IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ආධුනිකත්ව පුහුණු අධිකාරියට ක්ෂණික ඇමැතුම් අංකයක්


 
විනීතා එම් ගමගේ
 
ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරියේ පාඨමාලා සහ සේවාවන් පිළිබඳ දැනගැනීම සඳහා එම අධිකාරිය ක්ෂණික ඇමතුම් අංකයක් ලෙස 1951 අංකය හඳුන්වා දී ඇත. 
 
සතියේ කාර්යාල වේලාවන් හිදී පමණක් දැනට කි‍්‍රයාත්මක මෙම අංකයට  ඕනෑම ස්ථාවර හෝ ජංගම දුරකථන අංකයක් ඔස්සේ සම්බන්ධ විය හැකිය. 
 
දැනට බහුල රැකියා අවස්ථා ඇති ඉදිකිරීම් ක්ෂේත්‍රය, මෝටර් කාර්මික ක්ෂේත‍්‍රය, සෞඛ්‍ය කෙෂත‍්‍රය, හෝටල් හා සංචාරක කෙෂත‍්‍රය යන ක්ෂේත්‍ර සඳහා නිපුණ ශිල්පින් 25000ක් බඳවා ගැනීම සඳහා වන ජාතික වැඩසටහනට සමගාමීව මෙම ක්ෂණික දුරකතන අංකය හඳුන්වා දී තිබේ. 
 
සිංහල දෙමළ ඉංග්‍රීසි භාෂා තුනෙන්ම විස්තර ලබා ගත හැකි මෙම අංකය ඔස්සේ ආධුනිකත්ව පුහුණු පාඨමාලා, වෘත්තිය මාර්ගෝපදේශන, පෙර ඇගයුම් ක‍්‍රමය යටතේ සහතික පත‍්‍ර ලබා ගැනීම නිපුණතා ණය යෝජනා ක‍්‍රම ඇතුළු තොරතුරු ලබා ගත හැකිවේ. 
 
විද්‍යා තාක්ෂණ පර්යේෂණ නිපුණතා සංවර්ධන හා වෘත්තිය පුහුණු සහ කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය ආචර්ය සරත් අමුණුගම මහතා ගේ සංකල්පනාවක් අනුව මෙම අංකය හඳුන්වා දී තිබේ.



අදහස් (0)

ආධුනිකත්ව පුහුණු අධිකාරියට ක්ෂණික ඇමැතුම් අංකයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 241 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 74 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 776 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site