(ටී.කේ.ජී.කපිල )
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයේ අද (1) අලුයම කාලයේ පැවති අධික වැසිසහිත කාළගුණික තත්වය නිසා මස්කට් සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බෑමට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානයක් මත්තල ගුවන් තොටුපොළ වෙත යොමු කිරීමට කටුනායක ගුවන් තොටුපොළ බලධාරීන් පියවර ගෙන තිබුණි .
මෙය මස්කට් සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 206 දරණ ගුවන් යානයයි.
අද අලුයම 4.45 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බෑමට නියමිතව පැමිණියත් ඒ වනවිට ගුවන් තොටුපොළ අවට පැවති වැසි සහිත කාළගුණික තත්වය නිසා අලුයම 5.20 ට මත්තල ගුවන් තොටුපොළ වෙත ගොඩ බැසීමට පියවර ගෙන තිබුණි .
මෙම ගුවන් යානය ප්‍රංශයේ නිෂ්පාදිත A - 320 එයා බස් වර්ගයේ එකක් වූ අතර ඒ වනවිට එහි මගීන් 130 ක් සිටි බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා මහතා පැවසීය.
මෙම යානය අද (6) උදෑසන 6.47 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැසීම සිදු කර තිබුණි .
2025 දෙසැම්බර් මස 30
19
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
702
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
333
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අධික වැස්ස නිසා කටුනායකින් ගුවන් යානයක් මත්තලට
Raveendra Friday, 01 June 2018 06:30 AM
වී අටුවකට, වී කොලයකට අර මක්කටෙයි අහස් යාත්‍රාවක් ගොඩ බැවේ ????
පිටිගල මිලානෝ Friday, 01 June 2018 08:49 AM
හා...හා... බලාගෙනයි වී ටික හුළගේ යයි. හෙමින් බාන්න කියන්න.
රොෂාන් Friday, 01 June 2018 09:19 AM
ශ්‍රී ලන්කන් එකට පමණක් ඔය තද වැස්ස අහුවෙන එක තමයි අපට පුදුමේ? අනෙක් එයාර්ලයින් වලට ඔය වැහි කුණාටු අහුවෙන්නෙම නැහැ. සිරි ලංකාවේ ආයතනයකට වැඩක් කර ගන්න ගියාම තියෙන ක්‍රමවේදයම තමයි ඔය ශ්‍රී ලන්කන් එකෙත් තියෙන්නේ. ගියොත් අනාතයි!!
Bamunuarachchi Friday, 01 June 2018 10:14 AM
මත්තල නොතිබුනානම්!