(චන්දන ප්‍රනාන්දු)
සියලුම ජන කොටස්වල අයිතීන් ආරක්ෂා කරන බව කියමින් බලයට පැමිණි වත්මන් ආණ්ඩුව දැන් වැඩ කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය වල පල්ලට යවමින් බව ආර්ථික සංවර්ධන හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පැවසීය. රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ වෙන්නප්පුව ආසනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජික ප්‍රවර්ධන වැටසටහනකට එක් වෙමිනි.
‘මැතිවරණ කලට වේලාවට තැබීමත් ප්‍රජාතන්ත්‍රවාදයේ හොඳ අංගයක්. නමුත් මේ ආණ්ඩුව දවසින් දවස ඡන්ද කල් දමනවා. මෙහෙම පුළුවන්ද ප්‍රජාතන්ත්‍රවාදය රකින්න? අපි මේවට එරෙහි වෙන්න ඕනෑ.
අපට පක්ෂයක් තිබුණා. නමුත් අද ඒ පක්ෂය බෙලහීන වෙලා. ඒ නිසා තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පෙරට එන්නේ. ‘ යයිද බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ඒකට අපි, නේද? කිව්වොත් කෙරුව. විධායක ජනාධිපති ක්‍රමේ අහෝසි කරනවා කිව්වා, කිව්වා වගේම කෙරුව. නැද්ද මං කියන්නේ?
හැම ආණ්ඩුවක්ම ඕක තමයි කරේ. ඇයි මතක නැද්ද හාල් සේරු දෙක, ඇට වර්ග අටක් සහ රැකියා දශ ලක්ෂය?
ඔබතුමා ගොඩක් දේවල් කරා නෙව
මෙතුමන්ලට දඩුවම් කරනවා කීවට තවම කලේ නැහැ .ළඟදීම ඒක කරාවි.
මේගොල්ලෝ කරපු දේවල් දැන් තමයි එලි වෙන්නේ. අනේ මෙහෙම කතා.
සහතික ඇත්ත කෝ හොරුන්ට දඩුවම්