IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


අම්පාර - මහනුවර ගැටුම් ගැන සොයන්න පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලයි

ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ 
 
 
අම්පාර- මහනුවර යන දිස්ත්‍රික්කයන් හි සිදු වු ගැටුම්කාරී තත්ත්වයන් පිළීබඳව සොයා බැලීම සඳහා  පාර්ලිමේන්තු තේරිම්කාරක සභාවක්  පත් කරන ලෙස  කොළඹ දිස්ත්‍රික්  (එ.ජ.නි) මන්ත්‍රී බන්ධුල  ගුණවර්ධන මහතා   පාර්ලිමේන්තුවේදී අද (09) ඉල්ලා සිටියේය.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවකට  සියලුම පාර්ශව වල සාක්ෂිකරුවන්  කැඳවිය හැකි යැයි මන්ත්‍රීවරයා   එමගින් මින් ඉදිරියට ගැටුම්කාරී තත්ත්වයන් ඇති නොවීම සඳහා ගතයුතු  ක්‍රියාමාර්ග නිර්දේශ කළ හැකි බවද කීය.

මේ සඳහා  ජනාධිපති කොමිෂන් සභාවක් පත් කළහොත් එය දීර්ඝකාලයක් ඇදී යාමක් සිදුවන හෙයින් කඩිනමින් මේ පිළිබඳව විමර්ශන සිදු කිරීම සඳහා  පාර්ලිමේන්තු කාරක සභාවක් වඩාත් සුදුසු බවද ගුණවර්ධන මහතා කීය.

ඒ මහතා මේ අදහස් පළ කළේ  පාර්ලිමේන්තුවේ අද (09) පැවැති වෙළඳ නැව් පනත යටතේ නියෝග පිළිබඳ දෙවැනිවර කියැවීමේ  විවාදයේදීය. 
 



අදහස් (0)

අම්පාර - මහනුවර ගැටුම් ගැන සොයන්න පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් ඉල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 592 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1092 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site