රංජන් කස්තුරි
විශ්ව විද්‍යාලවල අනධ්‍යයන සේවකයින් අනිවාර්යෙන්ම මේ මස 17 වැනිදා හෝ ඊට පෙර සේවයට වාර්තා කළ යුතු යැයි උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම් ඩී සී දිසානායක සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා යන මහත්වරු සඳහන් කරති.
ඒ අනුව මේ මස 17 වැනි දින හෝ ඊට පෙර සේවයට වාර්තා නොකරන පරිවාස, අනියම්, තාවකාලික, ආදේශක, සේවා පැවරුම්, පුහුණු සහ කොන්ත්‍රාත් පදනම මත සේවයේ නියුතු සියලු අනධ්‍යයන සේවකයින් සේවය අතහැර ගියා සේ සලකන බවද එම මහත්වරු සඳහන් කරති.
මීට අමතරව එදිනට සේවයට වාර්තා නොකරන සහ තවදුරටත් වැඩවර්ජනයේ යෙදී සිටින ස්ථිර සේවයේ නියුතු සේවකයන්ට වර්ජනයේ යෙදී සිටින කාල සීමාව වැටුප් රහිත කාල සීමාවක් ලෙස සැලකීමට සිදු වනු ඇතැයි ද ඔවුහු පවසති.
COMMENTS
1980 කරපු දේ මේපාරත් කරනවා. අපිට ඕනෙ නම් ඉන්දියාවෙන් මිනිස්සු ගේනවා.. අපිට ජනවරම ලැබුණු විශ්වාසභංගෙන්...
නියමයි...මෙහෙම නැතිව වැඩ කරන්න බැහැ. ශ්‍රේෂ්ඨ තීරණයක්...
ඒක හරි විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයින්ගේ ඉල්ලීම් අසාධාරණයි. 95% ම ඉන්නේ දේශපාලන පත්වීම්... අධ්‍යාපන සුදුසුකම්වත් නැති. එ්ත් විදුහල්පතිවරුන්ටත් වඩා වැටුප් ලබනවා. අපි දන්නවා වැඩක් කර ගන්න ගියාම එයාලත් එක්ක තියෙන අසීරුව.
ඇයි 17 වෙනිදා තෙක් ඉන්නෙ. අදම කරන්න. මේ අයට සමාන්තර රජයේ ආයතන වල සම තලයේ සේවයේ නියුතු සේවකයින්ට වඩා වැඩි වැටුපක් ලැබෙනවා කියා මේ ළඟදි පුවත් පතක පල වූවා. දැන් රට කොපමණ මෝඩයන්ගේ පරාදීසය වෙලාද කියල මෙයම හොඳ උදාහරණයක්.
මෙහෙම තමයි කරන්න ඕනි. නැත්තන් රට හදන්න බෑ.