IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


ආනයනික සීමා හේතුවෙන් වාහන ආනයනකරුවන් අසීරුතාවක



 ( නිමල කොඩිතුවක්කු)

ආනයනය කිරිම සදහා රජය පනවා ඇති සීමාවන් හමුවේ වාහන ආනයන කරුවන් දැඩි අසීරුතාවයකට ලක්වන බව ශ‍්‍රි ලංකා වාහන ආනයන කරුවන්ගේ සංගමයේ සභාපති රන්ජන් පීරිස් මහතා ලංකාදිපයට පැවසීය.

රජයේ මෙම තිරණයත් සමඟ ඉදිරියේදී වාහන ආනයනය කිරිම බොහෝ දුරට සීමා කිරිමට සිදුවන බවද ඔහු කියා සිටියේය.

නව ක‍්‍රමවේදය හමුවේ රුපියල් ලක්ෂ100ක වටිනාකමකින් යුත් වාහනයකට රුපියල් ලක්ෂ 200ක තැන්පතුවක් කිරීමට සිදුවන බවද රන්ජන් පිරිස් මහතා පෙන්වා දුන්නේය.

රජය ගෙන ඇති ආනයන සීමා සම්බන්ධයෙන් වාහන ආනයන කරුවන්ගෙග් සංගමය රැස්වී තීරණයක් ගන්නා බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය



අදහස් (15)

ආනයනික සීමා හේතුවෙන් වාහන ආනයනකරුවන් අසීරුතාවක

ලුම්බිණි Sunday, 30 September 2018 08:32 AM

අතීතයේ කළා වගේ විදේශ විනිමය හම්බු කරන අයට සහන දුන්න නම් වාහන ආනයන කරුවන්ගේ සංගමයට ප්‍රශ්නයක් නැතිවෙයි.

:       2       94

සතයපාල Sunday, 30 September 2018 08:41 AM

වාහන ආනයනය කරුවන් අසීරුතාවයට පත් උනාට කමක් නැහැ රට අසීරුතාවයට පත් නොකර.

:       255       481

sena Sunday, 30 September 2018 09:24 AM

වැඩේ හබක් - ඒ ගොල්ලෝ උද්ඝෝෂණ කරපු ගමන් ඒ යෝජනාවත් අකුලාගන්න වෙනවා

:       2       131

rama Sunday, 30 September 2018 09:26 AM

විදේශ විනිමය උපයන අයට සහන නොදී උදව් කරුවන්ට සලකන කොට රජය වුණත් දෙවරක් සිතා බැලිය යුතුය. මැද පෙරදිග සිට විදේශ විනිමය උපයන අයට මේ වනතුරු කිසිම රජයකින් කිසිම දෙයක් දීල නෑ............

:       48       253

රවින් Sunday, 30 September 2018 09:47 AM

රට තුළ වාහන නිෂ්පාදනය අාරම්භ කළානම් වැඩේ ඉවරයිනේ. ප්‍රසිද්ධ පාරවල් අයිනේ විකුණන්න තියන වාහන ගණන බැලුවහම අලුතින් ගෙනැල්ලා ලිප්බෝක්කේ තමයි ගොඩගහන්න වෙන්නේ...

:       88       698

Bamunuarachchi Sunday, 30 September 2018 10:36 AM

වාහන ආනයනකරුවන්ගේ අමාරුවත් අමාරුවක්ද? රුපියල කඩා වැටීම නිසා රටේ ජනතාව විඳින අමාරුව ගැන කතා කරන්න. ඔය මිනිස්සු කල්ප ගණනකට හම්බකරගෙන තිබෙන්නේ...

:       30       559

නුවන් Sunday, 30 September 2018 10:37 AM

වාහන ගේන එක නවත්තමු. සිංගප්පූරුව වගේ කුඩා රටක වාහන අයිතියට අවසරයක් ගන්න ඕනෑ. නමුත් වෙනස තියෙන්නේ ඒ රටවල ඉතා විශිෂ්ඨ පොදු ප්‍රවාහන සේවයක් පවත්වාගෙන යෑමයි.

:       0       260

Amila Sunday, 30 September 2018 12:43 PM

රටේ රුපියල බාල්දු කරපු අය තමයි මේ අය. වෙන රැකියාවක් හොයාගන්න. අනික සිංගප්පූරුව වගේ රටවල ලේසියට වාහනයක් ගන්න බෑ. හැබැයි එ්වායේ පොදු ප්‍රවාහනය හොඳටම හදලා තියෙන්නේ... එහෙම කරන්න ඕනෑ මෙහෙත්... එ් වගේම තියෙන වාහන ටික සහ පරණ වාහන ටික හරියට පාවිච්චි කළාම හොඳටම ඇති. අනික අපේ අයට වාහන ඕනෙ විදියකට හදාගන්න ඉඩ දුන්නා නම් රටේ සල්ලිත් ඉතුරුවෙනවා..

:       0       654

dasun Sunday, 30 September 2018 01:02 PM

මෙය ආණ්ඩුව විසින් ගත් ඉතා හොඳ තීරණයක්. වෙනස් කරන්න එපා.

:       0       0

prasad Sunday, 30 September 2018 01:47 PM

වාහන ආනයනකරුවන් යනු දුප්පතුන් නොවේ. බහුතර දුක් වඳින ජනතාවගේ දුක ගැන සිතන්න. වාහනයක් අවශ්‍ය කට්ටිය ලංකාවේ නිපදවන මයික්‍රෝ කාර් පාවිච්චි කරන්න පුරුදු වෙන්න. මතු ආත්මයකදී වොක්ස්වැගන් කොම්පැනිය අරිනු ඇත.

:       0       0

Lalith Sunday, 30 September 2018 01:54 PM

දැන් කවුද ඇමැති කෙනෙක් කිව්වානේද රුපියල බාල්දු වුණාට කිසිම ප්‍රශ්නයක් නෑ කියලා...

:       0       54

කල්ප Sunday, 30 September 2018 02:15 PM

මේ කියන්නේ රට විනාශවුනාට කමක් නැහැ වාහන ආනයනකරුවන් අසීරුතාවයට පත්නොකරන්න කියලනේද?

:       0       68

කල්ප Sunday, 30 September 2018 02:15 PM

මේ කියන්නේ රට විනාශවුණාට කමක් නැහැ වාහන ආනයනකරුවන් අසීරුතාවයට පත්නොකරන්න කියලනේද?

:       25       58

laksman Sunday, 30 September 2018 02:20 PM

හෙට, අනිද්දා කුලියාපිටියෙන් වොක්ස්වැගන් කාර් වෙළඳපළට එනවිට ආනයනකරුවන් කොහොමත් අසීරුතාවට පත්වෙනවා.

:       1       155

Samaajawaadiyaa Monday, 01 October 2018 01:25 AM

අර ඇන් ඇම් පෙරේරා මුදල් ඇමති කාලේ (1973) ආර්ථිකය කොහොමද කියලා මතක නැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31053 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13183 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10944 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 20 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 875 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 262 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site