අජන්ත කුමාර අගලකඩ
ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් වන විශ්වාසභංග යෝජනාවට මුහුණ දීමට නම්, ආණ්ඩුව තුළත් පක්ෂ තුළත් ප්‍රතිසංස්කරණ සිද්ධිය යුතු බව මහනගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා අද (20) පැවති කැබිනට් රැස්වීමේ දී ප්‍රකාශ කර ඇත.
එසේ නොවන්නේ නම් ආණ්ඩුවේ සමහර මැති ඇමැතිවරුන් ද තනි තීන්දු තීරණ ගැනීමට ඉඩ ඇති බව ඇමැතිවරයා ප්‍රකාශ කර ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.
එබැවින් ආණ්ඩුව හා පක්ෂ තුළ කඩිනමින් ප්‍රතිසංස්කරණ සිද්ධිය යුතු යැයි ද ඇමැතිවරයා ප්‍රකාශ කර ඇත.
ආණ්ඩුවේ ඉදිරි ගමන් මග කෙසේ විය යුතු ද යන්න සම්බන්ධයෙන් කරුණු 45 කින් යුත් යෝජනාවලියක් මහනගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා විසින් කැබ්නට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබ ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැලුවම මේයත් හෙන කතාකාරයා නේද ?
ඇමෙරිකාව වෙනුවෙන් මේ රට විනාශ කිරීමේ කොන්ත්‍රාත්තුව කරන්නේ රණවක නම් වූ පුද්ගලයා බව ජනතාව දැනගත යුතුය. මේ රටට මොහු කරන විනාශයට ඩොලර්වලින් සන්තෝසම් ලබාගනී. එ්නිසා මොහු යම් දෙයක් කියයිද? කරයිද? එය පිටුපස ඇත්තේ විනාශයකි.