(ඩයනා උදයංගනී)
නිරිත දිග මෝසමේ බලපෑම හේතුවෙන් බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වලට අද (26) සහ හෙට (27) දෙදින තුළත් ගිගුරුම් සහිත තද වැසි හා සුළං ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඇතැම් ස්ථානවලට මිලිමීටර් 150 ඉක්මවූ වර්ෂාවක් අපේක්‍ෂා කළ හැකි බව එම දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශකයෙක් පැවසීය.
සෙසු පළාත්වල ද සවස් කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ඔහු සඳහන් කළේය. දිවයින හරහා පැයට කිලෝමීටර 50ක පමණ වේගවත් තද සුළං හැමිය හැකි අතර වැසි සහිත අවස්ථාවලදී එම සුළං තවත් වේගවත් විය හැකි බව ද එම ප‍්‍රකාශකයා පැවසීය.
ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල අකුණු අනතුරු ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක‍්‍රියාකරන්නැයි ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කරයි. දිවයින වටා මුහුදු ප‍්‍රදේශ ද විටින් විට රළු විය හැකි බැවින් බැවින් ධීවර සහ නාවික ප‍්‍රජාව විමසිල්ලෙන් කටයුතු කළ යුතු බව ද එම දෙපාර්තමේන්තුව පවසයි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
අදත් හෙටත් තවත් වැසි වසී
tharindu Friday, 26 May 2017 08:01 AM
වහිනවද? ඔය ගොල්ලන්ට ෂුවර්ද? කෝ....කොහේට වැස්සත් කුලියාපිටියට තවම ප්‍රමාණවත් වැස්සක් නෑනේ....
upali Friday, 26 May 2017 08:03 AM
වැහැලා රටක් විනාශවෙන්නේ නැතිව තියෙයිද?.. අර රටක් වටිනා රත්තරන් කොල්ලගේ චරිතයට කරපු දේට...
Sanjeewa Friday, 26 May 2017 11:27 AM
මේක නම් දේව සාපයක් තමයි.... යහපාලනයේ පව් සෝදනවා නේද?