IMG-LOGO

2024 මැයි මස 14 වන අඟහරුවාදා


හදවත් බද්ධයට දරුවාගේ හදවත දුන් පවුලට ජනපතිගෙන් නව නිවසක්

(චමිල් රුපසිංහ)

මෙරට ප්‍රථම හදවත් බද්ධ කිරීමේ සැත්කම සඳහා තම දරුවාගේ හදවත ලබාදුන් දෙමව්පියන්ට ඔවුන් දැනට පදංචිව සිටින ස්ථානයේම නව නිවසක් ඉදිකර දීම සඳහා තීරණය කර ඇත.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් මෙම තීරණය දැනුම් දීම සඳහා අද (12) හදවත් බද්ධ කිරීමේ සැත්කම සඳහා හදවත ලබාදුන් දරුවාගේ මව සහ පියා මහනුවර මහ රෝහලට කැඳවා රෝහලේ අධ්‍යක්ෂ සමන් රත්නායක මහතා මේ බව පැවසීය.
 
අනතුරින් මියගිය උඩුනුවර හෙක්ටයාර් ජනපදයේ විසූ  ප්‍රදීප් කුමාර සම්පත්ට (22) වැඩිමහල් සහෝදරියක් හා බාල සහෝදරියක් සිටින අතර පවුලේ සිටි එකම පිරිමි දරුවා ඔහුය.
 
මෙරට ප්‍රථම හදවත් බද්ධ කිරීමේ සැත්කම මෙය වේ.

මෙවන් අකල් මරණ වලට යම් අයෙක් ලක් වෙනවා නම් දෙසැරයක් නොසිතා එම පුද්ගලයාගේ අවයව තවත් කෙනෙකුට දන්දී  ජීවිතයක් බේරාගැනිමට දායක වෙන ලෙස දරුවාගේ පියා වන අයි ජී නන්දසේන මහතා පැවසීය.



අදහස් (21)

හදවත් බද්ධයට දරුවාගේ හදවත දුන් පවුලට ජනපතිගෙන් නව නිවසක්

සරත් Wednesday, 12 July 2017 10:45 AM

බොහොම හොඳ වැඩක්, ජනාධිපතිතුමා එහෙනම් පත්තර කියවනවා වගේ....

:       16       301

kumara Wednesday, 12 July 2017 10:52 AM

ඔබ දෙපල මේ කර ගත්තේ ලොකුම කුසලයක්. ඔබ පවුලට ත්‍රිවිධ රත්නයේම පිහිටයි.

:       0       338

Sena Wednesday, 12 July 2017 11:01 AM

මෙවැනි පරිත්‍යාගශීලී මිනිසුන් සහ නිදහස් සෞඛ්‍ය සේවය නිසා ඉදිරියේදීත් තවත් දහස් ගණනකට ජීවිත අපේක්ෂාව ලැබේවි. වෙනත් රටවල මෙවැනි සංකීර්ණ සැත්කම් නොමිලේ සිදුකරන්නේ නැහැ. මෝඩ දේශපාලන ව්‍යාපෘතිවලට යට නොවී නිදහස් සෞඛ්‍ය මෙන්ම නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කර ගැනීම සැමගේ වගකීමක්...

:       20       588

upali Wednesday, 12 July 2017 11:07 AM

පසුගිය දවස්වල ජනාධිපතිතුමා හොඳ වැඩ ටිකක් කලා.. පිළියන්දල ළමයාටත් උදව් කලා... අන්න එහෙම කරනවානම් අපිත් කැමතියි.. ඩෙංගු වලටත් බුද්ධමත් දැඩි තීරණ ගන්නකෝ.. රටේ සැමදෙයක්ම ඔබතුමාට වගකීමක් තියෙන බව අමුතුවෙන් මතක් කරන්න ඕන නැහැනේ ජනාධිපතිතුමනි...

:       24       197

samanSaturday, 15 July 2017 06:38 AM

හොඳයි.. ඒත් පේන්න වැඩ කරනවා හැර රටට කළ සැබෑ දෙයක් නැහැ.

:       1       0

chandana Wednesday, 12 July 2017 11:13 AM

උතුම් පින්කමක් කල ඔබ දෙපලට තෙරුවන් සරණයි !!!

:       0       78

gallage Wednesday, 12 July 2017 11:35 AM

අගය කළ යුත්තකි. ඔවුන්ට සැනසීම ප්‍රාර්ථනා කරමි.

:       0       39

SEmal Wednesday, 12 July 2017 11:53 AM

ඕකත් ඉතින් පොරොන්දුවක් විතරයි...

:       323       135

ධම්ම Wednesday, 12 July 2017 01:53 PM

මොලේ මැරුණා කියා අනෙක් අවයව ගලවා ගන්නා ව්‍යාපාර බිහිවීමත් මේ කුරුවල් සමාජයේ සිදුවිය හැකි බැවින් සියලු දෙනා අවධානයෙන් සිටිය යුතු වන්නේය.

:       0       114

Sumudu randima Wednesday, 12 July 2017 02:04 PM

සොයුර ඔබට උතුම් නිවන් සුවය ලැබේවා ලැබේවා ලැබේවා!!! ජනාධිපතිතුමාගේ මෙම අදහස අගය කරමි ....

:       14       68

buddika Wednesday, 12 July 2017 02:56 PM

ඉතා අගය කල යුතු වැඩක්...

:       0       16

නුමා Wednesday, 12 July 2017 03:56 PM

ජනාධිපතිතුමාගේ සංකල්පනාව කිසි වැරද්දක් නැහැ ඉතාමත් හොඳ වැඩක්. නමුත් ජනාධිපති තමන්ගේ තනතුරේ කටයුතු නිර්භයව, නිවැරදි දැක්මකින්, අන් අයට ආදර්ශයක් වන ලෙස සිදුකරනවා නම්, ඉදිරියේ පත්වන ජනාධිපතිවරුන්ට, අගමැතිවරුන්ට මෙහෙම ගෙවල් හදලා දෙන්න ඕන නැති පරිසරයක් ඇතිවේවි. කල යුත්තේ එක අයෙක් තෝරා ගෙවල් සදා දීමට වැඩ එසේ නොකර සිටිය හැකිවන ලෙස ජනතාවගේ ජීවන තත්ත්වය නඟා සිටුවන්න කටයුතු කරන එකයි. නැත්නම් කිසිම තේරුමක් නැහැ.

:       26       24

ඉන්ඩ්‍රා ආරියරත්න Wednesday, 12 July 2017 04:41 PM

අර්ථයේ පරිසමාප්තාර්ථයෙන් දෙවි -මව-පියා (දෙමව්පියෝ ). ඔබ දෙදෙනාටම බුදුබව ලැබෙනවා නියතයි. තම දරුවන්ගේ කර්මානුරුප අනුවන තීරණ ඔවුන්කෙරෙහි අනුකම්පාවෙන් ඉවසමින් සියලු දුක් මහමෙර සේ ඉවසාගෙන තමන් නොකා නොබී දරුවන් පෝෂණය කර හිතුවක්කාරකම් පවා ඉවසමින් සිටි ඔබට සිටි එකම පුතා ලක්ෂ පහක ණයක්ද ඉතිරිකර සදා නොනිමෙන දුකක්ද ඉතිරිකර දෙමව්පියන්ට සහ පවුලට බරක්ව සිට මියයාම ඉතා අවාසනාවන්තය. එම අවාසනාව ඉතා බුද්ධිමත්ව වාසනාවකට පෙරලාගත් එම දෙමව්පියන්ට එම දරුවාටත් පින අනුමොදන් වියහැකි තමාටත් පින්ලැබෙන ඉතාමත්ම ආදර්ශමත් ක්‍රියාවක් කර තවත් පවුලකට අහිමිවීමට ගිය මවකට ජීවිතය ලබාදීම සහ අනෙක් අවයව පරිත්‍යාගය දහසක් අපරාධ වෙන රටක කලකින් ඇසූ උසස්ම ක්‍රියාවකි.

:       2       8

ඉන්ද්‍රා ආරියරත්න Wednesday, 12 July 2017 04:46 PM

මෙම දෙමව්පියන් බුදු වේවා!

:       0       3

Daham Wednesday, 12 July 2017 06:15 PM

නමෝ බුද්ධාය ..! මොනතරම් ආදර්ශමත් ක්‍රියාවක්ද..! ඉතාමත්ම ප්‍රසංශනීයයි. ඉතාමත්ම බුද්ධිමත් තීරණයක්. කුමක් හෝ සසරේ කර්ම දෝෂයක් නිසා තම ආදරණීය දරුවා ජීවිතයෙන් අකාලයේ සමුගත්තත් ඒ හදවත තවත් කෙනෙකුට ජීවය දෙන්න පරිත්‍යාග කරන්න තරම් බුද්ධිමත් භාවයක් ලද කර්මය කම ඵලය පිළිබඳව විශ්වාසය, අවබෝධය ඇති ගෞරවණීය දෙමාපියනි ඔබ හරිම පොහොසත්. ඉතාමත් මහත් ඵල මහානිසංශ මේ උතුම් කුශලයේ දිට්ඨ දම්මවේදනීය විපාකයකුයි මේ ලබන්නේ. මේ උතුම් කුශලයෙ ආදරණීය පුතුට පරලොව සුගතියත් උතුම් වූ අමාමහ නිවනින් සැනසීම පිණිසත්. ගෞරවණීය දෙමාපියනට මෙලොව පරලොව සැප පිණිසත්, උතුම් වූ අමාමහ නිවන්සුව පිණිසත් හේතු වාසනා වේවා..! මේ උතුම් බෝසත් ක්‍රියාව බොහෝ දෙනාට පූර්වාදර්ශයක් වේවා ..! මේ උතුම් කටයුත්ත ඇගයීමට කටයුතුකළ සියලුම දෙනාටත් නිවන්සුව පිණිස මේ කුසලය හේතුවේවා..!

:       0       32

HEWAWITHARANA Wednesday, 12 July 2017 07:08 PM

ගෙවල් බලාපොරොත්තුවෙන් තවත් අයවලුන් මෙවන් දේ වලට පෙළඹෙන්න එපා

:       0       0

prasad Wednesday, 12 July 2017 10:12 PM

කිසිම ලාභයක් නොපතමින් මේ දෙමවුපියන් කල මහා පිංකම මෙලොවදීම තමන්ට සුබපල උදාකර දීලා. ඔවුන්ගේ චේතනාව යහපත්. සල්ලි යහමින් තියෙන අයගෙන් නොමිලේ අවයව පරිත්‍යාගයක් ලැබුණානම් පුදුමයක් .

:       0       0

Dr .Sumanaseela Wednesday, 12 July 2017 10:28 PM

මම අද බබෙක් හම්බවෙන මව් කෙනෙක් පරීක්ෂා කළා. ඇයට හර්දය ලැබිල තියෙන්නේ මොලේ පිළිකාවක් තිබුන මැරුණු තරුණ කාන්තාවකගෙන් . මේ මව කියනවා කුසේ ඉන්න දරුවා බිහිවුණාම ඒ දරුවට දාන්නේ එයාට හදවත දානය කරපු මියගිය රෝගියාගේ නමලු. තවමත් ඇය ඒ හදවත දුන් පවුල සමග ඉතා සමීපව අැසුරුකරනවා. මේ විදිහ කෘතගුණ සලකන අය දුලබයි බටහිර ලෝකයේ. මෙය ඉතා දුර්ලබ දෙයක් . එංගලන්තයේත් ඉන්නවා අපේ හැදියාව වගේ අය.දෑසට කදුළු ගැනෙන කතිකාවතක් .

:       0       31

jantha anura Thursday, 13 July 2017 03:57 AM

මිනිසුන් පැහැරගෙන ගොස් හදවත් ලබාගන්නට සිතන අයත් මේ සමාජයේ ඉන්නවා දුප්පතුන් නොවේ උන් ඇති හැකි අය පමණි

:       0       0

Padmini Thursday, 13 July 2017 04:24 AM

දෙමව්පියන්ගේ ක්‍රියාව ඉතාමත් උතුම්. එමෙන්ම ජනපතිදුනි , අද ලක් අම්මගේ හදවතත් මියයන බව සතර අතින් ඇහෙනවා.ඉතා ඉක්මන් සැත්කමක් කරලා ලක්මව බේර ගනු ඇති අපි ප්‍රාර්ථනා කරනවා.

:       1       8

සමින්ද Thursday, 13 July 2017 01:33 PM

මොළය මියගිය දෙමව්පියන්ගේ ශරීර අවයව දන්දීම මගින් දරුවන් ආනන්තරීය පාප කරමයට යටත්වන බව ධර්ම සාකච්ඡාවක දී ඇසුවෙමි (යන්ත්‍රයෙන් ඉවත් කිරීම හේතුවෙන් දෙමාපියන් මියයන නිසා). මේ ගැන දන්නා අයකු වේ නම් අපව දැනුවත් කරන්නේ නම් මැනවි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇස්ට්‍රාසෙනිකා ගත්තු අය බයවෙන්න එපා
2024 මැයි මස 14 580 0

ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබාගත් කිසිවකු හෝ අනියත බියක් ඇති කරගත යුතු නැතැයි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පැවස


බිරියගේ ඝාතනයට වසර හතරකට පසු සැමියා අල්ලයි
2024 මැයි මස 14 401 0

සිය බිරිඳ මරා වැසිකිළි වළක දමා සැඟවූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් මියගිය කාන්තාවගේ සැමියා වසර හතරකට පසුව අත්අඩංගුවට ගත් බව හිනිදුම පොලිසිය කියයි.


නිලධාරීන් පැමිණ නෑ: වීසා අවුලේ මුදල් කමිටු සාකච්ඡාව නවතී
2024 මැයි මස 14 561 0

කටුනායක ගුවන්තොටුපොළේ වීසා ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රජයේ මුදල් පිළිබඳ ප


දිසා හතරකට නාය අනතුරු අඟවයි
2024 මැයි මස 14 91 0

දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 17 කට නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය ජාතික ගොඩනැගිලි


ඇස්ට්‍රාසෙනෙකා එන්නතින් දෝෂ ඇතැයි එම සමාගම පිළි ගනී
2024 මැයි මස 14 697 0

ඇස්ට්‍රාසෙනෙකා සමාගම හඳුන්වාදුන් කොරෝනා එන්නතින් අතුරු ආබාධ ඇති වන බවට එම සමාගම බ්‍රිතන්‍ය මහාධිකරණ ඉදිරියේ පිළිගැනීමත් සමග එම එන්නත ගැන සැකයක් ඇතැ


ඉන්දියාව තවත් වසර පහක් කොටි තහනම් කරයි
2024 මැයි මස 14 110 0

එල්ටීටීඊ කොටි සංවිධානයට එරෙහිව ඉන්දියාව පනවා ඇති තහනම තවත් වසර පහකින් දීර්ඝ කරන බව ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 697 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2223 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1910 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site