IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


අනධ්‍යන සේවක සාකච්ඡා අසාර්ථකයි - වර්ජනය දිගටම

ප්‍රින්ස් රත්නායක
 
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන රාජ්‍ය ඇමති  මොහාන් ලාල් ග්‍රේරු මහතා සමග අද පැවති සාකච්ඡාව ද  අසාර්ථකවූ බව  විශ්වවිද්‍යාල අනධ්‍යන සේවක වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති එඩ්වඩ් මල්වත්තගේ මහතා පැවසීය. 

 
දින 23 ක් ඉක්මවා ඇති විශ්විද්‍යාල අනධ්‍යන සේවක වර්ජනය සම්බන්ධයෙන් සේවක හඞට රජයේ පාර්ශ්වයෙන් කිසිදු සාධනීය ප්‍රතිචාරයක් නොමැති බවත් අද පැවති සාකච්ඡාවේදී ද එකඟතාවයකට පැමිණිය නොහැකි වු බවත් වර්ජනය තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව සම සභාපතිවරයා පැවසීය. 
 
විශ්වවිද්‍යාල 15 ක සියලු කටයුතු මේ වන විට අකර්මන්‍යව පවතින අතර අසූ දහසකට අධික සිසු පිරිසකට සිය අධ්‍යාපන කටයුතු සති තුනකට වැඩි කාලයක් අතරමග නවතා නිවෙස්වල ගතකිරීමට සිදුව ඇත. 
 
මේ අතර සමස්ත විශ්වවිද්‍යාල විධායක ශ්‍රේණි නිලධාරී සංගමයද අනධ්‍යන සේවක ඉල්ලීම්වලට සහාය දක්වමින් 22,23 දිනයන් හි සංකේත වැඩවර්ජනයක් දියත් කර ඇති අතර  26 වැනිදා වන විට මෙය    සමථයකට පත් නොවන්නේ නම් අඛණ්ඩ වර්ජනයකට පිවිසෙන බව එම සංගමයේ ලේකම් දයාල් අබේසිංහ මහතා පැවසීය.



අදහස් (4)

අනධ්‍යන සේවක සාකච්ඡා අසාර්ථකයි - වර්ජනය දිගටම

Romesh Jayamanna Thursday, 22 March 2018 02:54 PM

ඔවුන්ගේ ඉල්ලීම් සඳහා රජය එකඟ නොවනු ඇත. මෝඩ සමිති නායකයින් අහිංසක සේවකයන්, ශිෂ්‍යයින් කරදරවලට පත්කරණ අතර රජයේ ව්‍යකුලත්ව වටහා නොගනිති. මෙයින් වෙන්නේ අනාගැනිමකි. රජයට සල්ලි නැති බව හැමෝම දන්නා අතර දේශපාලකයෝ පිස්සු කෙළිති. රජයේ සේවකයත් පිස්සු කෙළිති. මෙහමත් රටක්. රටකට පාලකයෙක් නැති හැටි.

:       0       4

වාසනා Friday, 23 March 2018 03:09 AM

මස්රාත්තලම ඉල්ලන ෂයිලොක්ලා.ආචාර්යවරුන්ට දෙන දීමනාවක් මෙයාලටත් දෙන්න කියලලු කියන්නෙ. කොච්චර දුන්නත් මෙයාලට මදි. හුඟදෙනෙක්රු පියල් දෙතුන්දාහට විශ්ව විද්‍යාලවල නිලනිවාසවල නැවතිලා, ඒවයෙත් හොරෙන් බෝඩිං දාලා ළමයි නවත්තගෙන ගසා කනවා. විශ්ව විද්‍යාල වත්තේ, පිටියේ තියෙන අලිගැටපේර, අඹ, කෙසෙල් කඩලා විකුණනවා. දවල් කෑම පැයේදීත් පනින්න පුළුවන් හැම වෙලාවේමත් රාජකාරියෙන් බැහැර වෙලා ත්‍රීවීල් තියාගෙන හයර් දුවනවා. දෙපාර්තමේන්තුවල, කාර්යාලවල අල්පෙනිත්තේ කඩදාසියේ සිට පන්නන්න පුළුවන් සියලුම දේ ගෙදර ගෙනියනවා. කොච්චරවත් පෝන් එකට ඇන ඇන ඉන්නවා මිස වැඩ නෑ. ලොකුකම නම් උපකුලපතිටත් එහා. සමහර අය හොරෙන් කෝල් දීලා ආචාර්ය මහාචාර්යවරු වගේ තමන්ගේ වැඩ නෑදෑයන්ගේ වැඩ කරවා ගන්නවා රජයේ ආයතනවලින්... ඉස්සර මෙයාලට කිව්වේ මයිනර් ස්ටාෆ් කියලා. ඒකටත් ස්ට්‍රයික් කලා නම්බු මදි කියලා. මෑතකදි තමයි අනධ්‍යයන කාර්ය මණ්ඩලය කියලා කියවා ගන්න පටන්ගත්තෙ. අවංක අය ටික දෙනෙක් ඉන්නවා. මේ කියන්නෙ බහුතරය ගැන. හැබැයි ගොම තලිය ලොකුයි කිරි බිංදුවට වඩා.

:       609       704

Janith Friday, 23 March 2018 04:02 AM

හැමදාම ඔබලාව රවට්ටන එක ආණ්ඩුවේ තවත් උප්පරවැට්ටියක්. ඒක නිසා මේ ගමන නම් ඉල්ලීම් දිනා ගෙන මිසක් ඔබලාගේ ක්‍රියා මාර්ග අත් හරින්න එපා. ඔබලාට ජය.

:       101       67

Jayathissa Friday, 23 March 2018 10:03 AM

අනධ්‍යයන කාර්යය මණ්ඩලයක් කියන්නේ අතපග්ගෙන් වැටුණ හිඟන්නන් පිරිසක් නෙවෙයි....... උගත් උපාධිධාරී බොහෝ පිරිසක් ඒ අතර ඉන්නවා....ඒ අයත් කරන්නේ සේවයක්.....ඒ නිසා කුහක මානසිකත්වයෙන් කොන් කරන්න එපා....

:       53       158

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 180 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 247 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1124 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site