IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


හදිසි සේවක වර්ජනයෙන් ගුවන්තොටුපළ කටයුතු අඩාලයි

(ප්‍රසාද් මුතුකුඩ)


               

කටුනායක  බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සේවකයෝ වැටුප් වැඩිවීම් ඇතුළු  ඉල්ලිම් කිහිපයක් මුල් කරගනිමින් අද (3) වැඩවර්ජනයක් ඇරඹුහ.‍

මේ හේතුවෙන් ගුවන්තොටුපොළ පරිශ්‍රය අවට දැඩි උණුසුම් තත්ත්වයක් හටගෙන ඇතැයි පොලිසිය පවසයි.

අංශ 21 ක සියලුම සේවක සේවිකාවෝ කටයුතු වලින් බැහැර වී වැඩවර්ජනයට සහභාගී වෙති.

එක් සේවකයකුට රුපියල් 10,000ක වැටුප් වැඩිවීමක් අවශ්‍ය බවට වු ඉල්ලීම විෂයභාර ඇමැතිවරයාට ඉදිරිපත් කළ විට එය ඉරා කුණූ කූඩයට දැමීම මෙම විරෝධතාවයට ප්‍රධානම හේතුව වේ.

මේ නිසා ගුවන්තොටුපොළ පරිශ්‍රයේ ආරක්ෂාව තර කර පොලිස් කැරලි මර්දන ඒකකය හා පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් යොදවා  තිබේ.

මෙම උද්ඝෝෂණය සඳහා කටුනායක , මත්තල, රත්මලාන ඇතුළු සියලුම අභ්‍යන්තර සහ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සහ අත්තිඩිය සම්ප්‍රේෂණ හුවමාරු මධ්‍යස්ථානය මෙන්ම , පිදුරුතලාගල රේඩාර් මධ්‍යස්ථානයේ සේවකයින් ද ස්වෙච්ඡාවෙන්ම ඉදිරිපත් වී මෙම වැඩ වර්ජනයට සහභාගී වී සිටිති.

 


 

ඡායාරූප - ටී.කේ.ජී.කපිල

ඡායාරූප සැපයුම -  ෙර්ඛා තරංගනී  ෙෆාන්සේකාෙ



අදහස් (14)

හදිසි සේවක වර්ජනයෙන් ගුවන්තොටුපළ කටයුතු අඩාලයි

Lanka Tuesday, 03 April 2018 06:49 AM

ඔය නිව්ස් එක මදි වෙයි අගමැතිගෙ විශ්වාස භන්ගය ගැන තියෙන අවධානය වෙන පැත්තකට යොමු කරන්න.

:       107       1855

lester Tuesday, 03 April 2018 07:59 AM

අපි අලුත් දක්ෂ යොවුන් සේවක පිරිසක් බඳවාගැනීමට ඉතා හොද අවස්තාවක්.

:       0       107

Nuwan Tuesday, 03 April 2018 07:59 AM

දේශපාලන හෙන්චයියලා හෙවත් අධ්‍යාපන සුදුසුකම් නැති , පාප්ප බාල්දි ඉස්සීම , කඩේ යාම පමණක් සුදුසුකම් වූ අයට රස්සා දෙන ප්‍රධාන ආයතන වන ගුවන්තොටුපල , වරාය, දුම්රිය ,තෙල් වැනි ආයතන හරිනම් රටක ආර්ථික මර්මස්ඨාන. මෙයාලට වැඩි පඩි නෙමේ මෙයාල ගෙදර යවල රැකියා විරහිත තරුණ උපාධිධාරින්ට මේ රැකියා ලබා දිය යුතයි

:       355       458

nandaTuesday, 03 April 2018 10:06 AM

සහතික ඇත්ත නුවන්, මෙතන ඉන්නේ ඉගෙන ගෙන අධ්‍යාපන සුදුසුකම් වලට අනුව රැකියාවට පැමිණි අය නොව දේශපාලුවන්ගේ පිහිටෙන් මේකට රිංගල අන්තිමේට උගත් බුද්දිමත් මිනිසුන්ව මේකෙන් එලියට දාන ශ්‍රී ලංකික පිරිසකි, කලකට ඉහත මෙහි රාජකාරී කල නුගත්, දේශපාලුවන්ගේ බලය මෙහි පතුරන පිරිස් නිසා කලකිරීමෙන් මෙම ආයතනයෙන් ඉවත් වුන කෙනෙකුන් ලෙස වගකීමෙන්ම ප්‍රකාශ කරමි, මෙහි වැඩකරන පහලම තනතුරේ මාසික වැටුප රුපියල් 30,000 පන්නයි

:       0       25

chandana Tuesday, 03 April 2018 08:02 AM

මම හිතන්නේ ඉතිහාසේදී මේ තරම් අඩපන වූ ආණ්ඩුවක් නැතුව ඇති, අපරාදේ 2015 දී මේ මිනිස්සුන්ගේ ලනු කාල අපේ අනාගතය විතරක් නෙමෙයි රටේ අනාගතයත් අඩාල කර ගත්තේ

:       15       1624

Mahee Tuesday, 03 April 2018 08:11 AM

අනේ මහත්වරුනි, කීයක් හරි රටට හොයා ගන්නවට අමතරව රටේ නම රැකගන්න තියෙන තැනක් මේක. ඒ හින්ද අපි ගැන අනුකම්පා කරලා වැඩට එන්න.

:       0       10

Hewage Tuesday, 03 April 2018 08:31 AM

අනධ්‍යයන සේවක වර්ජනය සදහා සියලුම දේවල් දී ඇත. සියලුම දෙනා වර්ජනය සදහා යොමුවන්න

:       10       47

sena Tuesday, 03 April 2018 08:33 AM

මිනිස්සු වැඩ වර්ජනය කිරීමේ අයිතිය අයුතු විදිහට පාවිච්චි කරනවා - මෙහෙම ගියොත් අපේරට අසාර්ථක රාජ්‍යයන්ගෙන් මුල් තැනට එනවා.

:       269       322

vipula Tuesday, 03 April 2018 09:04 AM

ඇමැතියි , සේවකයෝයි දෙගොල්ලොම අයින්කරන්න ඕනි.

:       0       38

ලුම්බිණි Tuesday, 03 April 2018 09:12 AM

තමන්ට තිබෙන අයිතිවාසිකම් වැරදි විදියට පාවිච්චි කරන්න ලංකාවේ රජයේ සේවකයෝ තරම් මිනිසුන් කොටසක් ලොවේ කිසි රටක නැහැ. කනගාටුදායකයි.

:       13       112

රනවි Tuesday, 03 April 2018 09:46 AM

විශ්වාසභංග අස්සෙ එක එක්කෙනාගේ ඉත්තො මෙහයවන ජරා වර්ජන. රටේ ජනපතිට මේ ගැන ක්ෂනිකව තීරණයක් ගන්නවත් හයියක් නැද්ද. මේ වැඩවලින් අප සහ විදේශිකයන් කොයිතරම් අපහසුවට පත්වෙනවද.

:       0       5

ජනන Tuesday, 03 April 2018 10:03 AM

සියලු රජයේ සේවකයන්ට සාධාරණ ලෙස වැටුප් නොගෙවා වැඩවර්ජනය කලොත් ඒ අයට පමණක් වැටුප් වැඩිකිරීමේ ප්‍රතිපත්තිය නිසා තමයි මේ.

:       0       0

shelton Tuesday, 03 April 2018 10:09 AM

රටගිය මැතිදුලා ගොඩක් අද හවසට ලංකාවට එනවා හෙට ඡන්දෙට.

:       0       2

Ravi Tuesday, 03 April 2018 10:48 AM

පඩි වැඩි කරන්න පුළුවන් වෙන්නේ ආයතනයක් ලාභ ලැබුවාමයි. පාරිභෝගික සේවාව අන්තිමයි. ගුවන් සේවිකාවන් යානාවටත් මීටර් විස්සක් උඩින් යන්නේ. මෙල්බර්න් නගරයට යන පැය ගණනාවක ගමන ගිය තරුණ හාදයෙකුගේ කකුල් අමාරුවක් හැදිලා. ආසන අතර කකුල් තියන ඉඩ හරි පොඩිලු. තව වයසක කෙනෙක් මේවායේ ගමන් කලොත් කොහොමද ? ඒ මදිවාට මගීන්ගේ ගමන්මලු අස්ථානගත වෙනවා. සමහර ඒවා කඩලා තිබුන දේවල් අරන්. පැමිණිලි විභාග කරන්නේ නැහැ. දුරකථන ඇමතුම් මග අරිනවා. තව පඩි වැඩි කරන්න කියන්නේ ගුවන් තොටුපල නරඹලා අපිට යන්න ඉඩසැලැස්සුවාටද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රෝහ‍ල් කුස්සියේ බඩු උස්සා මිනී කාමරේ හංගලා: කෝකියා දැලේ
2024 අප්‍රේල් මස 26 91 0

කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයාට හසුවූ බව කිය


එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 190 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 369 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1684 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 249 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 462 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1551 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site