(අමල් වික්‍රමරත්න)
දිවයින වටා පිහිටි දිස්ත්‍රික්ක 14 හි අද (05) පස්වරු 2.00 ට සුනාමි පෙරහුරු වැඩසටහනක් පැවැත්වීමට සැලසුම් කර ඇතිබව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.
මෙම පෙරහුරු අවස්ථාවලදී දැනට වෙරළබඩ ප්‍රදේශවල පිහිටුවා ඇති සියලුම සුනාමි අනතුරු ඇඟවීම් කුළුණුවල අනතුරු අැඟවීමේ සංඥා නාදකරන බැවින් අනවශ්‍ය බියක් ඇතිකරගත යුතු නැති බව ආපදා කළමනාකරණ ඒකකය මහජනතාව දැනුවත්කරමින් පවසයි.
මේ සඳහා දිවයින වටා පිහිටා ඇති සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ කුළුණු 74 සක්‍රීය කර පෙරහුරු වැඩසටහන පවත්වන බවද පැවසීය.
සූනාමි අවස්ථාවකදී ක්‍රියා කළයුතු ආකාරය පිළිබඳව මුහුදු බඩ ප්‍රදේශ වල ජනතාව ප්‍රායෝගිකව දැනුවත් කිරීම අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවද බව සහකාර අධ්‍යක්ෂවරයා පැවසීය.
මෙම වැඩසටහනට සමගාමීව සුනාමි පෙරහුරුවෙහි ජාතික උස්සවය කළුතර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවත්වීමට නියමිතව ඇත.
2025 නොවැම්බර් මස 21
11
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
132
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
979
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
අද පස්වරු 2.00 ට සුනාමි පෙරහුරු වැඩසටහනක්
kumar (galf) Sunday, 05 November 2017 06:43 AM
කොහොමටත් රටේ පාපය ඉතා දරුණු ලෙස ඉහල ගිහිල්ල, ඉතින් සුනාමි විතරක් නොවේ තවත් ව්‍යසන මේ රටට එන්න පුළුවන්.
rohana Sunday, 05 November 2017 07:15 AM
ඔබත් සත්‍යයා ගේ අනුගාමිකයෙක්ද? නැත්නම් පා.ම. මහින්දගේ චග් ගෝලයෙක්ද?
anula Sunday, 05 November 2017 08:59 AM
සුනාමියක් දෙසැම්බර්වල එනවා කියලා ඉන්දියන් අය මැසේජ් එවනවා පරිස්සම් වෙන්න කියලා...