අමල් වික්‍රමරත්න සහ නිමල් අල්ගේවත්ත
 
පසුගියදා ඇතිවූ අපදා තත්ත්වයෙන් විපතට පත් දකුණු පළාත් රාජ්‍ය සේවකයන්ගේ පූර්ණ හෝ අර්ධ හානියට පත් නිවාස පිළිසකර කර ගැනීම සඳහා විශේෂ ආපදා ණය වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට දකුණු පළාත් සභාව තීරණය කරයි.
 
ඉකුත් හදිසි ආපදා තත්ත්වයෙන් දකුණු පළාතේ ප්‍රදේශ රැසක රාජ්‍ය සේවකයන් විශාල පිරිසක් ද පීඩාවට පත් විය. මෙම පිරිසට සහනයක් ලබා දීම සඳහා මෙම තීරණය ගෙන ඇත.
 
මේ අතර මෙම ව්‍යයසනයෙන් දකුණු පළාතේ මිය ගිය හෝ අතුරුදන් වූ සියලුම පුද්ගලයන් සඳහා මධ්‍යම රජයෙන් ගෙවන මුදල් වලට අමතරව එක පුද්ගලයකු සඳහා රුපියල් විසි පන් දහසක අමතර මුදලක් ලබා දීමට දකුණු පළාත් සභාව තීරණය කළ බව ද දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා මහතා පැවසීය.