සුජිත් හේවාජුලිගේ
රජයේ ආයතන 7කට අලුතින් පත් කළ ප්‍රධානීන්ගේ ‘‘පැටිකිරිය‘‘ සොයා බැලීමට පාර්ලිමේන්තුව තීරණය කර ඇත.
පාර්ලිමේන්තුව මෙසේ කරුණු සොයා බැලීමට යන්නේ රුසියානු සමූහාණ්ඩුව සඳහා අලුතින් පත් කළ ශ්‍රි ලංකා තානාපති ආචාර්ය දයාන් ජයතිලක මහතා , ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතියින්ගේ සභාපති මහාචාර්ය දයා එදිරිසිංහ, රාජ්‍ය දැව සංස්ථාවේ සභහපති කේ.ඩබ්ලිව් ශාන්ත බණ්ඩාර , ජාතික පශූ සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති කේ.මුතුවිනයාගම් , ලංකා පුත්‍ර සංවර්ධන බැංකුවේ සභාපති ජේ.ටී.එස්.ටී කාරියවසම් , ශ්‍රි ලංකා ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ සභාපති නුවන් ප්‍රසන්න මාධව ආරච්චි හා ලංකා ධීවර සංස්ථාවේ සභාපති හේමාල් ගුණසේකර යන මහත්වරුන්ය.
මේ පත් කිරීම් සම්බන්ධයෙන් යම් විරෝධයක් ඇත්නම් ලබන 26 වැනිදාට පෙර ඒ විරෝධතා දැනුම් දෙන්නැයි පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාව මහජනතාවගන් විවෘත ඉල්ලීමක් කරයි.
COMMENTS
අනිකුත් ආයතන කෙසේ වෙතත්, තානාපති ලෙස කරන පත්වීම් තානාපති සේවා පළපුරුදු සහ නිසි පුහුණුවක් ලද නිලදාරීන් පමණක්ම පත් කරන්න. අපේ රටට කරන කෙනහිලිකම් නතර කරගැනීමේ ප්‍රථම පියවර එය විය යුතුවේ. දේශපාලන අන්තවාදීන්, වෙළෙන්දන්, නොයෙකුත් සමාජ දුෂිතයින්, තානාපතිවරු ලෙස පත්කර යැවීමෙන් රටට කර ඇති හානිය සුළු පටු නොවේ. අනිකුත් ආයතනවලටද එම කේෂ්ත්‍රයේ විශේෂ සුදුසුකම් හා කළමනාකරණය පිලිබඳ සුදුසුකම් ඇති අයවලුන් පමණක් පත්කරන්න. රාජ්‍ය ආයතන මුල්පුටු සුදුසුකම් වලින් පිරි අයගෙන් සමන්විත වෙනකොට එම ආයතනවල කාර්යක්ෂම භාවය ඇතිවී රටට වැඩක් වේ.