බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියළු තැනැත්තන් ආරක්ෂාකිරීම සඳහා වු ජාත්‍යන්තර සම්මුති පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනියර කියවීමේ පාර්ලිමේන්තු විවාදය අනිද්දා(06දා) පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචිමාර්ග පැවසීය.
අදාල පනත් කෙටුම්පත සම්බන්ධයෙන් දෙවැනිවර කියැවීමේ විවාදය පවත්වා එදින සවස ඒ සම්බන්ධ ඡන්දවිමසීම පැවැත්විමටද නියමිතය.
බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියළු තැනැත්තන් ආරක්ෂාකිරීම සඳහා වු ජාත්‍යන්තර සම්මුතිය 2016 මැයි මස 03 දා ශ්‍රීලංකාව විසින් අපරානුමත කර ඇත.
බලහත්කාරයෙන් අතුරුදහන් කරවීමකට වරදකරුවන තැනැත්තෙකුට අවුරුදු විස්සකට නොවැඩි සිරදඩුවක් සහ රුපියල් මිලියනයනකට නොවැඩි දඩයකට යටත් වන අතර වින්දිතයකුට රුපියල් ලක්ෂ පහකට නොඅඩු වන්දි මුදලක් ගෙවීමටද පනත මගින් යෝජනා කර තිබේ
044

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද මහත්තයා කැමතිද?