IMG-LOGO

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා


සංචාරක ත්‍රිකෝණයක් හදනවා-අගමැති

(හර්ෂණ තුෂාර සිල්වා.ඡායාරූප-ශාන්ත රත්නායක)

කොළඹ, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය ඉලක්ක කර ගනිමින් සංචාරක ත්‍රිකෝණයක් නිර්මාණය කිරීමට සැලැසුම් කරමින් සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ශ්‍රී ලංකාවට පැමිණෙන වාණිජ, සංචාරක සුඛෝපභෝගී නැව් ඉලක්ක කරගනිමින් මෙම සංචාරක කලාපය නිර්මාණය කරන බව අග්‍රාමාත්‍යවරයා පවසයි.

සිනමන් හෝටල් සමූහය ඇතුළු පාර්ශවකරුවන් විසින් සංවිධානය කරන ලද ‘සංචාරක කර්මාන්තයේ’ අනාගතය මැයෙන් කොළඹ සිනමන් ග්‍රෑන්ඞ් හෝටලයේ දී  අද (26) පැවැති සමුළුවකදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කීය.

ආසියාව සංචාරක කර්මාන්තයේ කේන්ද්‍රස්ථානය බවට පත්වෙමින් තිබෙන හෙයින් ශ්‍රී ලංකාවේ උපායමාර්ගික පිහිටීම ඉතා වැදගත් යැයි ද එම වාසියෙන් ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා සබඳතා ජාලය ශක්තිමත් කරමින් රට තුළ යටිතල පහසුකම් සංවර්ධනය කළ යුතු යැයි ද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

කටුනායක සහ හම්බන්තොට ප්‍රධාන ගුවන්තොටුපළ දෙක, කොළඹ, හම්බන්තොට සහ ත්‍රිකුණමල ප්‍රධාන වරාය තුන අධිවේගි හා මහාමාර්ග පද්ධතිය සම්බන්ධ කරමින් යටිතල පහසුකම් සංවර්ධන ක්‍රියාවලිය දියත් කරන බව අග්‍රාමාත්‍යවරයා කියයි.

මෙම සියල්ල සිදු කිරීමේදී මානව සම්පත සංවර්ධන කිරීම ඉතා වැදගත් බවත් ඒ සඳහා දැනටමත් සැලැසුම් යොදා ඇති බවත් වික්‍රමසිංහ මහතා පවසයි.



අදහස් (5)

සංචාරක ත්‍රිකෝණයක් හදනවා-අගමැති

lalith Tuesday, 26 September 2017 02:21 PM

මේ තියෙන අටපට්ටමේ සංචාරකයන්ට වැඩියෙන් පහසුකම් සැලසුවොත් ඔය ත්‍රිකොනේ හදන කාලෙට සංචාරකයෝ පෝලිමේ එයි. සංචාරකයෝ කියන්නේ පිටරට වල වුනත් සල්ලි ටිකක් යහමින් තියෙන මිනිස්සු. ඒ අය අපේ රටට එන්නේ එහෙ ඉන්නවට වඩා සතුටින් විනෝදෙන් විවේකයෙන් ටික දවසක් ඉඳල යන්න. නැතුව පොල්සම්බෝලයි බතුයි කන්න, කිරිබත් කන්න ආසාවෙන්ම නෙමෙයි. යනකොට කවුරු හරි යාළුවන්ට දෙන්න පුළුවන් මතක සටහනකුත් අරන් යන්න උනන්දු වෙනවා. එව්වා දේශීය නිෂ්පදානම වෙන්න ඕන නැහැ. ඒ කට්ටිය එන රටවල්වල තියෙන කෑම බිමත් අධික බදු වලින් තොරව සුලභව තිබීම අවශ්‍ය වෙනවා. පවුලක් පිටින් එන සංචාරකයෝ අඩුම තරමින් පහක් හයක් එකට එනවා. නමුත් අපේ රටේ පස්දෙනෙක් හයදෙනෙක් යන මගී වාහනයක් කියන්නේ අධි සුඛෝපබෝගී ඛණ්ඩයේ වාහනයක්. ඒ සංචාරක පවුලකට තමන්ගේ පවුලේ පස්දෙනා එක්කල රටවටේ යන්න එක්කෝ අමතර සීට් සවිකරපු භාණ්ඩ ප්‍රවාහනය කරන වර්ගයේ වන රථයක යන්න වෙනවා, නැතිනම් අධික මුදලක් ගෙවල ඒ රටවල සාමාන්‍ය වාහනයක් වන එහෙත් අපේ රටට අධි සුඛෝපභෝගී වන මගී ප්‍රවාහන වන රථයක යන්න වෙනවා. එහෙමත් නැතිනම් කාර් දෙකක යන්න වෙනවා. මේ වගේ දේවල් වෙනස් නොකර ත්‍රිකෝණ හැදුවට වැඩක් නැහැ.

:       1       5

de silva Tuesday, 26 September 2017 02:46 PM

කරුණාකර ආණ්ඩුවට දවසට රුපියල් මිලියන කිහිපයක් උපයාදෙන සීගිරියේ සංචාරකයන්ට ප්‍රමාණවත් වැසිකිලි පහසුකම් සපයා දෙන්න.

:       0       99

de silva Wednesday, 27 September 2017 01:23 AM

ලලිත් මහතාගේ අදහස මම අනුමත කරමි. සංචාරක ව්‍යාපාරයට අත්‍යවශ්‍ය දෙයක් වන ප්‍රවාහන පහසුකම් සපයන වාහන වැනි දේවල් වලට පනවන විශාල බදු නිසා මිල අධික වී ඇත. රෙස්ටුරන්ට් වලට අවශ්‍ය මත්පැන් බලපත්‍ර වැනි බලපත්‍ර ලබාගැනීමේ ක්‍රියාවලිය ඉතා සංකීර්ණ සහ මිල අධික නිසා කලාපයේ අනිකුත් රටවල් සමග තරඟයක් දීමට අපේ සුළු සහ මධ්‍යම පරිමාණ සංචාරක ව්‍යාපාරිකයට අසීරු වී ඇත. ආයෝජන මණ්ඩලය වැනි ආයතන හරහා රජයේ අනුග්‍රහය ලැබෙන නිසා ලොකු සමාගම් වලට මේ ප්‍රශ්න අඩුය. කණගාටුවට කාරණයක් වන්නේ මෙවැනි ලොකු සමාගම් වලින් වැඩි හරියක් විදේශිකයන්ට අයිති බහුජාතික සමාගම් සතු වීම නිසා එම මුදල් වලින් වැඩි හරියක් විදේශයන් වලට නැවත ඇදී යාමය .

:       0       0

Rohana Wednesday, 27 September 2017 02:06 AM

අගමැතිතුමනි, සංචාරක ත්‍රිකෝණය හැදීමට පෙර කුණු ප්‍රශ්නය, විසඳන්න.

:       0       0

vipula Wednesday, 27 September 2017 03:40 AM

මෙතුමා කියන්නේ මෙතුමාගේ පාලන කාලයේදී සිදු නොවන දේවල්.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සා.පෙළ ප්‍රතිඵල මේ මස අග
2024 මැයි මස 01 163 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට මේ මස අවසන් සතියේ පමණ හැකිවනු ඇතැයි විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.


‘‘මේ රට විනාශයෙන් මුදවා ගැනීම අපේ අරමුණයි‘‘
2024 මැයි මස 01 434 0

“මේ රට විනාශ කරපු මේ රට හිඟන තත්වයට ඇද දැමු දූෂිත පාලකයන් යටතේ පවත්වන අවසන් මැයි දින රැලිය මෙයයි. දූෂිතයන් යටතේ තවත් එක මැයි දිනයක්වත් මේ රටේ පැවැත්වෙන්


‘‘ජනපති වෙන්න පොහොට්ටුවේ ආශීර්වාදය අනිවාර්යයි‘‘
2024 මැයි මස 01 722 0

එළඹෙන ජනාධිපතිවරයෙන් ජය ලබන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආශිර්වාදය තියෙන අපේක්‍ෂාකයා. ජය ලබන ජනාධිපති අපේක්‍ෂකයා සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ


‘‘ජනතාව ඉන්නේ කොහේද කියා දැන් පේනවා‘‘
2024 මැයි මස 01 938 0

ජනතාව සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග බව අද පැවති මැයි දින රැළියේදී සහතිකයක් ලැබුණා. ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා පුළුල් සංවිධානයක් ඇති


විදෙස් කත බේරාගන්න මුහුදට පැන්න ත්‍රිරෝද රියදුරු අතුරුදන්
2024 මැයි මස 01 1530 0

අහංගම ගොයියපාන මුහුදු තිරයේ දියේ ගිලෙමින් සිටි යුක්රේන් ජාතික විදේශිය කාන්තාවක් බේරාගැනිම සදහා අද (01) මුහුදට පනිනු ලැබු පුද්ගලයකු දියවැලකට හසුවිමෙ


‘‘ආණ්ඩුව සමඟ ගිවිසුමකට එන්න‘‘
2024 මැයි මස 01 1222 5

අසීරුවෙන් ආරක්ෂා කරගත් රටේ ආර්ථිකය තවදුරටත් ගොඩනැගීම සඳහා ජනතාව ගැන සිතා ආණ්ඩුව සමඟ ගිවිසුමකට එන්නැයි සජබ ,ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සියලු පක්ෂවලට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 428 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1842 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1652 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site