(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
රජයට ගෙවිය යුතු බදු මුදල් අඩුවෙන් ගණනය කරදීම සඳහා සිල්ලර වෙළඳසලක ව්‍යාපාරිකයකුගෙන් රුපියල් 25,000/-ක අල්ලසක් ගත්තැයි වරදකරු වු හිටපු ආදායම් බදු නිලධාරියකුට වසර 16 ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඔහු අල්ලස් වශයෙන් ගත් මුදල දණ්ඩනයක් ලෙස අයකර ගැනීමටද නියම කළේය.
2011 සැප්තැම්බර් 30 වැනි දාත් ඔක්තෝබර් 6 වැනිදා ත් අතර කාලයේදී සිල්ලර වෙළඳසලක හිඟ පිරිවැටුම් බදු අඩුවෙන් අයකිරීම සඳහා එම සිල්ලර වෙළඳසලේ හිමිකරුගෙන් අල්ලසක් ගැනීම යන චෝදනා හතරක් යටතේ අල්ලස් කොමිසම විසින් විත්තිකරුට එරෙහිව නඩු පවරා තිබිණි.
ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගත් විනිසුරුවරයා විත්තිකරුට එක් චෝදනාවකට වසර 4 බැගින් චෝදනා හතරට වසර 16ක සිරදඬුවමක් නියම කොට එය වසර 4ක කාලයකින් ගෙවෙන ලෙස විත්තිකරුට එක් චෝදනාවකට රුපියල් 4,000/- බැගින් චෝදනා හතරට රුපියල් 16,000/- ක දඩයක්ද නියම කළේය.
COMMENTS
මේ පොඩි මිනිහෙක්නේ. මහා උදවිය මිලියන බිලියන ගණන්වලින් ගහනකොට මේ පොඩි එකෙක් රුපියල් 25000 ක් අරගෙන හිරෙටත් නියම වෙලා.
එක පැත්තකින් බැලුවම මෙහෙම වෙන්ඩ ඕන තමයි. එහෙම වුනත්, හිටපු දේශ පාලුවන්ගේ කෙලි උසාවියේ ඔප්පු වුනොත් ? කල්පාන්තය දක්වා සිර දඬුවම් ලැබිය යුතුයි නේද? කෙලවෙන්නේ පොඩ්ඩන්ට මයි. මිනිහ ගැන වෙරි සොරි!
ලංකාවේ අල්ලස් ගන්නේ නැති දේශපාලකයෙක් ඉන්නවනම් ඒක ගිනස් වාර්තා පොතට යනවා.