IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


අවසන් සටනේදී මිය ගිය සාමාන්‍ය වැසියන් සැමරෙයි

(රොමේෂ් මධුෂංඛ මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල් සිට)


අවසන් යුද්දයේදී මිය ගිය සාමාන්‍ය වැසියන්ගේ 09 වන වසර සමරා  අද (18)  මුලිත්ව් වෙල්ලමුල්ලි වයික්කාල් නැගෙනහිර ප්‍රදේශයේදී උතුරු මහ ඇමති සී.වී.විග්නේස්වරන් මහතාගේ මෙන්ම සාමාන්‍ය වැසියන් 5000 කට ආසන්න පිරිසකගේ සහභාගීත්වයෙන් සැමරුම් උත්සවයක් පැවත්වුණි.


මීට වසර 09 කට පෙර පැවති යුද්දයේදී මිය ගිය මහවිරු පවුල් හා සාමාන්‍ය වැසියන් වෙනුවෙන් වෙල්ලමුල්ලි වයික්කාල් නැගෙනහිර පිහිටි මිය ගිය සාමාන්‍ය වැසියන්ගේ සැමරුම් ස්මාර්කය අසලදී මෙම සැමරුම් උත්සවය පැවති අතර එහිදී උතුරු මහ ඇමති හා අවසන් යුද්දයේදී සිය මව,පියා,සහ සහෝදරයින් තිදෙනෙකු අහිමි වූ දැරියක් විසින් මුල්ලි වයික්කාල් යුද සැමරුම් ස්මාර්කයේ ප්‍රධාන පහන දැල්වීමට පියවර ගත්තේය.


පසුගිය වසරේදී  (2017) දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා ඇතුලු දෙමළ ජාතික සන්ධානයේ සෙසු පක්ෂ නායකයින්ගේ ප්‍රධානත්වයෙන් පැවත්වුණද මෙවර කිසිදු දේශපාලන නායකයෙකු ප්‍රධාන නොකළ අතර උතුරු මහඇමති ප්‍රධාන වූවේද දේශපාලන නායකයෙකු වශයෙන් නොව උතුරු පළාත් සභාවේ සංවිධානත්වයෙන් සිදු වූ නිසාවෙනි, ඊට හැරෙන්නට වෙනත් කිසිදු දේශපාලන පක්ෂ නායකයෙකුට මෙවර මුල්ලි වයික්කාල් යුද සැමරුම වෙනුවෙන් ප්‍රධානත්වය දරන්නට අවස්ථාවක් නොදී සිටියහ. 


පෙර පැවති යුද සැමරුම් උත්සවයන්ට වඩා මෙවර වෙනස් වූවේ යාපනය විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමයේදී පූර්ණ සහයෝගය ලැබීම හේතුවෙන් මුල්ලි වයික්කාල් සැමරුම දේශපාලනීකරණය වීමට විශ්වවිද්‍යාල සිසුන් විරෝධය පෑමත් සමඟ  ඇති විය හැකි විරෝධතාවන් හේතුවෙන් දේශපාලන අධිකාරිය මෙම සැමරුමෙන් ඉවත් වීමට පියවර ගෙන ඇති බවට මුල්ලි වයික්කාල් වැසියන් කියා සිටියහ.


මෙහිදී උත්සව අවස්ථාවට  සහභාගී වූ සියලුම දෙනා අවසන් යුද්දයේදී මිය ගිය අය වෙනුවෙන් විනාඩි 3ක නිශ්ශබ්දතාවයක් පවත්වා මල් පූජා  කර  භූමියට රැස්ව සිටි සියලු දෙනා පහන් දල්වා මිය ගිය අයට සෙත් ශාන්ති පැමිණවීම කළේය.


උත්සව අවස්ථාවට සහභාගී වූ උතුරු මහඇමති විසින් රැස්ව සිටි පිරිස් ඇමතු අතර උතුරු මහඇමති විසින් මිය ගිය වැසියන් වෙනුවෙන් ශෝක පණිවිඩය ප්‍රකාශයට පත් කළේය.

 



අදහස් (11)

අවසන් සටනේදී මිය ගිය සාමාන්‍ය වැසියන් සැමරෙයි

බද්රානි Friday, 18 May 2018 08:13 AM

අපිට පෙනෙන හැටියට නම් පන්දාහක් තියා පන්සියයක් වත් මෙතන නැහැ.

:       1       43

Soma dubayi Friday, 18 May 2018 08:55 AM

අපේ සුබ පැතුම්... අවසන් සටනේදී මරාදැමූ අහිංසක ජනතාව සිහි කිරීමට අපිත් එක්වෙනවා. සංහිඳියාව ඇති කළේ යහපාලන රජයයි.

:       310       215

RNG Friday, 18 May 2018 09:34 AM

අවසන් සටනේදි මිය ගියේ ඔය අහිංසක ජනතාව විතරද..?ඔය වගේ අයට අවසන් සටනේදි මිය ගිය රණවිරුවන් සමරන්න නම් මතක් වෙන එකක් නෑ..

:       1       67

RNG Friday, 18 May 2018 12:55 PM

සංහිඳියාවේ තරම පෙනුණේ නැද්ද? පහුගිය දවස්වල මහනුවර...

:       0       43

Bamunuarachchi Friday, 18 May 2018 09:21 AM

මේ ගොල්ලෝ මේ අපිව ගොනාට අන්දන්න හදනවා. අපේ ගොයියන්ටත් දැන් මේ ගොල්ලෝ අහිංසක මිනිස්සු ලෙසටයි පෙනෙන්නේ...

:       1       42

rohana kumara mendis Friday, 18 May 2018 09:25 AM

ලොරි වල බස් වල සෙනග පටෝගෙන ඇවිල්ලා වැඩක් නැහැ ලෝකෙට පෙන්න ................ නැති උන දරුවෙක් ගැන කැක්කුම ඒ දෙමාපියන්ට .ඔතන ඉන්නේ මිය ගිය අයගේ පවුලේ අය.එන්න බැරි අයත් ඇති............

:       0       3

kalani Friday, 18 May 2018 09:30 AM

ජීවිතයක වටිනාකම ජාතියක්, කුලයක් වැනි පටු බෙදීම්වලින් තීරණය කල නොහැක.හෙළයන් වේවා, දමිළයන් වේවා දිවිදුන් සැම මේ බිමට අවශ්‍ය මොහොතක 30 වසරක කුරිරු යුද්ධය විසින් බිලිගත් බව සිහි කරමින් ඔවුන්ට ගෞරව කලයුතුයි......

:       10       56

හිරාන් Friday, 18 May 2018 09:41 AM

පාසල් සිසුන් මේ සැමරුමට යොදා ගැනීම ගැන අපේ මහ උදවිය සොයා බැලුවොත් හොඳයි. (අන්තිමට කියයිද දන්නේ නැහැ.. මේක ජාතික සැමරුමක් කියලා. අපේ දොස්තර) අනික 5000ක් නම් පේන්න නැහැ 500ක් විතර ඉන්න ඇති..

:       6       21

sumith Friday, 18 May 2018 10:01 AM

ඕකට වග කියන්න ඕනේ මිනීමරු ප්‍රභාකරන්, එතකොට ඔය මිනීමරුවා සිරිමහ බෝධීන් වහන්සේ වඳින අහිංසක මිනිස්සු මැරුවේ නැද්ද?

:       0       57

eranga Friday, 18 May 2018 10:26 AM

සාමාන්‍ය වැසියන්ද? අදම සමරන්න ඕනෑද? පව්!! අපි මාර ගොන්නුනේ මේවා තේරුම් ගන්න බැරි. කොන්ද පණ තියනවා නම් මේවා තහනම් කළයුතුයි.

:       16       24

ඉන්දි Friday, 18 May 2018 10:35 AM

එහෙම නම් මිනීමරු ත්‍රස්ත කණ්ඩායම්වල බෝම්බ වලට ලක්වූ දකුණේ වැසියන් අපි සමරන්න ඕනෑ..

:       0       40

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 98 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 246 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 595 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site