IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


අල්ලස් කොමිසමේ ප්‍රධානීන් යාපනයට

(සුජිත් හෙවාජුලිගේ)
 
අල්ලස්, දුෂණය මැඩ පැවැත්වීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව ජනතාවගේ අදහස් විමසීමට අල්ලස් හා දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා ඇතුළු එහි ප්‍රධානීහු යාපනය බලා යන දුම්රියට අද (29) ගොඩවුහ.
 
අල්ලස් කොමිෂමේ ප්‍රධානීන් මෙවැනි කටයුත්තකට මැදිහත් වු පළමු අවස්ථාව ද මෙය වේ.
 
අල්ලස් දුෂණ පිටු දැකීම සඳහා විශේෂ ක්‍රියකාරී සැලැස්මක් ජනතා අදහස් ගෙන සකස් කිරීමට තිරණය කර ඇති හෙයින් මෙලෙස සෑම ස්ථානයකටම පෞද්ගලිකව ගොස් ජනතා අදහස් ගැනීමට කටයුතු කරන බව අල්ලස් කොමිෂමේ කොමසාරිස් නෙවිල් ගුරුගේ මහතා පැවසීය.
 
මේ අතර අල්ලස්, දුෂණ මැඩ පැවැත්වීමට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව අල්ලස් කොමිෂමේ ප්‍රධානීන් අද යාපනය ජනතිවගේ අදහස් විමසු අතර හෙට (30) කිලිනොච්චියේ ජනතාවගේ අදහස් විමසීමට නියමිතය.  



අදහස් (2)

අල්ලස් කොමිසමේ ප්‍රධානීන් යාපනයට

kamal Saturday, 30 June 2018 12:26 AM

තවත් අදහස් විමසන්න කලින් පැමිණිලි කරපුවා විසඳන්න බලන්න. රටේ සල්ලි, මරුකතරේ දුක්විඳින ජනයාගේ සල්ලි වලින් වැජඹෙනවා අල්ලස් කොමිස් ගන්න උදවිය.... ඒක ඇස්පනාපිට පේනවා. නමුත් දඬුවමක් නැහැ.

:       0       186

V.warnakulasuriya Saturday, 30 June 2018 12:26 PM

දැන දැනත් හොරුන්වම නැවත නැවතත් බලයට පත් කරන ජනතාවගෙන් අදහස් විමසීම හරක් සොයා අදහස් විමසීමකට සමානය. පළමුව විනිසුරුවන් නඩුවිභාගවලින් ඉවත් වන්නේ කුමක් නිසාද යන්න සොයා බලන්නේ නම් වඩා වැදගත් නොවන්නේද?

:       0       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 426 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1029 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site