බිමල් ශ්‍යාමන් ජයසිංහ
රුපියල් ලක්ෂ තුනක අල්ලසක් ඉල්ලා රුපියල් 50,000ක අත්තිකාරමක් ලබා ගැනීමට උත්සාහ කළ බව කියන ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සහකාර නීතී නිලධාරියකු සහ සූත්‍ර කමිටු සාමාජිකයකු අද (14) අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කියයි.
දංඕවිට ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකුගේ 2018 වසර සඳහා වූ බලපත්‍රය අලුත් කිරීම කඩිනම් කර දීමට රුපියල් තුන් ලක්ෂයක අල්ලසක් ඉල්ලා ඇතැයි ද, සැකකරුවන් දෙදෙනා අද එම මුදලින් අත්තිකාරමක් ලෙස රුපියල් 50,000ක් ලබා ගනිද්දී ආයුර්වේද දෙපාර්තමේන්තුවේ තුන් වැනි මහලේ නීති සහකාර කාර්යාලයේ දී අත්අඩංගුවට ගත්තේයැයි ද කොමිසම පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම වැඩක්.
මේවා කවදාවත් නවත්වන්න බැහැ. ගන්න කෙනා ගන්නවා. ගන්න විදියත් දන්නවා.මෙයාලගේ පලවෙනි එක වෙන්න ඇති .එක තම පොඩි ළමය වගේ කරලා තියෙන්නේ