IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


වියළි කාලගුණය නිසා විල්පත්තුවේ විල්ලු රැසක් සිඳී යයි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)               
 
පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ විල්ලු විශාල ප්‍රමාණයක ජලය සිඳී යාමත් සමඟ මේ වන විට ඉදිකර ඇති කෘත්‍රිම පොකුණු සඳහා බවුසර් යොදා ගනිමින් ජලය දැමීමට කටයුතු කර ඇති  බව උද්‍යාන පාලක චමත් ලක්ෂමන් පෙරේරා මහතා පවසයි.
 
විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ විල්ලු 42 කින් මේ වන විට 20 කට වැඩි ප්‍රමාණයක් ජල මට්ටම බරපතල ලෙස අඩුවී ඇති බවත් එසේම විල්ලු 14  කට ආසන්න ප්‍රමාණයක ජලය සම්පුර්ණයෙන් සිඳි ඇති බව විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ උද්‍යාන පාලක වරයා කීය.
 
උද්‍යාන පාලක වරයා වැඩි දුරටත් පවසා සිටියේ මෙම විල්ලු අතරින් විල්ලු 8 ක ඉහල ජල මට්ටමක් ඇති බවයි .නමුත් ඔහු පැවසුවේ මේ වන විට මෝදගන් ආරු ආශ්‍රීත විල්පත්තුව උතුරු අභය භුමියේ ගැවසෙන වන සතුන් උග්‍ර ජල ගැටළුවකට මුහුණ දි ඇති බවයි .
 
උද්‍යානයේ බොහෝ ප්‍රදේශ තුළ තෘණ වියළි ගොස් තිබෙන ආකාරයත් මේ හේතුවෙන් තෘණ ආහාරයට ගන්නා වන සතුන් දැවැන්ත අර්බුදයකට ලක්ව ඇති ආකාරයත් දැක ගත හැකි විනි.
 
සිඳි ගිය විල්ලු ආශ්‍රීතව ඉදිකර ඇති කෘත්‍රිම පොකුණු සඳහා ජල බවුසර් ආධාරයෙන් ජලය ලබා දීමට විල්පත්තුව වන උද්‍යානයේ එළුවන්කුලම පිවිසුමේ වනජීවි නිලධාරීහු කටයුතු කරති .



අදහස් (2)

වියළි කාලගුණය නිසා විල්පත්තුවේ විල්ලු රැසක් සිඳී යයි

nihal Friday, 07 September 2018 04:09 AM

මොකටද ගස් කපන්න ඉඩදුන්නේ..................

:       1       10

Thisuri Friday, 07 September 2018 05:22 AM

වර්ෂ කාලයට ජලය රදවා තබා ගැනීමට ක්‍රමවත් වැඩ පිළිවෙලක් දියත් කිරීමේ කාලය එළඹී ඇත. ඒ සදහා පිට රැටියන් ශීත කාලයට සැරසෙන ලෙස අපටද වර්ෂයේ සැමදාම එන වියලි කාලයට කෙලෙසද හෝ මුහුණ දිය යුතුම බැවින් කල්තිය ඒසඳහා තණකොළ සකසා ගබඩා කිරීම, ජල ටැංකි සදා ජලය රදවා තබා ගැනීම. මොකද මෙය සත්ත්ව උද්‍යානයක් බැවින්, නිතරම නරඹන්නන් එන තැනක්. එනිසා වනසතුන් පෝෂණය සදහා මීට වැඩ රජය හා වන ජීවී කාර්යාලයන් පෙර සුදානම් විය යුතුමය. මහනුවර, නුවර එලිය වැනි තණකොළ බහුල ප්‍රදේශ වලින් තණකොළ ගෙනවිත් ගබඩා කල හැක. සත්ත්ව සංවිධාන සමඟ මේ සඳහා අවශ්‍ය උපදෙස් කල්තියා ලබාගෙන අසරණ සත්වයින් මහජන ප්‍රදර්ශනයට තබා මුදල් හම්බ නොකර ඔවුන් ආරක්ෂා කර ගතයුතු වැඩ පිළිවෙලක් සකස් කරන්න කාලය එළඹ ඇත.

:       0       11

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 165 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 335 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1479 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 227 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 432 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 383 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site