(ඉන්දිකා රාමනායක)
පැපිලියාන, වික්‍රමරත්න මාවතේදී පසුගිය 30 වැනිදා අලුයම පොලිස් පරීක්‍ෂකවරයකුට මරුකැඳවූ මෝටර් රථය පැදවූ වෛද්‍යවරිය මත්පැන් බී සිටි බවට නඩු පැවරීමට පොලිසියෙන් සිදුකළ ස්වසන වායු පරීක්‍ෂණය ප්‍රමාණවත්යැයි රථවාහන සහ මාර්ග ආරක්‍ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
අනතුර සිදුවූ දින එම වෛද්‍යවරිය පොලිසිය විසින් ස්වසන වායු පරීක්‍ෂණයකට භාජන කළ අවස්ථාවේ ඇය බීමතින් සිටි බව හෙළි වූ බව කී නියෝජ්‍ය පොලිස්පතිවරයා එම ස්වසන වායු පරීක්‍ෂණ වාර්තා ඇයට එරෙහිව නඩු පැවරීමට යොදාගන්නා බවද කියා සිටියේය.
ස්වසන වායු පරීක්‍ෂණය සඳහා දකුණු අප්‍රිකාවෙන් ගෙන්වන ලද අතිවිශේෂ බැලුනයේ කහ පැහැති පටියක් ඇති බවත් බීමතින් සිටින පුද්ගලයකු එය පුම්බන විට එම පටිය කොළ පැහැයක් ගන්නා බවත් ඔහු කීය.
අනතුර සිදුවූ දින වෛද්‍යවරිය එම බැලුනය පිම්බූ අවස්ථාවේ එය කොළපාට පැහැයක් ගත් බවද අජිත් රෝහණ මහතා කීය.
මෙම වෛද්‍යවරිය පරීක්‍ෂා කළ වෛද්‍යවරයකු ඇගේ මුවින් මත්පැන් ගඳක් වහනය නොවන බවට වාර්තාවක් ඉදිරිපත් කළද එය ප්‍රමාණවත් නොවන බව අජිත් රෝහණ මහතා කියා සිටියේය.
අනතුර සිදුවීමට කලින් මෙම වෛද්‍යවරිය සාදයකට සහභාගි වී ඇති අතර එම ස්ථානයේ සීසීටීවී කැමරා දර්ශන ඇතුළු සාක්කි පොලිසිය සතුව ඇති බවත් ඒවා අධිකරණයට ඉදිරිපත් කරන බවත් ඔහු සඳහන් කළේය.
අජිත් රෝහණ මහතා මෙසේ පැවසුවේ රාජ්‍ය පරිපාලන හා නීතිය, සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ඊයේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදීය.
පළාත් පාලන ආයතන තුන්සිය තිස් නවයෙන් සභා දෙසිය හැට හතක බහුතරය ජාතික ජන බලවේගය දිනා ඇති හෙයින් ඒ දෙසිය හැට හතේම බලය පිහිටවන බව සභානායක අමාත්‍ය බිමල් රත්
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධූරයේ බලතල අනිසි ලෙස පාවිච්චි කර ඇතැයි එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ත්‍රිපුද්ගල කමිටුව හමුවේ ලබන 1
අතවර සිද්ධියකින් පසු කොටහේනේ පහළොස් හැවිරිදි දැරියක මහල් නිවාසයකින් බිමට පැන සියදිවි හානි කර ගැනීමේ සිද්ධිය සම්බන්ධ සංවාදයක් අතරතුරදී ඇතිවූ ගාලගෝට
ජනාධිපති කාර්යාලයේ සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 27ක් විකිණීම සඳහා දෙවැනි අදියර යටතේ මිල ගණන් කැඳවා ඇත.
මැයි මස 12,13 සහ 14 යන දිනයන්හි දිවයින පුරා ඇති මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන හා මස් මාංශ අලෙවි සැල් වසා තැබීමටත්, සුපිරි වෙළදසැල් වල මස් මාංශ අලෙවි කිරීම න
විපක්ෂයට ජාතික ජන බලවේගයේ සටන් පාඨ අරගෙන ඉදිරියට යාමට සිදුවීම රටේ ජයග්‍රහණයක් බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී සුසන්ත දොඩාවත්ත මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තු
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
අයි.පී ට මරු කැඳවූ මෝටර් රියේ වෛද්‍යවරියට බීමතින් සිටියාට නඩු
Indika Friday, 05 October 2018 04:37 AM
හැප්පුනේ පොලිසියේ කෙනෙක් බව නම් ඇත්ත තමයි. හැබැයි ඉතින් බිව්වා කියල කියන්නෙත් පොලිසියේ කට්ටියමනෙ. ඉතින් කාටද ඔය බොරු විස්වාස කරන්න පුළුවන්. අද වෙද්දී මුළු පොලිස් සේවයම විහිළුවක් වෙලානෙ තියෙන්නෙ දේශපාලකයොන්ට කඩේ ගිහිල්ලයි, පතාලෙන් කප්පම් අරගෙයි, මිනිස්සු බොරු නඩු වලට පටලවල (වෛද්‍ය මහත්මිය ගැන නෙමෙයි මම සඳහන් කලේ) හිරේ යවලයි. ඉතින් මේ වෛද්‍ය මහත්මිය බිව්ව කියන එක කාට විස්වාස කරන්න පුලුවන්ද? ඔය බොරු හොඳයි කොන්ඩෙ බැඳපු චිනුන්ටයි, ඔය බොරු විස්වාස කරන ගම් කබරයින්ටයි. පක්ෂය මොක උනත් දේශපාලකයන්ට කඩේ යන මොලේ කලඳක් නැති මී හරක් කුලයේ එවුන්ටත් මේ බොරු හොඳයි.
BamunuarachchiFriday, 05 October 2018 10:12 AM
පොලිසියේ කෙනෙක් මරුණ නිසා පොලිස්සිය ඒ පැත්ත අරගෙන කියනවා දොස්තර බීලා කියලා ඒක ශරී කියමුකෝ, දොස්තර කෙනෙක් නිසා දොස්තරලා මෙයාගේ පැත්ත අරගෙන මෙයා බීලා නැහැ කියනවා එකත් හරි කියමුකෝ. එතකොට දොස්තර සහභාගිවූ සංග්‍රහය තිබුණ තැන අය කියනවා දොස්තර එතැනදී හොඳට බීවා කියලා. එතකොට ඒ සාක්කි කොහෙටද දාන්නේ? ඒකත් ඔය ගමන්ම කියන්නකෝ.
samanFriday, 05 October 2018 10:31 AM
ඉන්දික අපිට පොලිසිය විශ්වාස නෑ වගේම ඔය දොස්තරකෙනෙක් ඉදිරිපත් කරලා තියන වාර්තාවත් විශ්වාස නෑ. ඒක හින්දා අපිනම් ඔය කාටවත් කඩේ යන්නේ නෑ. කියලා තියන විධිහට අදාල සිසිටිවී සාක්කි සහිතව සියලු කරුණු උසාවියට ඉදිරිපත් කලානම් කාටවත් අවුලක් නෑනේ. එතකන් කලබල නැතුව ඉන්න.
RanilFriday, 05 October 2018 07:01 PM
ඉන්දික මහත්තයා හරියටම හරි. පොලිසියෙන් සාක්කි දෙනවා කියන්නෙ ඉතින් හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක් තමා. බොරු සාක්කි හදන එක පොලිසියට මහා කජ්ජක්යැ.
Sunil Friday, 05 October 2018 05:14 AM
තද කොළ පැහැ වුනේ නැත්ද?
Perakum Friday, 05 October 2018 05:24 AM
විද්‍යා පාදෙණිය දැන් මොකද කියන්නේ...?
Hafeel Friday, 05 October 2018 06:48 AM
මේ සිද්ධිය වුන දවස මේ පිටුවේ කිහිප දෙනක් අදහස් පල කරලා තිබුණා, වෛද්‍ය සංගමය මෙයාව ආරක්ෂා කරන්න කටයුතු කරාවි කියල. දැන් කොහොමද?
BamunuarachchiSaturday, 06 October 2018 07:00 AM
ඉතින් ඒක වෙනවානේ. ඒකනේ මේ දොස්තර බීලා නැහැ කියලා යාළුවො කියන්නේ.
AjithMonday, 08 October 2018 03:35 AM
පොලිසියෙ යාළුවො කියන්නෙ දොස්තර බිල කියලනෙ. ඉතින් පොලිසිය ඇයි බොරු කියන්නෙ. පොලිස් යාලුවා මරුණ නිසාද?
Sarasi Friday, 05 October 2018 07:16 AM
දැන් කියාවිද දන්නේ නැහැ , මේ වෛද්‍ය වෘත්තීය රටේ වැදගත්ම වෘත්තීය නිසා ඉඳහිට ටිකක් බීලා මනුස්සයෙක් දෙන්නෙක් යට කරගෙන වාහන පැදෙව්වට කමක් නැහැ කියලා.
asiri Friday, 05 October 2018 07:19 AM
මුවින් මත්පැන් ගඳ වහනය වෙනවද බලන්න දොස්තර කෙනෙක් ඕනෙද? a දොස්තර මහත්තය කරලා තියන්නේ ඉව නැති බල්ලෙක්ගෙ වැඩක්
HafeelFriday, 05 October 2018 07:43 AM
එහමනං, එම දොස්තරයාගේ සෞඛ් තත්වය ගැනත් පරීක්ෂණයක් කරන්නොන. සුවඳ, ගඳ දැනගන්න හැකියාව නැත්නම්?
DilumFriday, 05 October 2018 07:50 AM
අධිකරණ වෛද්‍යවරයෙක් විසින් මෙවැනි අවස්ථාවක සම්පූර්ණ කළ යුතු රජය විසින් සකසන ලද නිරීක්ෂණ පෝරමයක් තිබෙනවා. එහි තිබෙන කොටස් ගණනාවකින් එකක පමණයි "මත්පැන් ගඳ වහනය වේද" යන්න "ඔව්" හෝ "නැත" යනුවෙන් පුරවන්න තිබෙන්නේ. ඒකෙන් කියවෙන්නෙ නෑ ඇය බීමත් ව නොසිටි බවට වෛද්‍ය වාර්තාවක් දුන්නා කියා.
මාදෙණිය Friday, 05 October 2018 07:29 AM
තාම වෛද්‍ය සංගමය මුකුත් කිව්වේ නැනේ
sirimal Friday, 05 October 2018 07:33 AM
මේකටත් අරගොල්ලෝ දීප ව්‍යාප්ත වැඩවර්ජනයක් දියත් කරයිද දන්නේ නැහැ. එලකිරි උනුකරලා සුදු රෙද්දෙන් පෙරලා බොන වෛද්‍ය කණ්ඩායම තවම නිහඬ මොකද දන්නේ නැහැ. බැරි වෙලාවත් මෙම සිදුවීම පොහොට්ටුවේ නොවන කෙනෙකු අතින් දොස්තර වරයකුට උනානම් මෙලහකටත් මාධ්‍ය සාකච්චා, උද්ඝෝෂන, වැඩවර්ජන තර්ජන, ලෙඩ්ඩු අපහසු තාවයට පත් කිරීම්, ජන ජිවිතය කඩාකප්පල් කිරිම් වගේ දේවල් බලන්න තිබ්බා ක්ෂණිකව ක්‍රියාත්මක වෙන හැටි. අනේ අපොයි රටකට ගිය කලක්.
Deepal Nirosh Friday, 05 October 2018 07:33 AM
ඉතා නිවැරදි නීත්‍යනුකූල තීරණයක්, හැබැයි අනතුරට ලක් වූ පුද්ගලයා පොලිස් නිලධාරියෙකු නොවූයේ නම් මේ තීරණය වෙනස් වෙන්න තිබුණා. කොහොම වුණත් ඉදිරි වෛද්‍ය වැඩ වර්ජනයකට පෙර සූදානම් වීම රජයේ වගකීමක්.
Bamunuarachchi Friday, 05 October 2018 08:13 AM
ඔය ප්‍රවෘත්තිය අහපු ගමන් මම ලිව්වේ මෙයා බේරා ගන්න යහළුවෝ ඉදිරිපත් වේවි කියලා. දැන් වෛද්‍ය රපොර්තුව ගණන් නොගෙන අර උන්දැට නඩු දැම්මාට දොස්තරලා උද්ඝෝෂණ කරාවිද දන්නේ නැත... කොහොම වුනත් මේ අවස්ථාවේ වෛද්‍ය රපොර්තුව ගණන් නොගෙන පොලිස් රපොර්තුව ක්‍රියාත්මක වීම ගැන සතුටුයි. දොස්තරලා හිතාගෙන ඉන්නේ ඒ ගොල්ලෝ මට්ටු කරන්න කාටවත් බැහැ කියලා.
AjithMonday, 08 October 2018 03:43 AM
අපිත් ඕක දන්නව බමුණුආරච්චි. පොලිසිය බොරු සාක්කි හදල තමන්ගේ යාලුව වෙනුවෙන් දොස්තරව එල්ලුම් ගස් යවන්න ගොඩක් මහන්සි වෙනව කියල. පොලිසියෙ ඉතිහාසෙම ඔහොම තමා. ඇමතිවරුන්ගේ පුත්තු කොච්චර මිනිස්සු යට කරල මැරුවද. මොනවද ඉතින් පොලිසියෙන් කරේ. වොඩ්ක බෝතලේ වතුර බෝතලේ කරපු එක තමා ඒ ගොල්ලො කරේ. දැන් ඒ ගොල්ලන්ගෙ කෙනෙක් හැප්පිලා මරුනහම තමා හිතේ අමාරුව වැඩි වෙලා තියෙන්නෙ. මේක ඉතින් ඕන බුද්ධිමතෙක්ට තේරුම් ගන්න පුළුවන්
Bamunuarachchi Friday, 05 October 2018 08:14 AM
මගේ පවුලේ කෙනෙකුට නම් මේදේ වුනේ.. මෙයා බේරුණත් මගේ වාහනයට මෙයා යටවෙනවා වෙනවාමයි...
Jehaan Friday, 05 October 2018 09:01 AM
වෛද්‍යවරියක හෝ කම්කරුවෙකු වේවා රටේ නීතිය පොදුවිය යුතුමය. නිදහස් උසස් අධ්‍යාපනය ලැබුවා විතරක් මදි. රටේ සිවිල් නීතියත් දැනගත යුතුයි. අද කාලයේ මව්පියන්ට ඕනෑ අධ්‍යාපන රේස් එකේ ළමයින් යවා උසස් යයි සමාජ සම්මත වෘත්තියකට තල්ලු කිරීමයි. අඩු ගානේ පාරේ යද්දී මාර්ග නීති මේවායැයි යනුවෙන් දරුවන්ට කියාදෙන දෙමව්පියන් ඉන්නවා නම් බොහොම හොඳයි. පාරේ වම් පැත්තෙන් ගොනෙකු සේ ශිෂ්‍යත්ව පන්තියට ඇදන් ගිය දරුවා නවතින්නේ දකුණු පැත්තෙන් වාහනය එලවමින් දිලන්ත මාලගමුව පරාද කරන්න මහපාරේ රේසින් කාර් යාමෙනි. මේවා සමහර මව්පියන් තේරුම් ගන්නා විට දරුවා උගත් සමාජ විරෝධියෙකු ලෙස හංවඩු ගැසී අවසානයි.
tommy Friday, 05 October 2018 09:49 AM
"මෙම වෛද්‍යවරිය පරීක්‍ෂා කළ වෛද්‍යවරයකු ඇගේ මුවින් මත්පැන් ගඳක් වහනය නොවන බවට වාර්තාවක් ඉදිරිපත් කිරීම" හොරාගේ අම්මගෙන් පෙන ඇසීමක් වැනිය.