(නිමල කොඩිතුවක්ක )
රට සංවර්ධනය කිරීම සඳහා ප්‍රාදේශීය සභාවත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයත් එක්ව සම්බන්ධීකරණයක් ඇතිව වැඩ කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (04) පැවසීය.
එම ආයතන කඹ ඇදීමට යාමෙන් රට තුළ සිදුකරන සංවර්ධන ව්‍යාපෘති අසාර්ථක වන බැවින් එකට වැඩකරන යාන්ත්‍රණයක් තිබිය යුතු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
කළුතර දිස්ත්‍රික්කයේ මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව ශ්‍රවනාගාරය සහිත දෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.
“මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීම සඳහා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයෙන් රුපියල් කෝටි 05කට ආසන්න මුදලක් වියදම් කරලා තියෙනවා.
මෙම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තිබුණු යටිතල පහසුකම් අඩුයි. එම යටිතල පහසුකම් ලබලා දීලා මෙම පාලනය ශක්තිමත් කරන්න ස්වදේශ කටයුතු අමාත්‍යංශය පියවර ගත්තා.
වජිර අබේවර්ධන ඇමතිතුමා රටේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගණනාවකට අවශ්‍ය අලුත් ගොඩනැගිලි ලබලා දීලා තියෙනවා. විශාල කාලයකින් පස්සේ තමයි මෙම ආයතන වලට අලුත් ගොඩනැගිලි ලබලා දීලා තියෙන්නේ. විශේෂයෙන්ම ශ්‍රවනාගාරත් මෙම අලුත් ගොඩනැගිලිත් එක්ක ලබලා දීලා තියෙනවා.
ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය තමයි රටේ පරිපාලනයේ වැදගත්ම වන්නේ. මෙම කොට්ඨාසය මගින් තමයි බිම් මට්ටමට සේවය ලබා දෙන්නේ. මෙම කාර්යාල ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් එම යාන්ත්‍රනය සම්පූර්ණයෙන්ම අසාර්ථක වෙනවා. කලුතර දිස්ත්‍රික්කයේත් රටේ සැම තැනකමත් කාර්යාල ඇති කරලා මෙම වැඩපිලිවල ශක්තිමත් කිරීම ගැන අපි එතුමන්ට ස්තූතිවන්ත විය යුතුයි.
අජිත් පී. පෙරේරා ඇමතිතුමා මැදිහත් වෙලා මේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ප්‍රාදේශීය සභාවක් බවට පත් කළා. ප්‍රාදේශීය සභාවයි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයයි එක මායිමේ තියෙනවා. අනාගතයේ සිද්ධ වෙන්න යන වැඩ කටයුතු නිසා ඒක වැදගත් වනවා.
අපේ සීඝ්‍ර කර්මාන්ත කරණයෙන් එක කේන්ද්‍රස්තානයක් මිල්ලනියේ තියෙනවා. මේ වගේ වැඩකටයුතු කර්මාන්ත කළාපයට සිමා වෙන්නේ නැහැ. වටේම යන්න පාරවල් වුවමනාය. එක එක තැන්වලින් ජනතාව එනවා. ජලනල වුවමනායි. අලුතින් විදුලිය බළය වුවමනායි.
ඒ සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් සම්බන්ධීකරණය කළ යුතු විශාල වැඩපිලිවලක් තියෙනවා.
දුප්පත් ජනතාව සඳහා නිවාස ඉදිකිරීමට තියෙනවා. මේ සියලු කටයුතු සැළසුම් කළ යුතුයි. ප්‍රාදේශීය සභාවත්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයත් එක්ක සම්බන්ධීකරණයක් ඇති කළ යුතුයි.
කඹ අදින්න ගියොත් ඕක ඉවරයි. ඒ නිසා එකට වැඩකරන වැඩසටහනක් තියෙන්න ඕන. බියගමින් තමයි මම මේ උදාහරණය අර ගත්තේ.‘‘
යැයිද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහිදි පැවසීය.
COMMENTS
ආයතන කඹ ඇදීම්වලටත් වඩා භයානකයි දේශපාලකයන්ගේ බලය වෙනුවෙන් පොරකන බලුපොරයක්... දැන් ලක්බිමේ සිදුවන්නේ එය මිස වෙන කිසිවක් නොමැති බව කීම වඩාත් අර්ථවත් වේ. නිකන් බොරු බේගල් නොදොඩා...
සේරම අසාර්ථක වෙන්නේ... ඔබ නායකත්වයේ ඉන්න නිසා සහ විටින්විට සිදුකරන කැබිනට් සංශෝධන නිසායි.
බොලාගේ ජයවර්ධන නේද ඔය පළාත් සභා ගෙනැල්ලා රට කෑවේ...? දැන් ඉතින් කෑවෝ කෑවෝ කියනවා. නොහැකියාව තමයි මලේ...
බලු පොර කතාවක් කියා එස්.බී. මහත්තයා හිරේ ගියා මතකද? ඒ නිසා කියන දෙයක් නීතිගරුකව කියන්න. බලු පොරය සහ දේශපාලකයින් ගැන සඳහන් වීමෙන් මෙහිදී අපහාසය සිදුවෙනවා. අගමැති හා සම්බන්ධ පුවතකට නිකන් බොරු බේගල් යන්න කෙලින්ම නොයෙදිය යුතුව තිබුණා. නීතිමය ක්‍රියා මාර්ගයන්ට අවශ්‍ය සාක්ෂි ලිඛිතව ඉදිරිපත් කිරීම භයානකයි. ලේඛනයේදී විශේෂයෙන් පරෙස්සම් වන්න.
ආයතන කඹ ඇදීම්වලටත් වඩා භයානකයි, මහබැංකුවෙන් සල්ලි ඇදීම...
අපේ රටේ දේශපාලනය සැබෑ ලෙසම අවංක නැහැ. ප්‍රාදේශීය සභාව සහ ප්‍රාදේශීය ලේඛම් කාර්යාලය අතර සමීපබවක් ගොඩනැගීමට සුදුසු කාලයයි මේ...
ලැජ්ජයි අගමැතිතුමා... ලැජ්ජයි තමුන්නාන්සේලාට රටේ බලය දුන්නේ ජනතාව.. රටේ සංවර්ධනය කරන්න මිසක් ඔය කතා අහන්න නෙවෙයි. බලයක් තියෙන, රටේ දෙවැනි පුරවැසියා. ඇයි ඒකට පියවරක් ගන්න බැරි? ඊට වඩා හොඳ නැද්ද කරන්න පුලුවන් කෙනෙකුට දිලා ගියානම්... ඔතන විතරක් නෙවෙයි අනික් තැන්වලත් ඔහොම තමයි. ඔබතුමා නායකත්වයේ ඉන්නකම් ඔය දේවල් ජනතාවට අහන්න වෙනවා.
නිලධාරීන්ගේ කඹ ඇදිලි නතර කරන්න බැරි කෙනෙක් අගමැති වුණ එකයි පුදුමේ...
පගාව නැතිව නිකුත් කරන්න බැහැ. ජනාධිපති මන්දිරයත් වග කියන්න ඕනේ. අගමැති ඊට වඩා කොල්ලයකයි ඉන්නේ...