(ටී.කේ.ජී.කපිල )
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තෙදින නිල සංචාරයක් සදහා අද (02 ) උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් මාලදිවයින බලා පිටත්ව ගියේය.
අගමැතිවරයා ඇතුළු දූත පිරිස උදෑසන 7.30 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 101 දරණ ගුවන් යානයෙන් මාලදිවයින බලා පිටත්ව ගියහ.
දූත පිරිස 13 දෙනෙක් මෙම සංචාරය සදහා සහභාගී වී සිටියහ.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
අගමැති මාලදිවයින බලා පිටත්ව යයි
nihal Monday, 02 September 2019 04:35 AM
මේ නැති කරන්නේ කගේ සල්ලිද?
RaveendraMonday, 02 September 2019 07:20 AM
ඒවා පිළිබදව විස්තර ඇසීම නොකළ යුතුයි. මොකද ඕන තරම් මුදල් තියෙන නිසා තොගේට වියදම් කරන්නේ තමන් ගෙදරින් ගෙනාවා වගේනේ. අපේ රටේ කිසිදු නීතියක් නැහැනේ මහජන මුදලින් කිනම් පුද්ගලයකු හෝ විදේශගත උනොත් කුමක් සදහා ගියේද? මොනවද ලබාගත් දැනුම ? එමගින් රටේ දියුණුව වෙනුවෙන් කුමක් කිරීමට සැලසුම් කරන්නේද ? ගමන සදහා ගිය සම්පුර්ණ වියදම ? කීදෙනෙක් ගියාද යනාදී වශයෙන් ??
kapMonday, 02 September 2019 07:47 AM
ඕවා පහුගිය ආණ්ඩු කාලයේ අහන්න මතක් උනේම නැද්ද ?
RaveendraMonday, 02 September 2019 08:44 AM
ඔබ නොදැක්කාට අප නම් එදත් මෙයම විමසුවා. අදත් විමසනවා අනාගතෙත් මේ පිළිබඳව විමසීමට බලාපොරොත්තු වෙනවා. මක්නිසාදයත් අප කිසිවෙකුගේ ගැත්තෝ නොවෙන්නෙමු. එලෙසම මෙම හිඟන්නන් 225ම ඔබෙන් මෙන්ම, අපෙන්ද යැපෙන්නන් වීමයි. සමහරවිට ඔබ විසින් යම්කිසි වර්ණවත් කණ්ණාඩියක් පැළඳගෙන අපගේ අදහස් කියවන්න ඇති. අප නම් පැළඳ සිටින්නේ "අවර්ණ" කණ්ණාඩි බැවින් අපට වර්ණ පිළිබඳව කිසිදු අගයක් නොමැති බවත් දැන්වීමට කැමැත්තෙමු...
AnuruddaMonday, 02 September 2019 11:35 AM
රටක පැවැත්මට ව්‍යවස්ථාදායකයක් නීති සකස් කිරීම සඳහාත්, විධායකයක් නීති ක්‍රියාත්මක කිරීම සඳහාත් අධිකරණයක් නීති විවරණය කිරීම තිබිය යුතුවේ. සිදුවන ක්‍රියාදාමයේ වැරදි ඇති. වැදගත් වන්නේ ඒ පිළිබඳව අදහස් දැක්වීම නොවන්නේද?
Sugath Premalal Monday, 02 September 2019 04:39 AM
මෙයාලගේ සංචාර හුදෙක්ම පුද්ගලික චාරිකාවක් විතරයි. එකම වෙනස වන්නේ වියදම අහිංසක දුප්පත් ජනතාවගේ බදු මුදල්....
Amila Monday, 02 September 2019 05:04 AM
නැවත එනකොට මන්ත්‍රී.. !
ධම්ම Monday, 02 September 2019 05:19 AM
පීඩනය වැඩිවෙනකොට කොහේ හරි ගිහිල්ලා එන එක හොඳයි.
kap Monday, 02 September 2019 06:11 AM
සුගත් ප්‍රේමලාල්, රජාගෙ කාලෙ කල්ලි පිටින් ගිය රට සවාරි ගැන කතා කරන්නෙ නෑද්ද?
Sugath PremalalMonday, 02 September 2019 09:56 AM
රජා කොන්ද කෙලින් තියාගෙන හරියට වැඩක් කළා.. එ්ක කවුරුත් දන්නවා. රටේ සංවර්ධනයක් තිබ්බා.
kapMonday, 02 September 2019 10:16 AM
කොන්ද කෙලින් තියන් කරපුවට තමයි අපි මේ පව් ගෙවන්නේ ....
Akila Monday, 02 September 2019 06:39 AM
රනිල් සර් අපහු එනවා නේද ?
RaveendraMonday, 02 September 2019 10:57 AM
නැතුව නැතුව.. මෙවැනි ගොන්රැලක් අපිට ඡන්දෙ දෙන බව ස්ථිරවම දන්නා නිසා මේ හදාගත් පැල දාලා කොහේ යන්නද...? කොන්ක්‍රීට් දාලා පුටුව සදාකල් මගේ ඇඟටම බද්ධ කරගෙන තියෙන්නේ... එ්කෙන් නැගිටින්නද කියන්නේ බොල... එව්වා කොහෙද මගෙත් එක්ක?
Gamarala Monday, 02 September 2019 06:57 AM
අපහු නාවට කමක් නැහැ. එහෙ ගියාම කියන්න පන්සලෙන් එලෙවුව කියල. නියෝජය නායකට ඔන්න තීරණයක් ගන්න වෙලාව හරි.
kamal Monday, 02 September 2019 07:58 AM
මේ උත්තමයින් මෙතරම් මහන්සි වෙන්න අපි වෙනුවෙන් නොවෙයිද? මේ වගේ ජනහිතකාමී උත්තමයින් වෙන රට වලත් සිටියිද ?
RaveendraMonday, 02 September 2019 10:49 AM
නැතුව නැතුව පුතේ... මහජන මුදලින් මුළු ජීවිකාවම ගෙවන මෙවැනි හිඟන්නන් 225 වෙනත් ලෝකෙක රටවල නම් ඉන්නවා. හැබැයි අපායට බොහොම කිට්ටුවෙන් ඒ කියන ලෝකේ තියෙන්නේ. ඉතින් මැරෙනකම්ම " හිවලුන් 225 ක් වන අපි " නුඹලාගේ ලේ, කදුළු, දහදිය මහන්සියෙන් උපයා ගෙවන බදුමුදල් වලින් අපගේ හිවල් පවුල් සමගින් කිසිඳු කරදරයකින් තොරව ජීවත් වෙන්නෙමු. නුඹලා සදාකල් බදුගෙවමින් අපිට සියලු සැපසම්පත් දෙන බව හිවල්ලුන් 225ක් වන අපට ඉරහඳ මෙන් විශ්වාසය. හිවලුන් 225ක් වුණත් අප එය සක්සුදක් සේ දන්නේ නොබලා එකාට එකා නැති "ටකරන් අනුභව කරන" ගොන්තඩි ඡන්ද දායකයින් පිරිසක් බැවින්..
lal Monday, 02 September 2019 08:26 AM
කුලියාපිටිය පැත්තේ උම්බලකඩ පැක්ටේරියක් දාන්න ගිවිසුමකුත් ගහලා ඒවි...
Saman Monday, 02 September 2019 08:26 AM
වෙන කොහෙ යන්නද ස්වාසිලන්තය හැර ?
sirimal Monday, 02 September 2019 08:34 AM
ඔය ගමන ගිහිල්ල ආපහු ආවාට පස්සේ පැවැත්වෙන එජාප 73 වෙනි සංවත්සරයේදී එජාප ප්‍රධාන සන්ධානයේ 2020 ජනාධිපති අපේක්ෂකයා ලෙසට "රනිල් වික්‍රමසිංහ මහතා" නම් කිරීමට නියමිත බවයි අපට ආරංචි වෙන්නේ. එහෙම උනොත් දැනටමත් මේ රේස් එකේ බාගයක් විතර තනියෙම දුවපු එක්කෙනාට මොනවා වෙයිද කියලයි අපි මේ කල්පනා කර කර ඉන්නේ. ආපහු හැරිලා එයිද දිගටම දුවයිද ?
ashan Monday, 02 September 2019 09:39 AM
අම්මෝ මෙයාගේ කැකිරි හිනාව කොහෙද අප්පේ? මේ දූත පිරිස අපේ සල්ලිවලින්ම බදු අරගෙනවා යනවා හැම තැනම...
Bandara Monday, 02 September 2019 10:17 AM
එහාටම වෙලා ඉන්න බැරිද? ආයෙත් ඇවිල්ලා ලංකාව කනවට වඩා.
kusal Monday, 02 September 2019 10:40 AM
රට දියුණු කිරීම කෙසේ වෙතත් ලෝකේ වටේ රවුම් නොගහා රටේ ඉන්නට පුළුවන් කෙනෙක් එන පාර ජනාධිපති වුනොත් හොඳයි. රටේ මිනිසුන්ට තුන් වෙලා කනට නැති වුනත් මහජන මුදලින් සවාරි ගැසීම බොහෝ තුන්වන ලෝකයේ රටවල දේශපාලකයින් කරන දෙයක්.
nimal Monday, 02 September 2019 11:15 AM
ලංකාවේ අසිරිය ලෝකයට බෙදා හදාදෙන්න මේ යන සුබ ගමනට අපෙන් ආසිරි...
Prase Monday, 02 September 2019 02:25 PM
මාලදිවයිනේ මහ බැංකුවත් ඉවරයි වගේ...
thilakasiri Tuesday, 03 September 2019 11:34 AM
1994 චන්ද්‍රිකා විධායකය අහෝසිකරන්න පොරොන්දු දී බලයට ආවත් එය අහෝසිකලේ නැත. 2005දි එසේ පොරොන්දු දී බලයට පත් මහින්දත් හදිසිනීතිය පැනවූ විට පමණක් ඒකාධිපති වී හදිසි නිතිය අහෝසිවෙත්දී ප්‍රජාතන්ත්‍රවාදී වනලෙස ජේආර් හැදු ව්‍යවස්ථාව සදා බලගන්වා පවුල් වාදී රජාආණ්ඩු ක්‍රමය ඇතිකරන්න රාජ්‍ය ත්‍රස්තවාදය හා සුදුවෑන් මගින් විරුද්ධ වුවන් අතුරුදහන් කරමින් නිදහස් ජනවිඥාණය සමුලඝාතනය කළා මිස විධායකය අහෝසිකරේ නැත. මෛත්‍රීගේ කැමැත්තත් අරන් රනිල් 19 න් ජනපති බලතල අවශ්‍ය තරමට අහෝසි කර අගමැතිට හා කතානායකට ඒ බලතල බෙදා දීල කියල මෛත්‍රී හා මහින්දට වැටහුනෙත් 1918 ඔක්තොබෙර් 26 වෙනිදා රනිල් ඉවත්කර මහින්ද අගමැති කල වෙලේ ස්වාධින අධිකරණය දුන් තීන්දුව නිසයි. ඒ තමයි මහින්ද හා මෛත්‍රීගෙත් රනිල්ගේ රාජ්‍යතන්ත්‍ර ඥානයේත් වෙනස. එසේ පොලිසි උසාවි ඇතුළු රාජ්‍ය යාන්ත්‍රණයම ස්වාදීන කර පාර්ලිමේන්තුවේ බලය වැඩි කර තනි පුද්ගලයෙකුට තිබුණු ඒකාධිපති බලය හීන කර රට ප්‍රජාතන්ත්‍රවාදී මාවතට රනිල් ඇදදැමුහ.ස්වාධින රාජ්‍ය යාන්ත්‍රණයක ජනතාව පත් කරන විවිද මතධාරී මන්ත්‍රීවරුන්ගේ විවාදයෙන් නීති හැදීම ප්‍රජාතන්ත්‍රවදී පාර්ලිමේන්තුක්‍රමයයි.ඒ රනිල්ය