IMG-LOGO

ආණ්ඩුවේ ගිවිසුමට කුඩා පක්ෂත් ඇතුළු කරගන්නලු

අජන්ත කුමාර අගලකඩ
 
ආණ්ඩුවේ ඉදිරි මාස 18ක කාලය සඳහා ප්‍රධාන පක්ෂ දෙක අතර අත්සන් කිරීමට නියමිත එකඟතා ගිවිසුමට තමන්ද ඇතුළත් කර ගන්නැයි ආණ්ඩුවේ සිටින අනෙකුත් පක්ෂවලින් ද ඉල්ලීමක් ඉදිරිපත් වී ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.
 
එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරමින් තරග කර ආණ්ඩුවේ සිටින සුළු පක්ෂ ගණනාවක් මෙම ඉල්ලීම කර ඇති බව ද වාර්තාවේ.
 
රාවුෆ් හකීම් මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, රිෂාඩ් බදියුදීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසය, දෙමළ ප්‍රගතිශීලී සන්ධානය ඇතුළු පක්ෂ කිහිපයක් මෙම ඉල්ලීම කර ඇති බව දැනගන්නට තිබේ.



අදහස් (6)

ආණ්ඩුවේ ගිවිසුමට කුඩා පක්ෂත් ඇතුළු කරගන්නලු

dasun Monday, 30 April 2018 11:52 PM

ඔය ගිවිසුමට ඡන්ද දයකයන්වත් එක්කර ගන්න. රට කන එකට ඔක්කොටම චාන්ස් එකක් දෙන්න ටික දෙනෙක් විතරක් කන්නේ නැතුව.

:       0       16

Samathasena A . Aluthgama Tuesday, 01 May 2018 04:05 AM

යුඇන්පී සහ ශ්‍රීලනිප එකතුවේදී ශ්‍රීලනිපය ආදා ඉදන්ම පිස්සු නැටුවා.ජනතාවගේ මුදල් කාබාසිනියා කරමින් විකාර කතා කියමින් කාලය ගෙවා දැම්මා.මුලින් දුන් පොරොන්දු ගැන මතකයක් තිබුනේම නැත.මේ නිසා රජයක් හැටියට ජනතා සේවයක් හරිහැටි කිරීමට රජයට නොහැකිවුනා කිව්වොත් එයට කාටවත් විරුද්ධ වෙන්න බැහැ.යුඑන්පීයේද සමහර වැරදි අඩුපාඩු නොතිබුනාද නොවෙයි.මේ දෙපාර්ශවයම ඉදිරි ටික කාලයේදීවත් රටේ අනාගතය ගැන සිතා බලා,වාද භේදයෙන් තොරව කටයුතු කිරීම වැදගත්.කුඩා පක්ෂ එකතුකර ගැනීම හොඳ දෙයක් උනත්,හකීම්ලා වැනි මිනිසුන් ගැන විශ්වාසයක් තැබිය හැකිදැයි සැකයක් මතුවෙනවා.කෙසේ උවත්,කොයි කව්රුත් රටෙහි පොදු යහපත ගැන සිතා ඉදිරි කාලයේදී කටයුතු කිරීම තමයි වඩාත්ම වැදගත් වන්නේ.

:       30       5

RoshanTuesday, 01 May 2018 04:45 AM

" ශ්‍රීලනිපය ආදා ඉදන්ම පිස්සු නැටුවා. ජනතාවගේ මුදල් කාබාසිනියා කරමින් විකාර කතා කියමින් කාලය ගෙවා දැම්මා" "යුඑන්පීයේද සමහර වැරදි අඩුපාඩු නොතිබුනාද නොවෙයි." ලංකාවේ ලොකුම මංකොල්ලය, මහ බැංකු මංකොල්ලය අමතක් කළා නම් මේ විග්‍රහය හරිම රසවත් වෙන්න තිබුන.

:       10       16

Samathasena A . AluthgamaTuesday, 01 May 2018 07:29 AM

රොෂාන් මහතා එය සම්පූර්ණ කළා. දැන් හරි !!!

:       0       0

Pohottu Bamunaa.Tuesday, 01 May 2018 10:00 AM

ඉතින් අනුන්ගේ ඒවාට පැනලා අදහස් දාලා,ලයික් ටිකත් අරගෙන ප්‍රශ්නය වෙනත් අතකට හරවන්නේ නැතිව, තනියෙන් හොඳ විග්‍රහයක් කරන්න තිබුනනේ රොහාන්ට. කොහෙද කොපි කරලා පුරුදු මිනිස්සු කොහොමද තනියෙන් නිර්මාණ කරන්නේ. අනුන්ගේ පිහිටෙන් ඒ අයගේ එකක එල්ලිලා ඒ කෙනාවද කපාගෙන බක පණ්ඩිතයෙකු වෙන එක හරිම ලේසියිනේ. එහෙම නේද ?

:       0       0

anura Tuesday, 01 May 2018 08:41 AM

නියමයි. නීත්‍යානුකූල අඹුව ටිකක් රොස් පරොස් වන නිසා දැන් හොර අඹුව බලනවා ඇවිත් ගෙදර පදිංචි වෙන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 146 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 678 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site