IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


සිසුවියන් අපයෝජනය කළැයි ඇඹිලිපිටි ගුරුවරයාගේ වැඩ තහනම්

(අජිත්ලාල් ශාන්තඋදය)

පාසල් යන වයසේ ගැහැණු දරුවන් කිහිපදෙනෙකු අපයෝජනය කිරිම පිළිබඳව චෝදනා ලැබු ඇඹිලිපිටිය මහා විද්‍යාලයේ ගුරුවරයකුගේ වැඩ තහනම් කළ බව සබරගමු පළාත් අධ්‍යාපන තොරතුරු තාක්‍ෂණ සහ සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා පැවසීය.

මීට සතියකට පමණ පෙර මෙම ගුරුවරයා සම්බන්ධයෙන් තොරතුරු ලැබුණ බව පැවසූ පළාත් අධ්‍යාපන ලේකම්වරයා ඇඹිලිපිටිය කලාප අධ්‍යාපන කාර්යාලයෙන් මූලික විමර්ශනයක් පැවැත්වීමෙන් පසු මෙලෙස වැඩ තහනම් කළ බව ද ඒ මහතා කීය.

මේ පිළිබඳව පොලීසි‍ය වෙනම විමර්ශනයක් සිදුකර අපරාධ නීතිය සම්බන්ධයෙන් ක‍්‍රියාකරන බව ඒ මහතා පැවසීය.
මෙම ගුරුවරයා පොලිස් අත්අඩංගුවට ද පත්ව දින කිහිපයක් රිමාන්ඞ් බාරයේ සිට ඇප මත නිදහස්ව පැමිණ ඇති බව ද කියැවේ. පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් වැඩිදුර විමර්ශනයක් පවත්වන බව ද කීවේ ය.

ගුරුවරුන් පිළිබඳව දැඩි විශ්වාසයක් තබා මව්පියන් තම දරුවන් පාසල් එවන විට ඒ විශ්වාසය කඩකරමින් දරුවන්ගේ ආරක්‍ෂාව අනතුරේ දමා මෙවැනි අපරාධ කරන කිසිවකුට කිසිදු සමාවක් දිය නොහැකි බව ද ලේකම්වරයා කීවේ ය.

දරුවන්ට වඩාත් සමීපව, ආදරයෙන්, දරුවන්ගේ හිත් දිනාගෙන උගන්වන ගුරුවරයකුට වුවද මෙවැනි අසත්‍ය චෝදනා පවා එල්ලවීමේ ඉඩකඩ ඇති බැවින් ඒ පිළිබඳ තීරණ ගනු ලබන්නේ මූලික විමර්ශනයකින් පසුව බව ද ඒ මහතා කීය.

 



අදහස් (2)

සිසුවියන් අපයෝජනය කළැයි ඇඹිලිපිටි ගුරුවරයාගේ වැඩ තහනම්

kumar (galf) Wednesday, 09 August 2017 08:12 AM

මේ තමයි කාමාතුර ගුරු හොරු, අනේ අපේ කාලේ ගුරුවරු, ඔවුන්ට රන්මාලා පලඳවන්න ඕනෑ.

:       0       3

Rocky Wednesday, 09 August 2017 02:24 PM

සමහර ටියුෂන් ගුරාවරුත් ඔය වගේම තමයි. කළුතර පැත්තේ දෙමළ උගන්වන ගුරුවරයෙකුටත් ඔය විදිහේ චෝදනාවක් කරමින් දැන් ටිකකලකට පෙර ඔහුගේ ගෙදරටම පැමිණි පිරිසක් ඔහුට ගෙදරින් පැනලා දුවන තුරුම පහර දුන්නා. ඒත් කේස් එකක් නම් නැහැ!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 15 0

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


අපරාධ වලින් ඉපැයූ සල්ලි අය කර ගන්න නීති
2024 අප්‍රේල් මස 26 186 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව 2014 වර්ෂය වන විට වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ නීතියක් හ


ගිණුම් වලින් සල්ලි අදින හොර කල්ලියක්
2024 අප්‍රේල් මස 26 461 0

ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් දැනට සතියක පමණ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පො


මත්තල ගුවන්තොට ඉන්දියාවට - රුසියාවට
2024 අප්‍රේල් මස 26 1012 0

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.


බලශක්තියට නව නියාමන ආයතනයක්
2024 අප්‍රේල් මස 26 194 0

බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


බාල සහල් ගැන සජිත්ගෙන් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 237 0

රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 334 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1720 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1558 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site