අජන්ත කුමාර අගලකඩ
විශ්වාස භංග යෝජනාවෙන් පසුව ඇතිව තිබෙන අර්බුදකාරී තත්ත්වය හමුවේ කළ යුත්තේ කැබිනට් සංශෝධනයක් නොව අලුතින්ම කැබිනට් මණ්ඩලයක් පත් කිරීම යැයි මහ නගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා අද (10) උදේ පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.
ඒ සඳහා විකල්ප යෝජනා තුනක්ද ඇමැතිවරයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ බව වාර්තාවේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 42 දෙනා සහ එජාප මන්ත්‍රීවරුන් 106 දෙනා එක්ව ආණ්ඩුව පිහිටුවන්නේ නම් නව දේශපාලන ගිවිසුමක් හා ආණ්ඩුකරන වැඩ පිළිවෙළක් යටතේ අලුතින් කැබිනට් මණ්ඩලයක් පත් කිරීම එක් විකල්ප යෝජනාවක් ලෙස ඉදිරිපත් කර ඇත. විශ්වාස භංගයට සහාය දුන් ශ්‍රීලනිප ඇමැතිවරුන් හය දෙනා ඉවත් වන්නේ නම් ඉතිරි 26 දෙනා එජාපය සමඟ එක්ව ආණ්ඩුව පිහිටුවා අලුතින් කැබිනට් මණ්ඩලයක් පත් කළ යුතු බවට දෙවන විකල්පය යෝජනා කර ඇතැයි වාර්තාවේ.
ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉව් වන්නේ නම් එජාපයෙන් මන්ත්‍රීවරුන් 106 දෙනාට තනිව ආණ්ඩුවක් පිහිටුවීමට ඉඩදී ඇමැති මණ්ඩලය 30කට සීමා කළ යුතු යැයි ද රණවක මහතා යෝජනා කර ඇත.
COMMENTS
අලුත් යෝජනා නොවෙයිනේ මෙතුමා ඉදිරිපත් කරලා තියෙන්නේ ආණ්ඩුවේ කැබිනට් මණ්වලය තුල නිර්මාණය වෙලා තිබෙන අර්බුදය නිරාකරණය ගැනීමට හැකිවේ යයී අනුමාණ කරන විකල්ප වැඩ පිලිවෙලයන් වන අතර දැනටමත් මෙයින් දෙකක් පිලිබදව සාකච්ඡා වෙමින් පවතින බවයි ආරංචී.
මේක ඉතින් අලුත් යෝජනාවක් නොවෙයි. වෙන්න පුළුවන් විදිහ..
චම්පික හරි...
මට මේවට හිනා
ඇමතිලා තෝරාගැනීමේදී නිවැරදි ක්‍රමවේදයක් සකස් කල යුතුයි. අධ්‍යාපන සුදුසුකම් සපුරා තිබීම විශේෂයි. ඒ වගේම ආණ්ඩු මාරුවෙද්දී ප්‍රතිපත්ති වෙනස් නොවී සියලු දෙනා එකතු වී ජාතික ප්‍රතිපත්ති සකස් කර ක්‍රියාත්මක වීම ඉතා වැදගත්. එසේ වුනානම් නිදහස ලබලා මේ වන විට ශ්‍රීලංකාව මොන තරම් ඉහල තැනක තියේවිද?. දැන් නම් මේවා දවල් හීන.
ශ්‍රී ලනිපය ආණ්ඩුවෙන් ඉවත්වන්නේ නම් එජාපයෙන් මන්ත්‍රීවරුන් 106දෙනාට තනිව ආණ්ඩුවක් පිහිටුවීමට ඉඩදී ඇමැති මණ්ඩලය 30කට සීමා කළ යුතු යැයිද රණවක මහතා යෝජනා කර ඇත.. මම හිතනවා චම්පික ඇමැතිතුමාගේ මේ යෝජනාව ඉතාම සුදුසු කාලෝචිත පාර්ලිමේන්තුවේ 122 කගේ බහුතර මතය වේ.
තුන්වෙනි යෝජනාව නම් හොඳයි... රට දියුණු කරන්න පුළුවන් නිසා..
ඇමති මණ්ඩලය 30 නෙමේ හරියට වැඩක් කරන්න පුළුවන් 15 කට බාර දුන්නත් මේ රට දියුණු කල හැකිය.