IMG-LOGO

2024 මැයි මස 09 වන බ්‍රහස්පතින්දා


වැටුප් පරිමා වෙනස අහෝසි නොකළොත් වර්ජනයක්

(විනීතා එම් ගමගේ)

සෞඛ්‍ය සේවයේ වැටුප් අභිබවා දුම්රිය සේවයේ වැටුප් වැඩි කෙරෙන චක‍්‍රලේඛය වහා අහෝසි නොකළහොත් දැඩි වෘත්තිය ක‍්‍රියාමාර්ගයකට අවතිර්ණ වන බව සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය පවසයි. 

2016/3 චක‍්‍රලේඛය නිකුත් කරමින් දුම්රිය සේවයේ වැටුප් වැඩිකිරීමෙන් සමස්ත සෞඛ්‍ය සේවයේම අභිමානය බිඳ වැටෙමින් පවතිතැයි එම බල මණ්ඩලයේ සම කැඳවුම්කරු වෛද්‍ය මහින්ද ලියනගේ මහතා මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේ අද (9) පැවැති මාධ්‍ය හමුවක දී ප‍්‍රකාශ කළේය. 

යළිත් දුම්රිය සේවයේ වැටුප් වැඩිවිමේ ලකුණු මතුවී ඇතැයි කී ලියනගේ මහතා එසේ වුවහොත් සේවා දෙකෙහි විශාල වෙනසක් ඇතිවනු ඇතැයි ද හෙතෙම සඳහන් කළේය. 

සමස්ත රාජ්‍ය සේවයම වැටුප් ප‍්‍රමාණවත් නැතැයි ද එසේ වුවත් සියලූ දෙනාට සාධාරණ වු ක‍්‍රමයක් මත වැටුප් සැකසීම රජයේ වගකීම යැයි ද ලියනගේ මහතා තව දුරටත් පැවැසීය. 



අදහස් (11)

වැටුප් පරිමා වෙනස අහෝසි නොකළොත් වර්ජනයක්

Ajith Monday, 09 October 2017 10:55 AM

අයේ ඉලෙක්ට්‍රිසිටි බෝර්ඩ් එකේ වැටුප් ඉල්ලා දැඩි වෘත්තිය ක‍්‍රියාමාර්ගයකට අවතිර්ණ වන්න

:       0       38

R M D Ratnayake Monday, 09 October 2017 12:01 PM

පැහැදිලිවම කුහකකම, ලෝකයේ කිසිම රටක වෙනත් ආයතනයක වැටුප් ගන්නවට තවත් ආයතනයක කෙනෙක් අකුල් හෙලන්නේ නැහැ. දුම්රිය දෙපාර්තමේන්තුවේ අය වැඩි වැටුප් ගත්තම දොස්තරලට තියන අමාරුව මොකක්ද? ලංකාවේ ඉන්න ඉර්ශියව, ක්‍රෝධය, කුහකම වැඩිම වෘත්තිය දොස්තර කිව්වොත් නිවැරදියි. කිසිම දවසක ඉංජිනේරුවෝ දොස්තරලට දෙන පහසුකම් ඉල්ලලා තියනවද? ඉංජිනේරුවෝ වර්ජනය කෙරුවොත් දොස්තරලත් අනාතයි, මෙවැනි වෘත්තිකයන් නිසා තමයි අපේ රට කවදාවත් දියුණු වෙන්නේ නැත්තේ. අනෙක් රටවල්වල සුළු සේවකයනුත් සැප පහසුවෙන් ජීවත් වෙනවා. මේක අපේ දොස්තරලගේ පැහැදිලි ඉර්ශියව. රත්නායක

:       72       365

PBDMonday, 09 October 2017 12:50 PM

මෙහි ඇත්තේ පැහැදිලි කුහකකම බවට විවාදයක් නැත. නමුත් සෞඛ්‍ය වෘත්තීය වේදීන්ගේ සංගමය යනු වෛද්‍යවරුන්ගේ සංගමයක් නොවේ. එය අනෙකුත් සෞඛ්‍ය සේවකයින්ගේ සංගමයකි. පැහැදිලි කිරීම සඳහා පමණි.

:       23       37

සනාMonday, 09 October 2017 01:29 PM

මෙය රජයේ වෛද්‍ය නිලදාරි සංගමය සම්බන්දයක් නැත.

:       38       53

dayalTuesday, 10 October 2017 03:43 AM

රජයේ සේවකයින්ගේ වැටුප් අද හරිම ඉහළයි. හරියට සේවයක ්නොකර ඉහළ පඩි ගන් අය බොහොමයි රාජ්‍ය සේවයේ. රු.10000 න් පඩි වැඩි වුනෙත් රජයේ සෙවකයාගේ පමණයිත අරිධ රාජ්‍ය සේවකයෝ ගැන කවුරුත් බලන්නේ නැහැ. අර්ධ රාජ්‍ය සේවයෙ පඩි හොරෙන්ම වැඩි කරගන්නේ වෘර්තිය සමිති නායකයෝ විතරයි.

:       0       0

mahinda gamage Monday, 09 October 2017 12:31 PM

මේ මොන වෘත්තිකයෝද අහිංසක රෝගීන් මිය යාමට සලස්වා තම පසුම්බිය තරකර ගන්නට ප්‍රයන්ත දරන අළුගෝසු මස්වැද්දන්ය. හිරිකිත නැද්ද මෙලෙස තවත් වෘත්තියක් යටකර වැටුප් අර්ගෙන තම අඹු දරුවන්ට කවන්නට.

:       0       145

Rajitha Monday, 09 October 2017 01:14 PM

ඔබගේ කොමෙන්ට් එකද කුහකත්වයෙන් ලියා ඇති බව පෙනේ. සෑම දේකටම දොස්තරවරුන් ගාවා ගන්න එපා. මේ සංගමය ආණ්ඩුවට කඩේ යන සමන් රත්නප්‍රියගේ...

:       148       219

aseTuesday, 10 October 2017 05:43 AM

කියන්න පෙර සොයා බල්ලන්න

:       0       0

ගාල්ලේ පාල Monday, 09 October 2017 01:56 PM

මේ ආණ්ඩුව මහජන ඡන්දයෙන් පත්වූදා සිටම පැරදිච්ච අය බලය ගන්න වර්ජන රැල්ලක් ක්‍රියාත්මක කරනවා.

:       103       70

Don Monday, 09 October 2017 02:33 PM

අපේ රටට රාජ්‍ය සේවය කොහොමටවත් ගැලපෙන්නේ නැහැ.. මුන් ඔක්කොම උත්සාහ කරන්නේ තමන්ගේ පඩිය වැඩි කරගන්න පමණයි ... ඒ පඩියට සරිලන්න වැඩ කරන්න කවුරුවත් උත්සහ කරන්නේ නැහැ .. මම නම් කියන්නේ මේ සියලු ආයතන පුද්ගලීකරණය කල යුතුයි .. මේවා රජයේ ආයතන කිව්වට මිනිස්සුන්ට මේ වලින් ඇත්තටම මොකක්ද වෙන නොමිලේ සේවය... අඩු තරමේ ඉස්පිරිතාලෙකට ඇතුල් වෙන ලෙඩෙක්ට තමන්ව බලාගන්න රෝහල් සේවකයාට කීයක් ගෙවන්න වෙනවද? නැත්නම් ඔවුන් ලෙඩ්ඩුන්ව හරියට බලාගන්නවද? නැහැ .. මේ අය පඩි ගන්නේ නිකන්.. වැඩ කරන්නේ අමතරව ජනතාවගෙන් සල්ලි අරන් .. මේක මුළු රජයේ ආයතන සියල්ලේම වෙන දෙයක් ..රටේ සියලුම රජයේ ආයතන පුද්ගලීකරණය කල යුතුයි .. එවිට අඩු තරමේ කාර්යක්ෂම සේවයක් හරි ජනතාවට ලැබෙයි ..අනික එතකොට වැඩ නොකර පඩි ගන්න බලන් ඉන්න අයට වෙන්නේ ගෙදර යන්න .. මේ අයට පඩි ගෙවන්න යන රජයේ වියදම මොන තරම් එතකොට අඩුවෙනවද? එහෙම වුණොත් ජනතාවගෙන් ඉතා අධිකව අය කරන බදු මුදල් හරි අඩු වෙයි .. බඩු මුට්ටු වලට ගහන අධික බදු අඩුවෙයි ..

:       0       120

R M D Ratnayake Tuesday, 10 October 2017 05:33 AM

කව්රු වුනත් මෙවැනි වර්ජන කරන්න නරකයි, ලෝකයේ වැඩියෙන්ම වර්ජන තියන රට ලංකාව කිව්වොත් නිවැරදියි. සෞඛ්‍ය සේවයේ වැඩ ගැන කවර කතාද, රජයේ රෝහලක් පිරිසිදුව තියාගන්න පුළුවන් සේවකයෝ නැහැ, පිනට වැටුප් ගන්න ගොඩක් ඉන්නේ. ඇත්ත ඕකයි. රජයේ සියලුම සේවකයන්ට දොස් කියනවට මම විරුද්ධයි, ලංකා බැංකුව (අනුරාධපුර) සහ ජලසම්පාදන මණ්ඩලය (කුණ්ඩසාලේ) මම ගියපු හැම වෙලාවකම ඉතාම කාරුණිකව ඔවුන්ගේ රාජකාරිය කරලා දුන්න, මම එවැනි රජයේ සේවකයන් කිසිම දවසක අමතක කරන්නේ නැහැ. කොහොම නමුත් අපේ ලංකාවේ දියුණුවට හැමෝගෙම කෙපවීම අවශ්යි, මුලින්ම උගතුන් විසින් පාලනය කරන රටක් විය යුතුයි. සත්‍ය නම් දැනට නුගතුන් විසින් උගතුන් පාලනය කරන රටක් නිසා කවදාවත් දියුණුවිය නොහැකිය. විදේශ සංචාර යන ඇමතිවරු, අඩුම තරමින් වෙනත් රටකින් එක සංචාරයකින් එකම එක හොද දෙය බැගින් ගෙනත් ලංකාවේ ක්‍රියාත්මක කරනවානම් මීට වඩා දියුණු කරන්න තිබුන. අවසාන වසයෙන් කියන්න තියන්නේ 1948 සිට අද දක්වා කිසිම දියුණුවක් නැති ණය බරින් පිරුණු ලංකාවේ පාලන ක්‍රමය දැන්වත් වෙනස්කල යුතුමි, එදාට සියලු දෙය සාර්ථක වෙයි කියල සිතමි. මා සේවය කල සියලුම රටවල් දවසින් දවස දියුණු වෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොලිසියේ රොත්තක් අල්ලස් දැලේ
2024 මැයි මස 08 381 0

රුපියල් ලක්ෂ 2 ක අල්ලස් මුදලක් ගත් බව කියන කොට්ටාව පොලිස් ස්ථානයේ හදිසි ඇමතුම් (119) ඒකකයට අනුයුක්තව සේවය කළ සැරයන්වරයකු සහ කොස්තාපල්වරයකු ඇතුළු නිලධාරී


ඇල්පිටියේ යතුරු පැදි අනතුරකින් තරුණයෙක් මරුට
2024 මැයි මස 08 89 0

ඇල්පිටිය අවිත්තාව ප්‍රධාන මාර්ගයේ සිදුවූ යතුරු පැදි අනතුරකින් 27 හැවිරිදි තරුණයකු මියගොස් ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි.


කළුතර රෝහලේ ප්‍රතිකාර ලැබූ රැඳවියෙක් පැන යයි
2024 මැයි මස 08 59 0

කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කළුතර බන්ධනාගාර රැඳවියකු වැසිකිලියේ ජනේලයෙන් පලාගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.


අහුංගල්ල බබාගේ පියා ඝාතනය කරයි
2024 මැයි මස 08 599 0

දැනට ඩුබායි හි සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන අහුංගල්ලේ ‘බබා‘ නැමැත්තාගේ පියා බව කියන පුද්ගලයකුට යතුරුපැදියකින් පැමිණි නාදුනන වෙඩික්ක


යුක්රේන් යුදපිටියට අපේ කොල්ලන් යැවූවැයි හමුදාවේ ලොක්කෙක් මාට්ටු
2024 මැයි මස 08 644 0

රුසියන් - යුක්රේන් යුද පිටියට ශ්‍රී ලංකා හමුදාවේ විශ්‍රාමික නිලධාරීන් රවටා යෙදවූයේ යැයි කියන සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු බව කියන හිටපු මේජර් ජනරාල්වර


ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී අල්ලයි
2024 මැයි මස 08 1084 0

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ ර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 553 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2028 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1785 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site