගෙදර අයට දෙයියන්ගේම පිහිටයි. ඇමති පුතෙක් නිසා වැරැද්ද වෙන්නේ කැබ් එක යනකොට නිවාස එතන තිබුන එක. දඩේකුත් ගෙවලා ගේත් හදාගන්න වෙයි .
Thilina Wednesday, 06 June 2018 06:57 AM
විපක්ෂයේ බහුතරයකට චෝදනා ගොනු කරලා නඩු දාලා තියෙන්නේ වාහන අවභාවිතා කලා කියලනම් යහපාලනය අනුව ඇමැති පුතා එෆ් සී අයි ඩී එක පැත්තේ යනවා බලන්න අපිට පුලුවන් වෙයි
rama Wednesday, 06 June 2018 08:17 AM
අද (6) වැනි දා අලුයම 12.50 ට පමණ මෙම අනතුර සිදුවී ඇත. කොහේ ගිහිල්ලද ඇමති පුතා ඒ වෙලාවට
Cyril Wednesday, 06 June 2018 08:39 AM
මීට පෙරත් පාපැදි කරුවෙක් යට කරලා බරපතල තුවාල කලා. මිනිස් ජ්වීත තුට්ටුවකට මායිම් කරන්නේ නෑ.
කසුන් Wednesday, 06 June 2018 12:17 PM
මීට කලිනුත් අසරණ මනුස්සයෙක්ව යටකර පලාගියා. එහෙත් මේ වෙනකම් එයට සාධාරණයක් ඉෂ්ට වුනේ නැහැ. මෙය පැහැදිලි රජයේ වාහන අවභාවිතාවක්. අපි බලාගෙන ඉඳිමු. කොහොමද මොහුට නීතිය ක්‍රියාත්මක වන ආකාරය දෙස...
Hafeel Wednesday, 06 June 2018 03:33 PM
රාජපක්ෂ පුතුන්ට සමානයි රංගෙ බණ්ඩාර පුතුන්. මීට කළිනුත් බණ්ඩාර පුතුන්ගෙන් රජයේ වාහනයක් අනතුරකට ලක්වුණා.
Samathasena A . Aluthgama Wednesday, 06 June 2018 04:31 PM
මේ දඩබ්බර ඇමති පුත්‍රයාට තරාතිරම ගැන නොබලා නීතිය ක්‍රියාත්මක විය යුතුයි.වරද කව්රු කරත් වරදමයි.මත්පැන් බී රිය පැදවීමටත්,රජයේ වාහනයකට අලාබ හානි සිදුකිරීමත්,නිවෙස් හිමියන්ට සිදුවූ පාඩුවත් අයකර ගත යුතුයි.