(මහින්ද නිශ්ශංක)
මෙවර අයවැය ලේඛනය මගින් වැඩිකළ මත්පැන් සඳහා වන ජාතිය ගොඩනැගීමේ බද්ද හේතුවෙන් අරක්කු බෝතලයක මිල රුපියල් 50ත් 80ත් අතර මිලකින් වැඩිවී ඇතැයි අරක්කු සමාගම් පවසයි.
මෙයට අමතරව බීර බෝතලයක මිල රුපියල් 80කින් පමණ අඩුකර ඇතැයි බීර සමාගම් පවසයි.
(මහින්ද නිශ්ශංක)
මෙවර අයවැය ලේඛනය මගින් වැඩිකළ මත්පැන් සඳහා වන ජාතිය ගොඩනැගීමේ බද්ද හේතුවෙන් අරක්කු බෝතලයක මිල රුපියල් 50ත් 80ත් අතර මිලකින් වැඩිවී ඇතැයි අරක්කු සමාගම් පවසයි.
මෙයට අමතරව බීර බෝතලයක මිල රුපියල් 80කින් පමණ අඩුකර ඇතැයි බීර සමාගම් පවසයි.
COMMENTS
අපෝ !!! දැන් අරක්කු වෙනුවට බියර් බොන්න වෙන්නේ.
බියර් කොම්පැනිකාරයෝ මෙයාට හොඳට සලකලා වගේ.. බියර් බොන අයව සනසන්න ඉස්සරවෙලා ගොවියන්ට පොහොර සහනාධාර දෙන්න... අනේ මෙහෙමත් රටක්..
ආණ්ඩුවක් වුණාම ප්‍රායෝගිකව හිතන්න ඕනේ. අර ජෝන් සෙනෙවිරත්න කිව්ව දේ තමයි හරි. වැඩියම ලංකාවේ මිනිස්සු බොන්නේ ගල් අරක්කු. විශේෂයෙන්ම අඩු ආදායම් ලබන අය. බීර මිල අඩු කිරීමෙන් ඒ මිනිස්සුන්ට කිසිම වැඩක් නැහැ. අරක්කු මිල වැඩි කිරීම නිසා ගෙදර වියදමට දෙන සල්ලි අඩු වෙන එකයි වෙන්නේ.
අපේ අරක්කු අපිම පෙරා ගෙන අරක්කුවලින් ස්වයංපෝෂිත රාජ්‍යයකට පදනම යොදමු! වැඩි සැපයට වැඩි වැඩියෙන් අරක්කු බී නියම සිංහයා ලකුණ දරන වීරයන් බවට පත් වෙමු! නේද?
බියර් ශරීරයට ඉතාගුණ පානයක් බව විද්‍යාත්මකව පැහැදිලි කර තිබෙනවා. එය පානය කිරීම වරදක් නොවේ..
ජාතිය ගොඩනගන්නේ අරක්කු සල්ලිවලින්...
ජාතිය ගොඩ නගන්ඩ වැඩියෙන් බොන්ඩ...
මෙතන දාන අදහස් මොනවා වුනත් වැඩේ හොඳයි කියලයි මට හිතෙන්නේ. මෙහෙ මොන ආගම තිබුනත් බොන කෙනා බොනවා.
රටට ආදරේ අය බියර් අඩුවෙන් බොන්න, අරක්කු වැඩියෙන් බොන්න කියලද මේ කියන්නේ?
මේ තමයි අද රජය පත්වෙලා තියෙන තත්වය. ජනාදිපතිතුමා බලයට ආවේ "මතට තිත තියනවා " කියල. ඒ උනාට අද කරන්න හදන්නේ රටේ ජනතාව මත්කරලා ජනතාවගේ මුදල් ටික කොල්ල කාගන්න එක . එහෙම නෙමෙයි නම්, රා නිෂ්පාදනයට අවසර දෙන්න තිබුන. එහෙම කරානම් අඩුම තරමේ රටේ මුදල් පිටරට බියර් කොම්පැනි කාරයන්ට යන්නේ නැහැ. දැන් සතොසෙන් බියර් විකුනන්න ගත්තම, අපේ රටේ බාලපරපුරට ලේසියෙන්ම බියර් බොන්න පුරුදු වේවි . ඒ වගේම දැනට නගරේ ඉන්න සමහර කාන්තාවෝ බියර් , විස්කි බොනවා වගේ ගමේ අම්මලත් බියර් බොන්න පුරුදු වේවි .
බේබදුකම අරක්කු බොන එක මුළු රටටම ව්‍යසනයක් , බියරුත් කරුමයක් , බේබද්දනට දැනෙන්න තවත් බදු ගහල දෙකම අහස උසට නග්ගන තිබ්බේ. අරක්කු මිල වැඩි උන කියල ගෙදරට දෙන මුදල් අඩු කරන මිනිහ මිනිස් කමටත් නිගාදීමක්...
බෞද්ධ රටකට මත්පැන් අවශ්‍ය නැහැ .... !!!
මේ රවී ගොයියෝ, මේ රටේ සිද්ධවෙන අපරාධ වල සංඛ්‍යාත්මක සහ ගුණාත්මක සංවර්ධනය අනුව මේක බෞද්ධ රටක් බව හොඳට පෙනෙනවා නේද?