IMG-LOGO

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා


සජින් වාස්ගෙන් පොලිසිය ප්‍රශ්න කරයි

බිමල් ශ්‍යාමන් ජයසිංහ
 
අධි සුඛෝපබෝගී වාහන අටක් නිශ්පාදන සමාගමෙන්  මිලදී ගැනීම වලක්වාලමින් රජයට රුපියල් කෝටි දෙකක පාඩුවක් සිදුකළා යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාගෙන් අද (26) පැය තුනකට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගත් බව පොලිස් විශේෂ විමර්ශන ඒකකය කියයි.
 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයේ සිටින එවක ජනාධිපති කාර්යාලයේ හිටපු ප්‍රධාන ගණකාධිකාරවරයකු වන ඒ.එල්.ඩි ගුණරත්න හා හිටපු අතිරේක ලේකම් ඩි.එස් ගුණරත්න යන මහත්වරුන්ගේ ප්‍රකාශ වලින් හෙලි වූ තොරතුරු අනුව  හිටපු මන්ත්‍රීගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගත් බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මෙවන් ද සිල්වා මහතා පැවසීය.
 
එම අධි සුඛෝපබෝගී වාහන අටෙහි වටිනාකම මෙන් දෙගුණයක් වැය කර  මිලදි ගන්නා ලෙස ගුණවර්ධන මහතා බලපෑම් කර ඇති බව ප්‍රධාන ගණකාධිකාරවරයාගේ හා අතිරේක ලේකම්වරයාගේ ප්‍රකාශවල සටහන්ව ඇති බව පොලිසිය කියයි.



අදහස් (8)

සජින් වාස්ගෙන් පොලිසිය ප්‍රශ්න කරයි

රවින් Monday, 26 March 2018 06:55 PM

මේ ලිපිගොනුත් පරණ ඒවා වගේ අස්ථාන ගතවෙයිද?

:       0       1

සිරිමල් Monday, 26 March 2018 11:37 PM

මෙයාගෙන් ප්‍රශ්න කරනවා. එයාගේ අයියට ශ්‍රී ලන්කන් එකේ ලොකු පුටුවක් බාරදෙනවා. එහෙම කරලා ශ්‍රී ලන්කන් එක "ගන්න දෙයක් නෑ" කියල හඬා වැලපෙනවා. ලොක්කත් බුදි. සොක්කත් බුදි. "පට්ට හොරු" කියපු කට්ටිය ජය ගෝෂා මැද්දේ නැවත රජවෙනවා. ඊළඟට ලංකාවෙන්ම තුන්වෙනි ධනපතියා වෙලා කන්න දුන්න අත හපන්න ගිහින් අහන්න වෙලා තියෙන්නේ " දැක්කනේ බයිසිකලේ ආපු මිනිහත් දින්න නාගයාගෙන් ආපු මිනිහත් දින්න. ඉතින් දැන් අපි කරන්නේ මාපිලෙක් හරි දාල මහින්ද නැවත බලයට ගෙන එකයි " කියන කන් අඩි බිරි වෙන අමන කතා නේද? මෙහෙම කියන අයට බලය බන්දේසියක තියල පුජාකරලා නිස්කාරනේ පොලවට පස්වෙන්න තමා වෙන්නේ අයිබෝවන්.

:       46       236

Lapaya Tuesday, 27 March 2018 01:07 AM

මුන් වගේ උන් තමයි මහින්ද රාජපක්ෂ ජනධිපති තුමාව කෑවේ වටේ ඉදගෙන.

:       1       30

niresh Tuesday, 27 March 2018 04:49 AM

මොන පිස්සු වැඩද , කොච්චර කාලෙක ඉදල මේ නාඩගම නටනවද. ඕක තාම ඉවරයක් කරගන්න බැරි පොලිසියක් මොකටද.

:       0       10

HafeelTuesday, 27 March 2018 07:00 AM

Niresh ඔබ හරියට හරි. දැන් බලයට ඇවිල්ල අවුරුදු තුනටත් වැඩි. දඬුවම් දීපු හොරුත් නැහැ, ජනාධිපතිගේ කඩුත් පේන්න නං නැහැ, ජනාධිපතිගේ දැධි තීන්දු තීරණයත් පෙන්න නං නැහැ.

:       0       8

lalithsjmTuesday, 27 March 2018 07:35 AM

අපිට ඉන්නේ කටට එන පලියට කතා කරන සබ්ධ වාහිනියක් විතරයි. පොලිතින් තහනම් කලා කඩු අතට ගත්තා... කෝ මොකද උනේ.

:       0       1

sachith Tuesday, 27 March 2018 06:32 AM

මේ රටේ බිහිවෙච්ච ආණ්ඩු වලින් ගන්න තියෙන අදර්ශේ තමයි, හොරකම් කරනවානම් පොඩි පොඩි ගණන් නැතුව බිලියන ගානක් හොරකම් කරන්න. එතකොට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නෑ කවුරු බලයට පත් උනත්.

:       0       10

naradha Tuesday, 27 March 2018 11:38 AM

වාහනවල වටිනාකම මෙන් දෙගුණයක් වැය කිරීමට මොහුට ඉහලින් සිටින දේසපාලකයෙක් බල කර සිටියදයිත් සොයා බැලිය යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සා.පෙළ ප්‍රතිඵල මේ මස අග
2024 මැයි මස 01 185 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇතැයි විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.


‘‘මේ රට විනාශයෙන් මුදවා ගැනීම අපේ අරමුණයි‘‘
2024 මැයි මස 01 493 0

“මේ රට විනාශ කරපු මේ රට හිඟන තත්වයට ඇද දැමු දූෂිත පාලකයන් යටතේ පවත්වන අවසන් මැයි දින රැලිය මෙයයි. දූෂිතයන් යටතේ තවත් එක මැයි දිනයක්වත් මේ රටේ පැවැත්වෙන්


‘‘ජනපති වෙන්න පොහොට්ටුවේ ආශීර්වාදය අනිවාර්යයි‘‘
2024 මැයි මස 01 791 0

එළඹෙන ජනාධිපතිවරයෙන් ජය ලබන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආශිර්වාදය තියෙන අපේක්‍ෂාකයා. ජය ලබන ජනාධිපති අපේක්‍ෂකයා සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ


‘‘ජනතාව ඉන්නේ කොහේද කියා දැන් පේනවා‘‘
2024 මැයි මස 01 1016 0

ජනතාව සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග බව අද පැවති මැයි දින රැළියේදී සහතිකයක් ලැබුණා. ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා පුළුල් සංවිධානයක් ඇති


විදෙස් කත බේරාගන්න මුහුදට පැන්න ත්‍රිරෝද රියදුරු අතුරුදන්
2024 මැයි මස 01 1572 0

අහංගම ගොයියපාන මුහුදු තිරයේ දියේ ගිලෙමින් සිටි යුක්රේන් ජාතික විදේශිය කාන්තාවක් බේරාගැනිම සදහා අද (01) මුහුදට පනිනු ලැබු පුද්ගලයකු දියවැලකට හසුවිමෙ


‘‘ආණ්ඩුව සමඟ ගිවිසුමකට එන්න‘‘
2024 මැයි මස 01 1257 5

අසීරුවෙන් ආරක්ෂා කරගත් රටේ ආර්ථිකය තවදුරටත් ගොඩනැගීම සඳහා ජනතාව ගැන සිතා ආණ්ඩුව සමඟ ගිවිසුමකට එන්නැයි සජබ ,ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සියලු පක්ෂවලට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 428 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1842 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1653 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site