IMG-LOGO

2025 දෙසැම්බර් මස 13 වන සෙනසුරාදා


ආසියා - පැසිෆික් කලාපයේ කමිටු සාමාජිකත්වය ලංකාවට

( තිළිණි ද සිල්වා )
 
එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන , විද්‍යා සහ සංස්කෘතික සංවිධානයේ (යුනෙස්කෝ ) අත්‍යාවශ්‍ය සංස්කෘතික උරුමයන් සුරක්ෂිත කිරීම සඳහා වන අන්තර් රාජ්‍ය කමිටුවේ ආසියා - පැසිෆික් කලාපයේ කමිටු සාමාජිකත්වය හිමි කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී ඇතියි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. 

 
ප්‍රංශයේ පැරිස් නුවරදී පෙරේදා (06)  පැවැති  හත්වන යුනෙස්කෝ සමුළුවේ දී 2018 - 2022 කාල පරිච්ඡේදය සඳහා ශ්‍රී ලංකාව මෙලෙස තේරී පත්ව ඇත. 
 
බංග්ලාදේශය , චීනය,  ජපානය,  කසකස්ථානය, තායිලන්තය, මැලේසියාව, පලාවු යන රටවල් සමඟ තරඟ කිරීමෙන් පසුව ලංකාවේ මෙම ජයග්‍රහණය ලබා ගන්නා ලදී. 
 
කෙසේ වෙතත් පලාවෝ රාජ්‍යය අපේක්ෂකත්වය ඉවත් කරගෙන ඇති අතර ඒ අනුව චීනය, ශ්‍රී ලංකාව, ජපානය සහ කසකස්ථානය එහි සාමාජික රටවල් ලෙස ඡන්දයෙන් තේරී පත්විය.
 
සංස්කෘතික විවිධත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා වන ජාත්‍යන්තර ප්‍රතිපත්තිවල පරිණාමය පිළිබඳ සන්ධිස්ථානයක් බවට පත්වූ අත්‍යාවශ්‍ය සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීම පිළිබඳ සම්මුතිය 2003 වසරේ පැවති යුනෙස්කෝ සංවිධානයේ මහා සම්මේලනයේ 32 වැනි සැසිවාරයේ දී සම්මත කරගන්නා ලද්දකි. 
 
ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකයේ අනෙකුත් රටවල ප්‍රජාවන් අතර පවතින වාචික සම්ප්‍රධායන් , ප්‍රසාංගික කලාවන් සමාජ භාවිතයන්, චාරිත්‍ර, උත්සව, ස්වභාව ධර්මයට අදාල දැනුම සහ පුරුදු සහ සම්ප්‍රදායික ශිල්ප ක්‍රම නිපදවීම සඳහා අවශ්‍ය දැනුම හා කුසලතා වැනි අපගේ මුතුන් මිත්තන්ගෙන් උරුම වූ සම්ප්‍රධායන් සහ සජීවී ප්‍රකාශනයන් ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවය හඳුනාගනිමින් 2008 වසරේදී ශ්‍රී ලංකාව මෙම සම්මුතියේ පාර්ශ්වකරුවෙක් බවට පත්විය.
 
මෙම  සම්මුතියේ පාර්ශ්වකරුවෙක් බවට පත්වීමෙන් අනතුරුව කමිටුවේ ආසනයක් සඳහා ශ්‍රී ලංකාව තරග කළ ප්‍රථම අවස්ථාව මෙයයි.



අදහස් (0)

ආසියා - පැසිෆික් කලාපයේ කමිටු සාමාජිකත්වය ලංකාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 626 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 527 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 431 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site