විනීතා එම් ගමගේ
ත‍්‍රිරෝද රථවල මගී ප‍්‍රවාහනය සඳහා අවුරුදු 35 ට වැඩි හා අවුරුදු 70 ට අඩු පුද්ගලයින්ට පමණක් අවසර ලබා දීමට ප‍්‍රවාහන අමාත්‍යංශය තීරණය කර ඇත.
අදාළ තැනැත්තන් අවුරුදු 35 ට නොඅඩු සහ අවුරුදු 70 ට නොවැඩි විය යුතු බවත්, මෝටර් ට‍්‍රයිසිකල් ධාවනය සඳහා රියැදුරු බලපත‍්‍රය ලබා ගැනීමෙන් පසු අවම වශයෙන් වසර දෙකක කාල සීමාවක රිය පැදවීමේ පළපුරුද්දක් තිබිය යුතු බවත් මේ සම්බන්ධව ප‍්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති අංක 2081/44 දරණ අතිවිශේෂ ගැසට් පත‍්‍රයේ සඳහන් වේ.
සුදුසුකම් සම්පූර්ණ කර ඇති පුද්ගලයින් වෛද්‍ය සහතිකයක්, දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු ලෙස අදාළ තැනැත්තා ලියාපදිංචි වී නොමැති බවට තහවුරු කෙරෙන පොලිස් වාර්තාවක් සහ රුපියල් දෙදහසක ගාස්තුවක් සමඟ ත‍්‍රිරෝද රථවල මඟී ප‍්‍රවාහනය සඳහා අවුරුදු 35 ට වැඩි හා අවුරුදු 70 ට අඩු පුද්ගලයින්ට පමණක් අවසර ලබා දීමට ප‍්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර ඇත.
සුදුසුකම් සම්පූර්ණ කර ඇති පුද්ගලයින් වෛද්‍ය සහතිකයක්, දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු ලෙස අදාළ තැනැත්තා ලියාපදිංචි වී නොමැති බවට තහවුරු කෙරෙන පොලිස් වාර්තාවක් සහ රුපියල් දෙදහසක ගාස්තුවක් සමඟ මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මඟින් ප‍්‍රවාහනය සඳහා අදාළ ත‍්‍රිරෝද රථයට අවසර ලබා දෙන විශේෂ පිටසන මෝටර් රථ ප‍්‍රවාහන කොමසාරිස්වරයා විසින් නිකුත් කරනු ලබන බව ද එම ගැසට් පත‍්‍රයේ සඳහන් වේ.
මෙම විශේෂ පිටසන නොමැතිව ත‍්‍රිරෝද රථවල මගී ප‍්‍රවාහනය තහනම් වන බව ද මෙම ගැසට් නිවේදනයේ සඳහන් වන නමුත් නව නීතිය කවදා සිට ක‍්‍රියාත්මක වන්නේ දැයි එහි සඳහන් ව නැත.
COMMENTS
වැඩි පිරිසක් අපගේ මෙම අදහස්වලට එකඟ නොවෙනු ඇත. නමුත් මෙය හොඳ තීරණයක්ය. එමෙන්ම මෙය කඩිනමින් ක්‍රියාත්මක කළයුතුය. ඇත්තෙන්ම මෙම තීරණය ගතයුතුව තිබුනේ දශක දෙක තුනකටවත් පෙර නමුත් පමාවෙලා හෝ මෙසේ තීරණය කිරීම අගය කළයුතුය. අප විශ්වාස කරනවා මෙමගින් අඩුතරමින් තරුණ ශ්‍රමය රටේ දියුණුව වෙනුවෙන් වඩාත් ඵලදායි ලෙස යෙදවිය හැකිබවට....
යෝජනාව නම් හොඳයි. නමුත් මොනවටද 2000ක් අයකරන්නේ? මේ ආණ්ඩුව කොහෙන් හරි ජනතාවගෙන් අයකර ගන්න තමයි බලන්නේ. කොච්චර අය හිටියත් මහජනතාවට වැඩක් වෙන්නේ නැහැ.
පාර්ලිමේන්තුවට චන්දෙ ඉල්ලනකොටත් මේ සුදුසුකම් ටිකම ඉල්ලුවා නම් හොඳ නැද්ද? දැනට ත්‍රිරෝද රථ පදවන්න බලපත්‍ර තිබෙන පුද්ගලයින්ට සහ ත්‍රිරෝද රථ මිලදීගෙන ඇති පුද්ගලයන්ට මේකෙන් අසාධාරණයක් වෙන්නේ නැද්ද? වයස් අවරුදු 18- 35 අතරේ විශාල ප්‍රමාණයක් තරුණයන් තම ජීවිත වෘත්තිය සඳහා ත්‍රිරෝද රථ භාවිතා කරන බව මේ මිනිස්සු දන්නේ නැද්ද? මෙහෙම කලොත් ලබනපාර ඡන්දෙ නම් ලැබේවි...
අවුරුදු 35 වැඩියි. ඒක 30ට වත් අඩුකරන්න ඕනෑ.
කොහොමද මේ ගැහිල්ල..? වෙනස සැපයි නේද ..?
ආණ්ඩුව කලින් කලට මේවගේ කතා ගේනවා. අර හැම ත්‍රීවීලර් රථයකම මීටර් හයි කරනවා කිව්වා වගේ. ඔය ත්‍රීවීලර් සංස්කෘතිය තමයි රටේ ප්‍රාදේශිය දේශපාලනය මෙහෙයවන්නේ. ඒක ආණ්ඩුව දන්නවා. අද අතුරු පාරවල ධාවනය වන රථ රියදුරන් වැඩි හරියකට ලයිෂන් නෑ. අපට කියන්න තියෙන්නේ පුලුවන්නම් කරලා පෙන්නන්න කියලා. එතකොට අප විශ්වාස කරන්නම්.
ඉතා හොඳ තීරණයක්, ආපස්සට හරවන්න එපා. බහුතරය මේකට කැමතියි.
දැන් එතකොට මේ රටේ ඉන්න වයස 35 ට අඩු සමහර තරුණ මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද ? එහෙමනම් වයස තිස් පහට අඩු හැත්තෑවට වැඩි දේශපාලකයෝ ඉස්සෙල්ලම ගෙදර යන්න ඕන. මම දන්නා තරුණයෙක් උසස් අධ්‍යාපනය ලබන ගමන් ත්‍රී රෝද රථයක් එලවා ඔහුගේ පවුලේ උදවිය රකිනවා. මේක පුදුම නීතියක්.
යෝජනාව හොදයි නමුත් එය ක්‍රියාත්මක කරන ආකාරය නම් වැරදියි. දැනට ත්‍රිරෝද රථ පදවන වයස අවුරුදු 35 ට අඩු තරුණයන්ට මෙයින් විශාල අසාධාරණයක් වන අතර දැනට එම වෘත්තියේ යෙදෙන තරුණයන්ව ත්‍රි රෝද රථ රියදුරන් ලෙස ලියාපදිංචිකර ඉන් පසුව ලියාපදිංචි විමෙදි අදාල වයස් සිමාව සලකා බැලීම කල යුතුව තිබුණා.
රුපියල් 5000 අපි ගෙවන්නම් ත්‍රීවීලර් පාරෙන් ඉවත් කොරනවානම්.
ත්‍රී වීල් එලවන අය නැති බැරි මිනිස්සු, ඕක ආසාවකට කරන දෙයක් නෙමේ. තරුණ අයට රැකියා නැති නිසානේ ඔය කටයුත්ත කරන්නේ. ඔවැනි නීති ක්‍රමවේදයක් ඇතිව කල යුතුයි. කලබල වෙන්නේනේ නැතිව. ලබන ඡන්දෙදි දැන් ඉන්න ආණ්ඩුව පරදින්න කර ගත්ත වැඩක්.
ඉතාමත් හොඳ අදහසක්. නමුත් 35 වයස් සීමාව තරමක් හොඳ මඳි. මෙය ආකාරයෙන්ම රජයේ අනික් තනතුරු සඳහාද අවම සුදුසුකම් යොදන්න පුලවන් නම් ඉතාමත් හොඳයි. උදාහරණයක් වශයෙන් ගතහොත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අඩුම වශයෙන් උපාධියක්වත් අවශ්‍ය කරන්න ඕන. එය වගේම වයස් සීමාවක් යෙදවීමත් ඉතාමත් අවශයි.
විශිෂ්ට තීරණයක්. මෙය කල යුතුව තිබුනේ ලංකාවට හඳුන්වා දෙනකොට, එහෙම නැතිනම් අඩුම තරමේ දශක 2 කට කලින්. එහෙම නම් මෙතරම් අපරාධ වලට මේ වාහන යොදා ගන්නේ නෑ. රටේ මේතරම පුහුණු ශ්‍රමිකයන් හිඟයක් ඇතිවෙන්නෙත් නෑ.
ඉතා හොඳ තීරණයක්. සාමාන්‍ය හෝ උසස් පෙලට වාඩි වෙලා බොහේ කොල්ලන් කරන්නෙ ත්‍රීවීලර් එකක් පාරට දාන්නෙ කොහොමද කියලා බලන එක. කාර්මික වැඩ පුහුණු ගැන හිතන්නෙවත් නැහැ. අද රටේ පුහුණු කාර්මිකයන් හිඟයි. අද ඉන්දියානුවන්ට මෙහෙ වැඩ කරන්න අවස්ථාව එන්නෙ මේ නිසයි..
තීරණය ඉතාම හොදයි.වර්තමානයේ සාමාන්‍ය පෙළ අසමත්වූ බොහෝ දෙනෙක් හිතවතෙකුගේ ත්‍රීවිලයක් ඉල්ලාගෙන පදවන්න ඉගෙන ගන්නවා. රියදුරු පාසලකින් දෙන උත්තර කමිස වාටියේ ලියාගෙන ගොස් විභාගය සමත්කර ගන්නවා. මාර්ග නීති නිසිවක් දන්නේ නැහැ. මෙනිසා රටේ සංවර්ධනයට යෙදියහැකි විශාල ශ්‍රමයක් අපතේ යනවා.රට එන්න එන්නම ප්‍රපාත යට යනවා.
හොඳම දේ තමා ඉස්සර තිබුනා වගේ විශේෂ වර්ණයන්ගෙන් කළු හා කහ සලකුණකින් පොදු මගී ප්‍රවාහන සඳහා අනුමත රථ අලේප කිරීම. වැඩි දුර ප්‍රමානයකදී අනුමත රථ මගියාට මෙන්ම පරික්ෂා කරන නිලධාරීන්ටද හඳුනාගත හැකිවීම මගින් අනවශ්‍ය රථ වහාන තදබදයද අඩුවිය හැකිය.
මේ අදහස් දාන මහත්වරු හන්දියක් හන්දියක් ගානේ පාරවල් අවහිර කරගෙන මුළු දවසේම වාගේ ඔහේ කයිවාරු ගහගෙන ඉන්න ත්‍රි රෝද නොදැක්කේද? දිනකට රටේ වන අපරාද මංකොල්ලකෑම් ස්ත්‍රී දුෂණ ආදී සියල්ලටම 75% ත්‍රි රෝද රථයක් ගෑවී ඇති බව නොදන්නේද? හදිසි අනතුරු මරණ බහුතරය ත්‍රි රෝද රථ නේද? රථ වාහන නීති රීති අකුරටම රකින හීනෙන් මේ ඇතිවී ඇති ත්‍රි රෝද උප සංකෘතිය තරුණ ශ්‍රමය නිකරුනේ දියකර හරින බව නොදැක්කේද? රටට විධිමත් රෝද හතරේ කුලී රථ හඳුන්වා දී ත්‍රිරෝද සම්පුර්ණයෙන්ම තහනම් කිරීම ඇරුණුකොට වෙනත් පිලියමක් නැත
පොදු මහජනතාවගේ ආරක්ෂාව සහ වඩාත් විනීත සේවයක් සඳහා රජය ගත් මෙම තීරණය අගය කරමි. ඡන්ද බලාගෙන තීරණ ගැනීම රජයකට කල නොහැකිය. ජව සම්පන්න තරුණ වයස ත්‍රිවිල්වල ගෙවා දැමීම සැබවින්ම නොකල යුත්තකි. එසේම තරුණයින්ට රැකියා ලබා දීමේ වැඩ පිළිවෙලක් මේ සමගම ආරම්භ කළ යුතුය.
අනේ මේ සමහර පොඩි කොල්ලෝ වගේ අය මගීන් පටවාගෙන අරහෙන් මෙහෙන් වෙට්ටු දාගෙන කඟවේන්නු වගේ පාරේ කිසිම නීතියක් විනයක් නැතිව යන එක නම් පාලනය කරන්නම ඕනි.
මේ නිතිය හොඳයි. ඒ වගේම වගේම පුලුවන්නම් රජයනුත් ත්‍රීවීල් රථ ධාවනයට යෙදුවනම් හරි නගරබද ප්‍රදේශවලට. මොකද මේ බහුතරයක් ත්‍රී වීල් රියදුරන් කරන්නේ මගීන්ව සුරගෙන කන එක තමයි, නොදන්නා පළාතකට ගිහින් ත්‍රීවීල් එකක අවම දුරක් යන්න ගාන ඇහුවත් කියන්නේ 100,200 වගේ ගණන්
ද සිල්වා මහතා වෙත, ඡන්දෙ බලාගෙන වැඩකරලා තමයි මේ රට නැති වුණේ. නිකන් කන්න බලන් ඉන්න පිරිසක් බිහිවුණේ. කරුණාකරලා දැන්වත් ඒ තත්වෙන් මිදෙන්න. හොඳ දෙයක් කවුරු කළත් කුහක නොවී හොඳයි කියන්න. ඡන්ද නෙවෙයි රටේ අනිගතය බලලා තීරණ ගන්න.
තීරණය ගැන සතුටුවෙනවා වගේම අවුරුදු 35 ට අඩු තරුණයන්ට අවශ්‍ය පුහුණු පාඨමාලා ආරම්භ කර ඔවුන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමට කටයුතු කලොත් මෙම තීරණයේ ප්‍රතිඵල සතුටුදායක වෙනවා. ඡන්ද බලාගෙන තීන්දු තීරණ ගැනීමෙන් වැලකි රටට අවශ්‍ය තීන්දු තීරණ ගැනීම තමයි ජනතාවගේ බලාපොරොත්තුව. අද වෙනකොට රටේ බොහෝ තරුණයන් වයස 18 සම්පුර්ණ වෙච්ච ගමන් ත්‍රීවීල් පදින්න ලයිසන් අරගෙන දවසේ ගානක් හොයන්න උත්සාහ කිරීම තුළින් රටට අවශ්‍ය තරුණ ව්‍යවසායකත්වය අඩුවෙමින් පැවතීම රටට විශාල පාඩුවක්. වරද තරුණයන්ගේ නොවේ ජීවත්වීම සඳහා ආර්ථික ප්‍රශ්නවලට මුහුණදීම ඔවුන්ගේ මුලික ඉලක්කය වී ඇත.
කලබල වෙන්න දෙයක් නැහැ. ජනාධිපතිතුමා ඔය නීතිය ක්‍රියාත්මක වෙන්න දෙන්නේ නැහැ.
කොට බඩාගේ පිස්සු වැඩ, ඔය දුම්රිය වර්ජනය විසදන්නකෝ
මේ නිසා රැකියාව සහ ජීවත්වෙන්න තිබෙන එකම මාර්ගය (සමහරුන්ට) නැතිවුනාම ඒ ගැන ගන්න පුළුවන් පියවරත් හිතලද තියෙන්නේ? නැත්නම් මේ තරුණ වයසේ අයව කුඩු සහ පාතාලයට එක්වෙලා ඉවර වෙන්නම පුළුවනි. එය මුළු මහත් සමාජයටම බලපාවි. අනිත් කරුණ තමයි අයින් කරන සංඛ්‍යාවට හරියන්න අලුතෙන් රියැදුරන් ප්‍රමාණයක් ඉන්නවාද? කියන එක...
හොඳ තීරණයක්... ලංකාවට විදේශිකයින් ගෙනැල්ලා වැඩ ගන්නවා කියල කෑ ගහනවා. අපේ මිනිස්සු හන්දියක් ගානේ උඩ බලාගෙන ඉන්නවා. රජයක් විදියට කාර්මික අංශයට සහ කෘෂිකර්මාන්තයට පාසල් හැරගිය අයව පුරුදුකරන වැඩ සටහනක් කරන්න අවශ්‍යයි. අසාධාරණයක් කරන්න එපා.. දවල් රස්සාවල් කරලා රෑට සහ සති අන්තයට අමතර අාදායමක් ලබන්නද මේ වෘත්තීය කරන අයට...
ගම්වල දුප්පත් මිනිස්සු දසඅතේ ණයවෙලා ගත්ත ත්‍රීවීලරයෙන් උපරිම යන්න පුළුවන් මගීන් තිදෙනාටයි. ඒ තුන්දෙනාගේ ආරක්ෂාවට රියැදුරාගේ පොලිස් අපරාද වාර්තාව ඉල්ලනවා. ඒක හොඳයි. ඒත් ඇයි දෙකෝටියක් මගීන්ගේ ආරක්ෂාවට පාර්ලිමේන්තුවේ 225 ගැන මැතිවරණවලදී පොලිස් අපරාද වාර්තා කඩවෙන්නේ නැත්තේ ජීවිත 3ගැන හිතනව වගේම ඊට වඩා වටිනවා නේද ජීවිත කෝටි 2ක්... පුළුවන්නම් හදමු බලන්න ඇමැතිතුමෝ ඒ නීතියත්...
මෙය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනයක්.. යම් කණ්ඩායමකට විශේෂ කර සැලකීමේ හැකියාවක් නැහැ. අනෙක මේක කළොත් දරු පවුල් දහස් ගණනක් පාරට වැටෙනවා. වයස සහ අනතුරු අතර සම්බන්ධයක් නැහැ. දැඩි නීති මගී ප්‍රවාහන ත්‍රිරෝද රථවලට දැමීම හොඳ දෙයක් වුනත් ප්‍රායෝගික විය යුතුයි. හදිසියකට ගමේ මනුස්සයෙක් ඉස්පිරිතාලෙකට අරන් යන්නවත් බැරිවෙන වෙඩක් මේක... තරුණයන් ත්‍රිරෝද රථ රැකියාවට යොමුවීම නරක දෙයක් නොවෙයි.. පාලනය කිරීම වැදගත්... අනෙක මිනිස්සු තමාට කැමති රස්සාවක් කරන්න අය්තියක් තියෙනවා. විදේශවලින් මිනිස්සු ගේන්න වෙලා තියෙන්නේ.. අපේ කම්කරු නීති වලින් හොඳ ආරක්ෂාවක් සේවකයන්ට නොලැබෙන නිසා මිනිස්සු ආයතනවල වැද කරන්න කැමැති නැහැ.. උදාහරණයක් විදියට පරිවාස සේවකයෙක් හේතු නොදක්වා සේවයෙන් ඉවත් කළ හැකියි අවුරුදු 3කින්...
ඕකත් අර ඇස්බැස්ටෝස්, වල්නාශක, පොලිතින් තහනම සහ එල්ලුම් ගස ගෙන ඒම, ත්‍රීවීල් වලට මීටර සවිකිරීම වගේ නිකන්ම කුණුකූඩේට විසිවේවි!!! රටකට දියුණුවෙන්න නම් හරි තීරණ අරන් කෙලින් වැඩකරන නායකයන් අවශ්‍යයි. මේ කාලයේදී අපිට එහෙම කෙනෙක් පහළ වී නොමැත.
ඉතා හොඳ අදහසක්. මිනිස් ජීවිතවලට වටිනාකමක් ලැබෙනා යෝජනාවක්. මගී ආරක්ෂාව තහවුරු වෙනවා. ඉස්කෝලේ ගිහින් ඉවර වුණු ගමන් වීල් එකක් දුවන්න ඉන්න අයට හොඳ පාඩමක්. හොඳ වෘත්තීය පුහුණු වැඩපිළිවෙලකට මේ අය යොමු කරන්න. රෝද තුන උඩ ගෙවෙන තරුණ ජීවිත රටට වැඩදායක වෘත්තිකයන් බවට පත් කරන්න. අගය කරනවා.
පැති දෙකක් තිබේ. මේ දෙයින් රැකියාව අහිමිවන අයට විසඳුමක් තිබිය යුතුවේ. නැති නම් රටේ තවත් හොරමැරකම් වර්ධනය විය හැක. පොදු ප්‍රවාහන සේවාවන් නිසි ලෙස ක්‍රියාත්මක නොවීමත් ත්‍රීවිල් බහුල වීමට හේතුවක්. පොදු ප්‍රවාහන සේවයට ගන්න අයටත් මේ වගේ සිස්ටම් එකක් ඕනෑ. දේශපාලකයින්ට කඩේ ගිය නූගත් අයට පොදු ප්‍රවාහන සේවාවල රැකියා ලබා දීලා. උගත් මිනිහට ත්‍රීවිල් කට්ටක් දුවන්න වෙලා. රජයේ ආයතන වල නිසි කළමණාකරණයක් ස්ථාපිත කල යුතුයි. නිකන් කල් මරණ එක තමයි බොහෝ රජයේ ආයතන වල සිදුවන්නේ. ඒ වගේම රටේ ආයෝජන ඉහල නැංවීම ඉතාම අත්‍යාවශ්‍ය කාරණයක්. මේ පනත තුලින් රැකියා අහිමි වන සහ අනෙකුත් රැකියා විරහිත තරුණයන් හට එමගින් රැකියා අවස්ථා ලැබෙනවා. සිංගප්පූරුව, මැලේසියාව වගේ රටවල් ඉලෙක්ට්‍රෝනික පරිපථ සහ උපාංග සාදා අපනයනය කිරීමෙන් විශාල අදායමක් උපයනවා. ලංකාව තවමත් යැපෙන්නේ ඇඟලුම් සහ තේ, රබර් මතයි. බහු ජාතික සමාගම් වලට රටේ ආයෝජනයට සුදුසු පරිසරක් ලබා දීම තුලින් ආසියානු සමාගම් පවා ලංකාවේ ආයෝජනයට ආකර්ෂණය කර ගත හැකියි. මෙය ඉන්දියාවට හෝ චීනයට රට විකිණීම වැනි දෙයක් නොවේ..
අනේ මේ විදියටම බලල මන්ත්‍රීකම් දෙන්න පටන් ගත්තා නම්?
මේවගේ තීරණ ආවට ගියාට ගන්න බෑ. සමාන්‍ය පෙල අසමත් සහ උසස් පෙල අසමත් දරුවන්ට රැකියා අවස්ථා ලබාදිය යුතුයි. අද තරුණ පිරිසට තියන එකම විසඳුම නුපුහුණු ශ්‍රමිකයන් හැටියට විදේශ ගතවෙන එක විතරයි. අඩුම තරමින් වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන දිස්ත්‍රික් මට්ටමින් හෝ අැතිකළ යුතුයි. පුහුණුවක යෙදෙන ගමන් ඔවුන්ට වැටුපක් ලැබෙන වැඩපිළිවෙලක් සකස් කළයුතු අතර ලෝකයේ ඇති ශ්‍රම අවශ්‍යතාවන්ට වෘත්තීය ශ්‍රමිකයින් සැපයීමේ ක්‍රියා පිලිවෙළක් හෝ රටේ නිෂ්පාදන ක්‍රියාවලි ඉහළ නංවා ඔවුන්ට රැකියා ලබාදිය යුතුයි. නැතිනම් මෙවන් අදූරදර්ශී තීරණ නිසා තරුණ අසහනය වැඩිවීමෙන් නොයෙකුත් ප්‍රචණ්ඩකාරී ක්‍රියා ඉහළයාම වැළැක්විය නොහැකි වේවි...!!!
ජනතාවගෙන් කීයකීය හරි කඩාගෙන දියවන්නාවේ අම්බරුවන්ට කන්න දෙමු.
එහෙමනම් තරුණයන්ට වගා කරන්න ඉඩම් අක්කරයක්වත් දිය යුතයි.මේ තරුණයෝ අපරාධ වලට යොමු කරන වැඩක් මේ ක්‍රියාත්මක කරන්න යන්නේ. ත්‍රීවීල් එකක් හරි කුලියට දුවන්නේ කීයක් හරි හොයා ගන්නනේ. ආසාවට පාරේ වේලනවා නොවෙයි. බොහෝ පෞද්ගලික තැන්වල වැටුප සති දෙකට මදි. ලෝකේ බොහෝ රටවල පැයට අවම ගෙවීමක් නීතියෙන් පනවලා තියෙන්නේ සූරා කන නිසයි.
ගොවිතැන් කරන්න කැමති තරුණයෝ හමුවෙනවා. කෝ ඉඩම්? යුරෝපයට 80% පලතුරු අන්නාසි ,අඹ, මැන්ගුස්, කොස්, දෙල් , පොල් පලා වර්ග එන්නේ තායිලන්තෙන්. අපේ රටේ දේශගුණයට පහසුවෙන් වගා කල හැකිය ලිචි. තායිලන්තෙට කිතුල් නැතුව වෙන්න ඇති එකට නම් හොද ඉල්ලුමක් තියෙනවා
පාර්ලිමේන්තු ඡන්දෙට ඉදිරිපත් වීමේ සුදුසුකම් ලෙස අවූරුදු 35 -70, උසාවියකින් වරදකරුවකු නොවූ කෙනෙකු, අඩුම තරමෙන් අපොස සාපෙළ සමත් වුන කෙනෙකුත්, මානසික රෝගියකු නොවන බවට පිළිගත් මනෝ වෛද්‍යවරයකුගේ සහතිකයකුත් අනිවාර්ය කරන්න. මන්ත්‍රීලගේ සහ රජයේ ආයතනවල රියදුරන් ලෙස කටයුතු කරන පුද්ගලයන්ටත් මෙම සුදුසුකම් අනිවාර්ය කරන්න.
වජිර පොඩ්ඩක් හොයලා බලන්න කොතරම් වඩු මේසන් රැකියා වලට මිනිසුන් හිගකම. ඉන්දියන් චීන බංගලිදේශ ජාතිකයන් ලක්ෂ ගණනක් ලංකාවේ රැකියා කරනවා. ඉදිකිරීම් සමාගම් රැසක් වැඩ කරගන්න බැරුව රටින් මිනිසුන් ගෙනෙනවා. ඔක්කොමල බලන්නේ පුටුවක වාඩිවෙලා ඇග නොවෙහෙසා වැඩ කරන්න. එයට හේතුවකුත් තිබෙනවා. කය වෙහෙසා වැඩ කරන අය පහත් ලෙස සමාජය සැලකීම. මේක වහා වෙනස් කල යුතුයි. අපේ මිනිසුන් දැන් මිදුල අතුගෑම, උදැල්ලකින් කෙටිම පවා තත්වයට මදිකමක් ලෙස රගපෑම. මේවා වෙනස් කල යුතුයි. එය කල යුත්තේ පොඩි මිනිසුන් නොව ලොකු උදවිය. මම නිවාඩුවට ලංකාවට ඇවිත් උදලු ගානකොට ගේ ඉදිරිපිට මහා පාරේ කාණු සුද්ද කරන විට මගේ අම්මා කියනවා මිනිස්සු හිනාවෙයිලු. අම්මගේ වරදක් නොවෙයි සමාජයේ වරදක්. බොරු සෝබනය. මේවා වෙනස් කරන්නට කාලය ඇවිත්. පිරිමියා කය වෙහෙසීම පරිනාමනයේ සිට එන දෙයක්. දැන් ලංකාවේ පිරිමින්ගේ ඇග ගැහැණු ඇගට සමානයි. මාංශ පේශි නෑ. ජිම් ගිහින් පුම්බගත් අය විතරයි. අහෝ රටකට ගිය කලක්. පුටුවල රියදුරු අසුන්වල ඉගෙන ඉන්න විතරයි කැමති.
වජිර මහතාට ලියන්න. අනේ මගේ බිස්නස් එකට කොල්ලෝ 3 දෙනෙක් එවන්නකෝ 45000/-ක් පඩිය තියෙනවා.
රජයට කරන්න පුළුවන් හොඳම දෙය ඉදිරියට ත්‍රිරෝද රථ වලට රියදුරු බලපත්‍ර නිකුත් කරන කොට වයස් සිමාව 35 දක්වා ඉහල දමන්න. මේ ප්‍රශ්නය විසදීමට තිබෙන හොඳම විසදුම යුරෝපයේ රටවල නගර වල ක්‍රියාත්මක ටැක්සි ක්‍රමය. සෑම නගරයක්ම ටැක්සි වශයෙන් ධාවනය කරන්න සීමිත ත්‍රිරෝද රථ ප්‍රමාණයකට පමණක් අවසර දෙන්න ඒවාට ටැක්සි මීටර සවි කිරීම අනිවාර්ය කරන්න. ඒවාට නියමිත් කුලියක් රජයෙන් නියම කරන්න. ඒවාට විශේෂිත වර්ණයක් නියම කරන්න. ඒවා පැදවීමට රියදුරු බලපත්‍රයට අමතරව තවත් මගී ප්‍රවාහන බලපත්‍රයක් නිකුත් කරන්න. එම බලපත්‍රයට පළාතේ මාර්ග පිළිබඳව දැනීම අනිවාර්ය කරන්න. එතකොට රියදුරාගේ පොලිස් වාර්තාව වැනි දේ ඒවාට අවශ්‍ය සුදුසුකම් ලෙස දමන්න පුළුවන්. එම රියදුරන් නීතිවිරෝධී වැඩ වලට සම්බන්ධ වුනොත් පුළුවන් ඔවුන්ගේ ප්‍රවාහන බලපත්‍රය රියදුරු බලපත්‍රය නොවේ අත්හිටවන්න හෝ තහනම් කරන්න එතකොට රියදුරෝ අපචාර වැඩ වලට පෙලබෙන එක නතර වෙනවා
අන්තිමදී සිරිසේන ජනාධිපතිතුමා පත්තරෙන් මේක දැකලා වහාම අත්හිටවයි ඔය ගැසට් එක ... සිංහයා වගේ ...