(සුජිත් හේවාජූලිගේ)
අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ සභාපතිවරයාට නිල රථයක් දීම හා එහි සාමාජිකයන්ට දීමනාවක් ගෙවීමට අදාළ යෝජනාවක් අඟහරුවාදා (4) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ යෝජනාවට අනුව අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ සභාපතිවරයාට රුපියල් ලක්ෂයක මාසික දීමනාවක් ද රුපියල් 10,000ක දුරකථන දීමනාවක් හා මාසිකව ඉන්ධන ලීටර 225ක් සහිතව නිල රථයක් හිමිවනු ඇත.
කාර්යාලයේ සාමාජිකයන්ට රුපියල් 75,000ක මාසික දීමනාවක් ද, රුපියල් 8,000ක මාසික දුරකථන දීමනාවක් ද, නිවසේ සිට කාර්යාලය වෙත ඇති දුර ප්‍රමාණය මත පදනම්ව කිලෝමීටර 350ක සීමාවක් දක්වා රුපියල් 25,000ක ප්‍රවාහන දීමනාවක් හෝ කිලෝමීටර් 350ක හෝ ඊට වැඩිදුර ප්‍රමාණයක් සඳහා රුපියල් 50,000ක ප්‍රවාහන දීමනාවක් ද හිමිවන බව යෝජනාවේ සඳහන් වේ.
මෙයට අමතරව ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නියෝග හා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝගයක් ද හෙට දින මැති සබයේ විවාදයට ඉදිරිපත් කෙරෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට රටින් පැන්න අය එහෙ රැකියා කරලා හම්බ කරනවා.. මේහේ අයට සිංහලයින් වන්දි ගෙවනවා. කෝ 1989දී අතුදහන් වූවන් වෙනුවෙන් කතා කරන්න කවුරුත් නැහැ. අඩුගණනේ ජේ.වී.පී. අයත් කතා නැත.
කොහෙද යන්න සර්පයක් ඇදල දාගන්නවා.
ඔය තිබෙන්නේ පටන් ගන්නකොටම ගෙවිල්ල.