ජුඩ් සමන්ත
ආණමඩුව නගරයේ පිහිටි මදීනා හෝටලයට පෙට්‍රල් බෝම්බ තබා ගිනි තැබීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 7 දෙනා මෙම මස 19 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට ආණමඩුව වැඩබලන මහේස්ත්‍රාත් සුනිල් ජයවර්ධන මහතා අද (13) නියෝග කළේය.
මෙලෙස රිමාන්ඩ් ගත කරන ලද්දේ ආණමඩුව සහ ඒ අවට පදිංචිව සිටි තරුණයින් 7 දෙනෙක් වේ. ඔවුන් වයස අවුරුදු 18 - 22 වියේ පසුවන්නෝ වෙති.
පසුගිය 11 වැනි දා අලුයම 3.00 ට පමණ යතුරු පැදි තුනකින් පැමිණ ඇති සැකකරුවන් මුලින්ම හෝටලය ඉදිරිපිට පෙට්‍ට්‍රල් වක් කර පසුව පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති බව විමර්ශන වලදී හෙළි වී ඇත.
ප්‍රහාරය සඳහා යොදා ගත් යතුරු පැදි 3 ක්ද පොලිස් බාරයට ගෙන ඇත.
සිද්ධිය වූ මදීනා හෝටලය අසල ඇති වෙනත් වෙළඳසලක සවි කර ඇති ආරක්ෂිත කැමරා පද්ධතියක දර්ශණ උපයෝගී කරගෙන එක් සැකකරුවෙකුව අත්අඩංගුවට ගැනීමෙන් පසු සෙසු සැකකරුවන් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ආණමඩුව හෝටලයට ගිනි තැබු 7 දෙනා රිමාන්ඩ්