IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


වනජීවී ඇමැති සිංහරාජයේ අලි ඇල්ලීමේ තීරණය වෙනස් කරයි

අජිත්ලාල් ශාන්තඋදය      

                                          
ලෝක උරුම සිංහරාජ වනාන්තරයේ වෙසෙන වන අලි දෙදෙනා සිංහරාජ වනාන්තරයෙන් ඉවත් නොකරන ලෙස වනජීවී අමාත්‍ය මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අද (17) නියෝග කළ බව වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල් එම්.ජී.සී. සූරියබණ්ඩාර මහතා පැවසුවේය.


මෙම වනඅලි දෙදෙනා සිංහරාජ වනාන්තරයෙන් ඉවත් නොකරන ලෙස ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පසුගිය සිකුරාදා (15) නියෝග කළ ද, ඇමැතිවරයා එම නියෝගය නොතකමින් අලි දෙදෙනා ඇල්ලීමේ කටයුතු සිදු කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දී තිබිණි.


ඒ අනුව සිංහරාජය බලා විශේෂ නිලධාරීන් කණ්ඩායමක් අලි පැටවීමට ගන්නා ලොරියක්, කඹ, දම්වැල් ආදී උපකරණ ආදිය ද රැගෙන ගොස් ස්ථාගත විය. වනජීවී දෙපාර්තමේන්තුවේ පශූ වෛද්‍යවරුන් අලියා නිර්වින්දනය කිරීමේ කටයුතුවලට පැමිණ නොසිටියහ. 


ඒ වෙනුවට ශ‍්‍රීලංකා ගුවන් හමුදාවේ පශූ වෛද්‍යවරු කිහිපදෙනෙක් අල්ලන මෙහෙයුමට සහාය පිණිස පැමිණ සිටියහ. ජනාධිපතිවරයාගේ නියෝගය කෙසේ වුවත් මහජනතාවගේ ආරක්‍ෂාව පතා මෙම අලි දෙදෙනා අල්ලා වෙනත් ප‍්‍රදේශයකට ගෙන යාමේ තීරණය වනජීවී ඇමැතිවරයාගේ ස්ථාවරය විය.


ඒ අනුව අලි දෙදෙනා සිටින ඉසව්ව සෙවීමේ කටයුතු සහ අලි දෙදෙනා ඇල්ලීමේ කටයුතු ජනාධිපතිවරයාගේ නියෝගය නොතකමින් ඇමැතිවරයාගේ නියෝගය තම වනතුරුත්  සිදුවිය.


සිංහරාජ වනාන්තරයට නොදුරු රඹුක ප‍්‍රදේශයේදී අලි දෙදෙනා ගෙනයාමට එරෙහිව, ප‍්‍රදේශවාසීන්, පරිසරවේදීන්, සහ වෙනත් වෘත්තිකයන්ගේ ද සහභාගිත්වයෙන් විරෝධතාවක් පැවැත්වීමට සංවිධානය වෙමින් තිබිණි.


ඒ අතරතුර වනජීවී ඇමැති සරත් ෆොන්සේකා මහතා  වනජීවී අධ්‍යක්‍ෂ ජනරාල් එම්.ජී.සී. සූරියබණ්ඩාර මහතාට දන්වා තිබුණේ අලි දෙදෙනා ඇල්ලීමේ කටයුතු වහාම අත්හිටුවන ලෙසයි.


මේ සම්බන්‍ධව වනජීවී දෙපාර්තමේන්තුවේ ඌව සහ දකුණු පළාත් සහකාර අධ්‍යක්‍ෂ ප‍්‍රශාන්ත විමලදාස මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ඇමතිවරයා දුන් නියෝගය අනුව අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ උපදෙස් මත සිංහරාජයේ වනඅලි දෙදෙනා ඇල්ලීමේ කටයුතු නවතා දැමූ බවයි.



අදහස් (17)

වනජීවී ඇමැති සිංහරාජයේ අලි ඇල්ලීමේ තීරණය වෙනස් කරයි

manoj Sunday, 17 June 2018 09:02 AM

විධායක බලතලවලට පින් සිද්ධ වෙන්න සිංහරාජය දැනට බේරුණා.

:       5       261

ජගත් ලියනගේ Sunday, 17 June 2018 09:04 AM

2010 ලංකාවේ හොඳ වේලාවට සරත් ෆොන්සේකා (මහත්තයා) ජනාධිපති නොවුණේ...

:       9       617

Bamunuarachchi Sunday, 17 June 2018 09:47 AM

ෆොන්සේකාගේ පළමු සිවිල් නියෝගයම ලත් තැනම ලොප් වුණා.

:       4       264

BamunuarachchiSunday, 17 June 2018 12:04 PM

මේකට තමයි කියන්නේ පුදපු ගමන් කාපි යකා කියලා...

:       0       0

සේනක Sunday, 17 June 2018 10:07 AM

එහෙමනම් මහත්තයෝ කලවැද්දෙක්වත් අල්ලන්න බලමු.

:       7       307

Raveendra Sunday, 17 June 2018 10:46 AM

දෙන්නයි හිතුවේ කලවැද්දන් අලින්ටම... මානය වැරදුනා විධායකය හිටිය නිසා.... දැන් මක් කරන්නද මගේ ගොන් ඇමතිකම.... ගන්නවා විධායකයම සැමදේ දීල මෙය...

:       0       0

Lapaya Sunday, 17 June 2018 10:51 AM

වෙල් විදානෙ දන්නේ ඔය වගේ වැඩ තමයි.

:       6       202

Abhishek Sunday, 17 June 2018 11:22 AM

මේක මහවිනාශකාරී මෝඩ තීන්දුවක්... සිංහරාජයේ ජීවත්වෙන්නේ වැසි වනාන්තර හා උප කඳුකර තෘණ භූමියකට හැඩගැසුණු අලි ගහණයක්. මොවුන් මේ පරිසර පද්ධතියටම අයිති එහිම කොටසක්... මොවුන් මෙයින් ඉවත්කර වියළි කලාපීය වනයකට ගෙන ගියොත් බොහෝම ඉක්මණින් මේ සතුන්ගේ විනාශය සිදුවේවි. මොකද මේ සතුන් අනුවර්තනය වී ඉන්නේ තෙත් කලාපීය පරිසරයකට... ඇත්තටම අපේ රටේ ඇමතිවරුන්ට සරල සත්ව විද්‍යා දැනුමක්වත් නැද්ද? මේ සතුන්ගෙන් මිනිසුන්ට කරදරයක් නම් ඒකට කරන්න ඕන මේ සතුන් ඉවත් කිරීම නොව මිනිසාගේ ආරක්ෂාව පිණිස ගත හැකි වෙනත් ක්‍රියා මාර්ග ගැනීමයි. කොහොමත් මේ සතුන්ගෙන් තර්ජනයක් වෙන්නේ හොරෙන් කැලෑ කපන, අනවසර ලෙස රක්ෂිතය තුළ ගෙවල් හදන, රක්ෂිතය කපා තේ වතු හදන, රක්ෂිතය තුළ අනවසරයෙන් රා පෙරීම වැනි දහදුරා වැඩ කරන මිනිස් තිරිසනුන්ට විතරයි. අවුරුදු දහස් ගණනක් තිස්සේ මේ අලි ඇතුන් බුලුතොට-රක්වාන, පනාමුර සිංහරාජ ප්‍රදේශවල දිවි ගෙව්වා. මේ ඒ අයගේ භූමියයි.. ධනයටත් එකිනෙකා පරයා නැගීසිටීමට කැමති මිනිසා අලින්ට අයත් මේ අඩවියට ආවේ මෑතකදීය. ඔවුන් පනාමුරය විනාශ කළා.. රක්වාන සිංහරාජයෙන් වෙන් කළා.

:       180       453

prakaash Sunday, 17 June 2018 11:24 AM

ඔයිට වැඩිය හොඳයි නේද සිරිකොත අලි ටික අල්ලලා බේරේ වැවට දැම්මා නම්... ඊට පස්සේ ඔබත් පැන්නා නම් හරි. මොකද උන් මේ රටම වනසනවා.

:       0       292

Chamara Sunday, 17 June 2018 11:34 AM

මෙයත් ඉතින් මොනවා හරි විකාරයක් කරලා ජනප්‍රිය වෙනවා...

:       0       127

de silva berlin Sunday, 17 June 2018 12:21 PM

මේක පත්තරෙන් දැක්ක ගමන් ජනාධිපතිතුමා එකවර තීන්දු දෙන්නේ නැතිව තාවකාලිකව මේක නතර කරලා කැබිනට් මණ්ඩලේ මේ ගැන සාකච්ඡා කරලා මේකේ හොඳ, නරක ඉදිරියට සහ ඉදිරියට ගත යුතු පියවර ගැන කතා කරගතයුතුය. නැතුව, ප්‍රසිද්ධියේ මේ විදිහට පිස්සු නටන්න ගියොත් රට අරාජික වෙලා දිනෙන් දින පිරිහෙනවා. ජනාධිපතිතුමා අලි දෙන්නා සිංහරාජේ තියන්න ගත්ත තීරණය හොඳ දෙයක්... නමුත් අලි ජීවත්වන ප්‍රදේශයේ අලි වැටවල් එහෙම ගහලා එම ප්‍රදේශයට සාමාන්‍ය මිනිසුන්ට ඇතුළු වීම තහනම් කරලා අලි මිනිස් ගැටුම අවම කිරීමට ක්‍රියාකළ යුතුය. නැත්නම් මේකත් අර පොලිතින් තහනම, ඇස්බැස්ටෝස් තහනම, ග්ලයිෆොසෙට් තහනම වගේ අච්චාරුවක් වීමට පුළුවනි.

:       92       134

naradha Sunday, 17 June 2018 12:55 PM

මා සිතන්නේ අලින්ගේ සහ මිනිසුන්ගේ ආරක්ෂව (එක පුවතකට අනුව මේ අලින් විසින් පසු ගිය කාලයේ මිනිසුන් 15 දෙනෙකුට පහර දී තිබෙනවා) සඳහා, මේ අලි දෙදෙනා ඉවත් කිරීමට වනජීවී දෙපාර්තමේන්තුව මුලින් ගත තීරණය නිවැරදි කියයි. බොහෝ විට සිදුවන්නට ඇත්තේ, සිංහරාජ වන සංරක්ෂණය සඳහා යුනේස්කොවෙන් ආධාර කපා හැරේ යන බියෙන් ජනාධිපතිවරයා තම මුල් තීරණය වෙනස් කිරීමයි.

:       0       4

kamani pieris Sunday, 17 June 2018 05:15 PM

ෆොන්සේකා කියන්නේ වෙනස්ම කෙනෙක්. ඔහු හොඳින්ම දැනගත යුතුයි ඔහු කවුද... මොනවාද කල යුත්තේ - මොනවාද නොකළ යුත්තේ, කාටද ගරු කල යුත්තේ ..ආදිය ගැන. රටේ ඉහළම පරිපාලන ස්ථරයේ සිටින්නේ ජනාධිපතිතුමයි. ඉතින් ජනාධිපතිතුමා අණ කළා නම් " අලි ඇල්ලීම නවත්වන්න " කියලා ...එපමණයි.. ෆොන්සේකාට ඊට ඉහළින් යන්න බැහැ. ජනාධිපතිගේ අණ නොතකා සිටීමෙන් පෙන්වන්නේ ෆොන්සේකා කියන්නේ මන්ද බුද්ධික කෙනෙක් බවයි... චුට්ටක් හිතන්න... ජනාධිපති කෙනෙකුගෙයි ඇමති කෙනෙකුගේ වෙනස... ගැන

:       0       5

Madushanka Sunday, 17 June 2018 05:35 PM

කවුරු ත් මේකෙ ඇත්ත තත්ත්වය කතා කරන්නේ නැහැ මොකද දේශපාලනය නිසා කවුරු ඉන්නේ ෆොන්සේකාගේ වැඩ බකල් කරන්න ඒක තමා මාධ්‍යයෙත් වාර්තා කලේ පක්ශපාතීව ඒ ගමේ ජිවත් වෙන කෙනෙක් විදිහට අපි පුදුම බයෙන් ඉන්නේ.

:       0       0

Madusanka Sunday, 17 June 2018 05:36 PM

කවුරු ත් මේකෙ ඇත්ත තත්ත්වය කතා කරන්නේ නැහැ මොකද දේශපාලනය නිසා කවුරු ඉන්නේ ෆොන්සේකාගේ වැඩ බකල් කරන්න ඒකතමා මධ්‍යයෙත් වාර්තා කලේ පක්ශපාතීව ඒ ගමේ ජිවත් වෙන කෙනෙක් විදිහට අපි පුදුම බයෙන් ඉන්නේ මේ වෙනකොට 18 දෙනෙක් මරලා. ජනාධිපතිතුමා ඒසි කාමරවල ඉදන් තීරන ගත්තට ෆීල්ඩ් මාශල් අපේ ගමට ආව අලි කරපු විනාසය දැක්කා සියසින්. එතුමා ඔය අලියාව මරන්න හැදුවේ නැහැ කෙටි කාලයකට හොරොව්පතානේ ට දාල සිංහරාජ වනාන්තරයේ වෙනම රක්ශිතයක් ගොඩ නගන්න හැදුවේ ඒත් පරිසර වේදින් ඒ හැම දෙයක්ම විනාශ කලා.

:       0       1

Bamunuarachchi Monday, 18 June 2018 01:31 AM

මේ කාලයේ අලියෙක් අල්ලන නියෝගයත් ජනාධිපතිගේ නියෝගයට වෙනස්කළ මෙයා ඒ කාලයේ යුද්ධය කලේ තමාගේ නියෝග වලට පමණයි කියලා යුද්ධය ජයගැනීමේ ක්‍රෙඩිට් එක ගන්න හදනවා. අර 62 ටම හරියන කතා.

:       2       0

singapuli Wednesday, 20 June 2018 02:05 AM

අනේ මදුශංක ඔයා බලන් ගියාම හැම පැත්තේම කැරකෙනවා වගේ ,ඔයා කොහෙද අලි ඉන්න වනයක ඉන්නේ ඔයා කියන්නේ සිරිකොත ඉන්න අලි ගැන වගෙයි.වෙල් විදනෙත් එක්ක හෙණ්ඩුවක් අරගෙන තොන්ඩුවක් ගහගෙන යන්නකෝ.කොල්ලුපිටියෙනේ තියෙන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට අදත් වැස්ස
2024 අප්‍රේල් මස 27 8 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 714 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1311 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1511 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 838 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 782 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 343 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site