(ටී.කේ.ජී.කපිල)
සේවක අර්ථසාධක අරමුදල් නොගෙවා පැහැර හැර සිටි ඉන්දීය ජාතික ආයෝජකයකු විසින් මීගමුව පළාත් බද මහාධිකරණයේ පවරා තිබූ නඩු දෙකක් අභියාචනා රීති අනුගමනය නොකර නඩු පවරා තිබීම මත ඒවා විභාගයට ගත් මුල් අවස්ථාවේදීම නිෂ්‍ප්‍රභ කිරීමට මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා කටයුතු කර තිබේ .
කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ පිහිටි ඉන්දීය ආයෝජන ව්‍යාපෘතියක් වන සීමාසහිත ටියුනිප් ලංකා පෞද්ගලික සමාගම මගින් පවත්වාගෙන යනු ලබන කර්මාන්ත ශාලාවක සේවය කළ 142 ක සේවක පිරිසකට රුපියල් 48,64,619.39 ක සේවක අර්ථ සාධක අරමුදල් ලෙස ගෙවීම පැහැර හැර තිබේ.
මේ පිළිබඳව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු අංක 33853/L සහ 33857/L යටතේ නඩු දෙකක් පවරා තිබූ අතර එහිදී මෙම මුදල් එම සේවකයින් හට ගෙවන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබිණි.
එම තීන්දුවට එරෙහිව මෙසේ මීගමුව පළාත් බද මහාධිකරණය වෙත මීගමුව සහකාර කම්කරු කොමසාරිස්වරයා වගඋත්තරකරුවෙකු කරමින් මෙම මුල් නඩුවල ගණනය කිරීම් වැරදි බවට පෙන්වා දෙමින් මෙම නඩු පවරා ඇත.
ඒ අනුව මහේස්ත්‍රාත් අධිකරණයේ තීන්දු මත මෙම ඉන්දීය සමාගම මාසිකව රුපියල් 1,50,000 ක් බැගින් වාරික වශයෙන් එම සේවක අර්ථසාධක අරමුදල්, එම සේවකයින් වෙත ගෙවීම 27 දින සිට පළමු වාරිකය ගෙවමින් ආරම්භ කර තිබිණි.
මෙහිදී ඉන්දීය සමාගම වෙනුවෙන් නීතීඥ ඩබ්ලිව්.ඒ.එම්.නිල්මිණි මැඩොන්සා මහත්මිය පෙනී සිටි අතර මීගමුව සහකාර කම්කරු කොමසාරිස්වරයා වෙනුවෙන් නීතීඥ සනත් ලංකා මහතා සහ කම්කරු නිලධාරී අනුරුද්ධ ලියනගේ මහතා ද පෙනී සිටියහ.
2025 දෙසැම්බර් මස 18
62
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
136
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
934
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අභියාචනා රීති අනුගමනය නොකළ බැවින් නඩු දෙකක් නිෂ්ප්‍රභ කෙරෙයි