(ජුඩ් සමන්ත)
ආනයනය කිරීම තහනම් කරන ලෙස පුත්තලම දිස්ත්‍රික් ඉස්සන් වගා කරුවන්ගේ සංවර්ධන සංධානය විසින් ඉල්ලුම් කර තිබූ “වනමී” යනුවෙන් හදුන්වන මව් ඉස්සන් තොගයක් අද (08) රේගු නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
මව් ඉස්සන් ජෝඩු 50 ක් අඩංගු බහාලුමක මෙම ඉස්සන් තොගය අසුරා තිබී ඇත.ඒවායේ බර කිලෝ ග්‍රෑම් 550 කි.ඇමරිකාවේ හවායි ගුවන් තොටුපලේ සිට කොරියාණු ගුවන් සමාගමකට අයත් යානයකින් මෙම මව් ඉස්සන් තොගය මෙරටට ගෙනවිත් ඇත.08 වැනිදා අලුයම 4.30 ට එම ගුවන් යානය මෙරටට පැමිණ ඇත.
“වනමී” නමින් හදුන්වන මෙම ඉස්සන් මෙරටට ගෙන්වීම තුළින් භයානක රෝග පැතිර යා හැකි බවට ඇතමුන් තුළ මතයක් ඇති වී ඇත.කිසිදු නීරෝධායන කටයුත්තකින් තොරව මෙම මව් ඉස්සන් තොගය මෙරටට ගෙනවිත් වෙන්නප්පුව - නයිනමඩම ප්‍රදේශයේ පිහිටි ඉස්සන් අභිජනනාගාරයකදී පැටවුන් බිහි කිරීමට කටයුතු යොදා ඇති බව පුත්තලම දිස්ත්‍රික් ඉස්සන් වගා සංවර්ධන සංවිධානයේ සභාපති කමල් පුෂ්පකුමාර මහතා හලාවත කොට්ඨාස බාර පොලිස් අධිකාරීවරයාට පැමිණිළි කර ඇත.
ඒ අනුව පොලීසිය විසින් කරන ලද දැනුම් දීමක් මත මව් ඉස්සන් ඇතුළත් බහාලුම තම බාරයට ගෙන පරීක්ෂා කිරීමට රේගු නිලධාරීන් කටයුතු කර තිබේ.
පොලිස් ආරක්ෂාව යටතේ අදාල බහාලුම වෙන්නප්පුව - නයිනමඩමේ පිහිටි ඉස්සන් අභිජනනාගාරය වෙත ගෙනවිත් ඇත.
COMMENTS
දේශපාලන අතපෙවීම් නොතිබුණා නම් ශ්‍රී ලංකා රේගුව තවත් මෙවැනි බොහෝ අනර්ථකාරී දේ වළකාලන බව අපි දනිමු. කෙසේ හෝ වේවා.. මෙවැනි අනර්ථයන් වැලක්වීමට රේගුව සහ මේ රටේ පරිසර පද්ධතියට ආදරය කරන සියල්ලන්ගේ කැපවීම සහ ඒ ගැන ලංකාදීපයෙන් ජනතාව යාවත්කාලීන කිරීම පිළිබඳව ඔබ සියලුමදෙනාටම කෘතඥ වෙමු.
දැනටත් රටේ නැති විවිධ වර්ග ඇතුලට ඇවිල්ලා ඉවරයි. ලංකාවේ ජරාවට කරන්න බැරි වැඩක් නැත.
වනමී” නමින් හදුන්වන මෙම ඉස්සන් මෙරටට ගෙන්වීම තුළින් භයානක රෝග පැතිර යා හැකි බවට ඇතමුන් තුළ මතයක් ඇති වී ඇත. කිසිදු නීරෝධායන කටයුත්තකින් තොරව මෙම මව් ඉස්සන් තොගය මෙරටට ගෙනවිත් වෙන්නප්පුව - නයිනමඩම ප්‍රදේශයේ පිහිටි ඉස්සන් අභිජනනාගාරයකදී පැටවුන් බිහි කිරීමට කටයුතු යොදා ඇත. රේගුවේ අයට කීයක් දීලද දන්නේ නැහැ මේවා පැන්නුවේ..? ඒකට අපෙන් බදු ගහනවා අහස උසට දඩමුදල් නැතිව මේවා හොරෙන් පන්නනවා. ඉතින් රටට හොඳ කලක් එයිද?
“වනමී” නමින් හදුන්වන ඉස්සන් ලොව ප්‍රචලිත මෙන්ම විශාල වශයෙන් ලෝක වෙළඳපලේ ඉල්ලුමක් තිබෙන ඉස්සන් වර්ගයක්. මෙහි ශුද්ධ ලාබය අනෙක් ඉස්සන්ට වඩා 3න් ගුණයක් වැඩියි. අපේ මිනිස්සු හිතන්නෙම අනිත් පැත්තට. නිසි නිරෝධායන කටයුත්තකින් පසුව මෙරටට ගෙන්වන්නේ නම් මෙය අපේ රටට ඉතා ඉහළ විදේශ ආදායමක් ලබාගතහැකි ආදායම් මාර්ගයක් වේවි.
මේක නම් බොරුවක්. මේ වර්ගයට තමයි වැඩිපුර ඉල්ලුම තියෙන්නෙ ලෝක වෙළඳපොලේ. අපේ අය, පුරුදු විදිහට හැමදේම ගැන ඇද හොයනවා.
මෙම ප්‍රකාශය නිවැරදි නැත. මම පසුගිය වසර දහය තුළ මැද පෙරදිග රටක වැඩ කරමින් සිටිමි. අපි එම ඉස්සන් වගා කරනවා. එය ඉක්වදෝරයෙන් ගෙන එන ලදී. මූලික වශයෙන් ශීඝ්‍රයෙන් වර්ධනය වන ලක්ෂණ හා ඉහළ අස්වැන්නක් ඇති හැකියාවක් ඇති නිසා, මෙය ශ්‍රී ලංකාවේ ඉස්සන් වගාව සඳහා නිරපේක්ෂ විකල්පයක් වනු ඇත. මීට ඉහළින් වෛරස් ආසාදන සඳහා වාණිජ ගොවීන්ගේ සැබෑ වාසියක් ඇති නමුත් දැනට ශ්‍රී ලංකාවේ වර්ධනය වන ටයිගර් ඉස්සන්ගේ වෛරසය සඳහා වැඩි අවදානමක් ඇත.
මෙම සත්ව විශේෂය ආනයනයට නිසි බලපත්‍ර නිකුත් කර ඇත්තේ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය විසිනි. එම බලපත්‍රය සහ නිරෝධායනය සිදුකර ඇතිනම් ආනයනය වැලැක්වීමට හැකියාවක් තිබේද?
රට තුලට ගෙනෙන සහ නොගෙනෙන දේවල් පිළිබඳ අදාල අමාත්‍යාංශය යාවත්කාලීන වියයුතුයි. එම ඉස්සන් වර්ගය ලංකාවට ගැලපෙනවා නම් ඒ සඳහා අනුමැතිය ලැබී ඇතිනම් ප්‍රශ්නයක් නැත. නමුත් හොර විදිහට ගෙනැවිත් ඇති නම් එම ආයතනයට නීතිය ක්‍රීයාත්මක කළයුතුය. සියලුදෙනාම මුදල් නොව මෙය මගේ රට.. එය රැකගැනීම මගේ වගකීම යයි සිතා කටයුතු කරන්න.