IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


‘විශ්ව විද්‍යාල පද්ධතිය ගමන් කරන්නේ රටට නුසුදුසු ලෙසයි’

අජිත්ලාල් ශාන්තඋදය
 
මුදල් සහ රාජ්‍ය දේපළ අවභාවිත වන රාජ්‍යයක් ලෙස පිළිගැනෙන ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතියට වියදම් කරන මුදල් වලින් ලැබෙන ප‍්‍රතිඵල ඵලදායි ද යන්න ගැටලූව විශ්ව විද්‍යාලවලින් උපාධි අරගෙන පිටවන ළමයින්ගේ දැනුම සැළකිල්ලට ගත් කළ පෙනෙන බව විගණකාධිපති එච්.එම්. ගාමිණී විජේසිංහ මහතා රටට නුසුදුසු ලෙස ගමන් කරන බව පාර්ලිමේන්තුවට වාර්තා කරන්නට සිදුවන බව පැවසීය. 


විගණතාධිපතිවරයා මේ බව පැවසුවේ විගණනාධිපති දෙපාර්තමේන්තුවේ කුරුවිට බටුහේනේ පිහිටා තිබූ විගණන දෙපාර්තමේන්තුවට අයත් රාජ්‍ය විගණන පුහුණු සහ සංවර්ධන මධ්‍යස්ථානය සබරගමු විශ්ව විද්‍යාලයේ නව වෛද්‍ය පීඨය ස්ථාපිත කිරීමට එහි ගොඩනැගිලිවල අයිතිය පවරාදෙමින් එම පරිශ‍්‍රයේ ශ්‍රවණාගාරයේ අද (17) පැවති උත්සවයේ දීය.


සබරගමු විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එම්. සුනිල් ශාන්ත මහතාට එම පැවරුම් ලේඛන විගණකාධිපතිවරයා විසින් පිරිනමනු ලැබිණි.


එහිදී විගණකාධිපති එච්.එම්. ගාමිණී විජේසිංහ මහතා වැඩිදුරටත් මෙසේ කීවේය.


‘‘ලෝකයේ මුදල් අවභාවිතා වන රටවල් අතරින් ලංකාවත් එකක්. ඒ අවභාවිතයන් පිළිබඳ සොයාබලා වාර්තා කරන දෙපාර්තමේන්තුවේ ප‍්‍රධානියා මම. පසුගිය කාලේ සිදුවු අවභාවිතයන ගැන සොයා බලන්න 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව විශාල පිටුවහලක් වුණා. යහපාලනය සවුත්තු වුණාට ඒ ‘‘යහපාලනය’’ කියන වචනය රාජ්‍ය පාලනයේදී ඉතා අර්ථවත්.’’


‘‘රාජ්‍ය සේවකයාගේ අවංක බව ගොඩනගන්න විශාල කාර්යභාරයක් කරන්න වෙලා තියනවා. විගණන දෙපාර්තමේන්තුවේ 1500ක් වු සේවකයන් පුහුණු කිරීමටයි මෙම මධ්‍යස්ථානය හැදුවේ. 


රත්නපුර ප‍්‍රදේශයේ මේක හදන්න හේතුව හිටපු විගණකාධිපතිරයෙක් වූ සමරවීර මහතාගේ ගම වීම නිසයි. නමුත් කොළඹ ඉඳලා මෙහාට එන්න පැය හතරක් පහක් යනවා. ඒ නිසා මේක අපිට වඩා සබරගමු විශ්ව විද්‍යාලයටයි සුදුසු. මේවා පෞද්ගලික දේපලක් නෙවෙයි. ඒ නිසා අපේ දෙපාර්තමේන්තුව අපිට වැඩිය ඵලදායිතාවක් ගතහැකි ලෙස මේ පුහුණු සංකීර්ණය සබරගමු විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය සඳහා පරිත්‍යාග කරන්න අපි තීරණය කළා.’’


‘‘අද සමහරුන්ට වෙලා තියෙන්නේ පුටුවක ඉඳගත්තොත් නැගිටින්න කැමති නෑ. ගැටලූ සහ ප‍්‍රශ්න ඇතිවන්නේ ඒ නිසා. නමුත් අපි ඒ වෙනසට හුරුපුරුදු වියයුතුයි. අතහැරීම පුරුදු නැති නිසා අපි ඇලෙනවා. ඊට පස්සේ ගැටෙනවා. 


මෙතනදි විගණකාධිපති දෙපාර්තමේන්තුව ඇලූනේ නෑ. අතහැරියා. මේවා මහජන දේපල. ඒවා අයිති මහජනතාවට. ඒ නිසා ඉතා ඉක්මනින් සබරගමු විශ්ව විද්‍යාලයට වෛද්‍ය පීඨය ස්ථාපිත කරන්න අවස්ථාව උදා වුණා. ඒ පිංකමේ අපිත් කොටස්කාරයෝ කියලා අපිට සතුටුවිය හැකියි.’’
 
අතුරුදන් වූවන් සොයා බැලීමේ කොමිසමේ හිටපු ලේකම් එච්. ඩබ්. ගුණදාස, සබරගමු විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපතිවරයෙක් වූ මහාචාර්ය රෝහණ මහලියනාරච්චි, රත්නපුර පළාත් මහරෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය සම්පත් රණවීර, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ රත්නපුර රෝහල් ශාඛාවේ අනුශාසක වෛද්‍ය සමන් අබේවර්ධන මහතා ඇතුළු ආරාධිතයෙන් රැසක් ද, විශ්ව විද්‍යාලයේ පීඨාධිපතිවරුද, අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල ප‍්‍රධානීන් රැසක් ද මෙම අවස්ථාවට එක්වුහ.



අදහස් (9)

‘විශ්ව විද්‍යාල පද්ධතිය ගමන් කරන්නේ රටට නුසුදුසු ලෙසයි’

Raveendra Friday, 17 August 2018 08:40 AM

රජයේ සේවකයෙක් හැටියට මෙන්ම මහජන මුදලින් වැටුප් ලබන "නිලධාරියෙක් " හැටියට ඔබ විසින් ප්‍රකාශ කර ඇත්තේ 100%ක් නිවැරදි ප්‍රකාශයකි. කතා කරොත් නම් අධ්‍යාපනය ගැන කෙල පැමිණි ආචාර්ය මහාචාර්යාවරු ඉන්න රටක මෙවැන්නක් වීම එම රටේ අභාග්‍යයකි.

:       51       256

Kamal Friday, 17 August 2018 08:47 AM

විශ්වවිද්‍යාලවලින් පිටවන බහුතරය රටට බරක්. මොකක් හරි ඵලදායි නොවන පින් පඩියක් ලැබෙන රජයේ රැකියාවක්මයි ඉල්ලන්නේ....

:       102       204

RNG Friday, 17 August 2018 03:28 PM

තමන්ට ඒ තැනට යන්න බැරි වුණා නම් ඉරිසියාව කුහකකමවත් ප්‍රදර්ශනය නොකර ඉන්න පුරුදු වෙන්න.ලබන ආත්මෙට හරි එහෙම තැනකට යන්න පුළුවන් වෙයි..

:       37       39

Bamunuarachchi Friday, 17 August 2018 09:20 AM

රටේ මොන පද්දතියද හොඳ පැත්තට ගමන් කොරන්නේ?

:       1       21

JCN Friday, 17 August 2018 09:29 AM

"අතහැරීම පුරුදු නැති නිසා අපි ඇලෙනවා. ඊට පස්සේ ගැටෙනවා.." දුකට හේතුව ඕකයි කියලා අවුරුදු 2500 කට කලින් කෙනෙක් කීවෙත් ඕකමයි. මෙන්න නියම බෞද්ධයෝ. එහෙම නැතුව ගස් ගල් වඳින සිවුර උස්සගෙන ශාසනේ රකින්න හදන අයට ඕව තේරෙන්නේ නෑ. නිවුස් එකට අදාළ නොවුණත් කියන්නම හිතුණා.

:       0       19

Sumanasiri Friday, 17 August 2018 12:16 PM

විශ්ව විද්‍යාල පිහිටුවිය යුත්තේ කොළඹට ආසන්නයේය. එවිට සිසුන් අමතර ව CIMA ,CIM වැනි ඒවාද කර විශ්ව විද්‍යාලයෙන් පිටවන විටම හොඳ රැකියා සොයා ගනී. හෝමාගම තාක්ෂණ හා අධ්‍යාපන කලාපයක් කිරීම කාලෝචිතයි.

:       0       0

රවි Friday, 17 August 2018 01:58 PM

සමුළුවලදී අති පණ්ඩිතයින් සේ දේශනා කරන සමහරක් ඇත්ත තත්වය සඟවනවා. උදාහරණයක් ලෙස කෘෂිකර්ම උපාධිධාරීන් කී දෙනෙක් කාර්යාල සේවකයින් ලෙස වැඩ කරනවාද? මෙය විශ්ව විද්‍යාලයෙන් බිහි වන විද්‍යාර්ථයින්ගෙන් නිවැරදිිව ප්‍රයෝජන නොගැනීමේ වරදයි.

:       0       29

kalani Saturday, 18 August 2018 06:46 AM

විගණකධිපතිවරයාගේ ප්‍රකාශය ශ්‍රී ලංකා සමාජ දේහයේ සැබෑ හරස් කැපුමකි. අධ්‍යාපන ක්ෂේත්‍රයේ තිබෙන ශක්තිය, දුර්වලතා, ඉඩකඩ සහ තර්ජනය අපි හඳුනාගනිමු. රජයක මුලික වගකීම සියලුම පුරවැසියන්ට තමන්ගේ මාතෘ භූමියට ආදරය කිරීමට දැනුම හා කුසලතා ලබාදීමයි. ජාතික උරුමයන්, අභිමානයන් රැකගැනීමට හැකියාව සහ මඟ පෙන්වීම ලබාදිය යුතුය. රටේ තිරසාර භාවයට යටත්ව කාලින සංවර්ධනය අත්පත් කරගැනීමට සුදුසු විෂයයන් විශ්ව විද්‍යාල පද්ධතියට එක් කළ යුතුය. පාසල් 11,000 ක ආසන්න ප්‍රමාණයකට ඇතුලත් වියයුතු ප්‍රමාණයෙන් 96% ක් පමණි ඇතුලත් වන්නේ. 11 වැනි පන්තිය වන විට 88% දක්වා අඩුවෙයි. විද්‍යාව, ගණිතය, සහ තාක්ෂණික විෂයයන් සඳහා යොමුවන්නේ 35%ක් පමණය. රාජ්‍ය විශ්ව විද්‍යාල 15 ට ඇතුලත් විය හැක්කේ උසස් පෙළ සමත් 61% එකෙන් 6% ක් පමණි.විශ්ව විද්‍යාලවල විෂය මාලාවන් රටේ අවශ්‍යතාවයට නොගැලපේ නම් විශ්ව විද්‍යාලයෙන් පිටවන දරුවාගේ දැනුම හාස්‍යයට ලක් කිරීම අපේ මෝඩකම්වලට සිනාසිමක් පමණි. ශේක්ස්පියර්, මර්වන්ස්, ගතේ, බුල්සාක්,සහ පුෂ්කින් වැනි මහා ලේඛකයින් ලියු පොත් සියලුම වෘත්තීය දේශපාලයින් හැලූ බේගල්වලට වඩා වැඩි සමාජ සත්‍යයක් හෙළිදරව් වෙමින් තිබෙන බව නොකියයි

:       0       0

RaveendraSaturday, 18 August 2018 04:03 PM

කලණි මයා/මිය වෙත, ඔබ විසින් කර ඇති විග්‍රය ඉතාමත්මවටිනා බව කිවයුතුය.මෙය අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉහලම තානතුරු දරන ආචාර්ය මහාචාර්ය යයි කියා ගන්න උදවියට නොතේරෙන්නේද ?? තේරුනත් නොතේරුන සේ ඉන්නේද යන්න අපටනම් ගැටලුවකි.විශ්වවිද්‍යාල වල බොහොමයක් පාඨමාලා අද කාලයට ඔබිනලෙස සැකසී ඇද්ද යන්න ගැන කිසිවකු කතාකරනවද යන්න සැක සහිතය. කවුරු කෙසේ කිවත් මෙම සිසුන්ගේ ජාත්‍යන්තර භාෂා ඥානය ඉතාමත් පහල මට්ටමක බවත් පිළිගත් යුතුය.වඩාත් වැදගත් කරුණනම් විශ්වවිද්‍යාල වලට ඇතුළුවීමට නොහැකිවූ එහෙත් විශ්වවිද්‍යාල වලට ඇතුළුවීමට සුදුසුකම්ලත් දරුවන් ගැන කිසිදු පැහැදිලි වැඩසටහනක් නොමැති වීම ඉතාමත්ම කනගාටුදායකය. රටේ තීන්දු තීරණ ගන්න තැනත් නුගත් අම්බරුවන් පිනට කකා බිබී තම ජීවිතය සරි කරගනිමින් සිටින්නේනම් එම රටේ අනාගතය ගැන පිලිබදව කථාඅ කිරීම හෝ සිතීමත් නිෂ්පල නොවන්නේද ????( රටේ මුල් පුරවැසියාට මෙම අදහස් කියවීමට හැකිවෙත්වා )

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 16 0

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


අපරාධ වලින් ඉපැයූ සල්ලි අය කර ගන්න නීති
2024 අප්‍රේල් මස 26 186 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව 2014 වර්ෂය වන විට වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ නීතියක් හ


ගිණුම් වලින් සල්ලි අදින හොර කල්ලියක්
2024 අප්‍රේල් මස 26 462 0

ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් දැනට සතියක පමණ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පො


මත්තල ගුවන්තොට ඉන්දියාවට - රුසියාවට
2024 අප්‍රේල් මස 26 1012 0

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.


බලශක්තියට නව නියාමන ආයතනයක්
2024 අප්‍රේල් මස 26 194 0

බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


බාල සහල් ගැන සජිත්ගෙන් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 237 0

රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 334 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1720 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1558 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site