IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


රටවල් 10 ක් සඳහා නව තානාපතිවරු

( තිළිණි ද සිල්වා )

 

ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින්   රටවල් 10 ක් සඳහා නව තානාපතිවරු සහ මහකොමසාරිස්වරු පත් කර ඇත.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම පත් කිරීම සිදු කර තිබේ.

ඒ අනුව රුසියාවේ ශ‍්‍රී ලංකා නව තානාපතිවරයා ලෙස ආචාර්ය දයාන් ජයතිලක මහතා ද ,නොර්වේ රාජ්‍යයේ ශ‍්‍රී ලංකා නව තානාපතිවරයා ලෙස මහාචාර්ය අරූෂා කුරේ මහත්මිය ද, බ‍්‍රසීලයේ ශ‍්‍රී ලංකා නව තානාපතිවරයා ලෙස එම්.එම්. ජෆීර් මහතා ද, කැනඩාවේ ශ‍්‍රී ලංකා නව මහකොමසාරිස්වරයා

 

ලෙස එම්.ඒ.කේ. ගිරිහාගම මහතා ද, පෝලන්තයේ ශ‍්‍රී ලංකා නව තානාපතිවරයා ලෙස සී.ඒ.එච්.එම්. විජේරත්න මහතා ද,ස්වීඩනයේ නව ශ‍්‍රී ලංකා තානාපතිවරයා ලෙස එස්.එස්. ගනේගමආරච්චි මහතා ද,වියට්නාමයේ නව ශ‍්‍රී ලංකා

තානාපතිවරයා ලෙස එස්.එස්. පේ‍්‍රමවර්ධන මහත්මිය ද,දකුණු අප‍්‍රිකාවේ නව මහකොමසාරිස්වරයා ලෙස අනුරුද්ධ කුමාර මල්ලිමාරචිච මහතා ද, ඉන්දියාවේ නව මහකොමසාරිස්වරයා ලෙස ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා ද, පකිස්ථානයේ නව මහකොමසාරිස්වරයා ලෙස නූර්දීන් මොහොමඞ් ෂහීඞ් මහතා ද පත් කර තිබේ.

 

ශ‍්‍රී ලංකාව වෙනුවෙන් විදේශ රටවල් 10 ක් සඳහා පත්කෙරුණු නව තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් පසුගියදා ජනාධිපති කාර්යාලයේදි ජනාධිපති මෛත‍්‍රීපාල මහතා හමුවූ බවද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර සිටී.

අලූතින් පත් කළ එම තානාපතිවරුන් හා මහකොමසාරිස්වරුන් හමුවේ අදහස් දැක්වූ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ ශ‍්‍රී ලංකාව නියෝජනය කරන රාජ්‍ය දුෂිතයින් ශ‍්‍රී ලංකා රජයේ ප‍්‍රතිපත්ති සහ දැක්ම පිළිබඳ දැඩි ලෙස කැපවිය යුතු බවය.

 

ශ‍්‍රී ලංකාවේ විදේශ පිළිවෙත සියලූ ජාතින් සමග මිත‍්‍රත්වය පවත්වා ගැනීම බවත්, යම් හේතුවක් මත එම ද්විපාර්ශ්වික මිත‍්‍රත්වයට පලුද්දක් ඇතිවී තිබේ නම් එය වහාම නිවැරදි කිරීම ශ‍්‍රී ලංකාව නියෝජනය කරන රාජ්‍ය දුෂිතයින්ගේ වගකීම බවද මෙහීදී  ජනාධිපතිවරයා තානාපතිවරුන් හමුවේ පැවසීය.

 

නව තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරු අමතා ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ රාජ්‍ය දුත ප‍්‍රධානින්ගේ ප‍්‍රධාන සහ පළමු වගකීම වන්නේ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රතිරූපය විදේශයන්හි ප‍්‍රවර්ධනය කිරීම සහ තමන් සිටින රටවලින් උපරිම සහයෝගය මෙරටට ලබා ගැනිමට කටයුතු කිරීම බවයි.

සමාජ මධ්‍ය හා වෙනත් ඇතැම් මාධ්‍ය හරහා අසත්‍ය තොරතුරු ප‍්‍රචාරය කිරීමට යම් යම් පිරිස් කි‍්‍රයාකරද්දී ශ‍්‍රී ලංකාව පිළිබඳ  නිවැරදි ධනාත්මක ප‍්‍රතිරූපය පෙන්වීමට කඩිනම් පියවර ගැනීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නේය.

ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප‍්‍රසාද් කාරියවසම් යන මහත්වරන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

 

 

 

 

 

 

 

 

 

 

 



අදහස් (8)

රටවල් 10 ක් සඳහා නව තානාපතිවරු

Sanji Sunday, 12 August 2018 09:54 AM

ජනාධිපති ඇත්ත කියයි "අලුතින් පත් කළ එම තානාපතිවරුන් හා මහකොමසාරිස්වරුන් හමුවේ අදහස් දැක්වූ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා කියා සිටියේ ශ‍්‍රී ලංකාව නියෝජනය කරන රාජ්‍ය දූෂිතයින් ශ‍්‍රී ලංකා රජයේ ප‍්‍රතිපත්ති සහ දැක්ම පිළිබඳ දැඩි ලෙස කැපවිය යුතු බවය."

:       0       21

erdi Sunday, 12 August 2018 10:32 AM

දයාන් ජයතිලක මහතා දක්ෂ රාජ්‍ය තාන්ත්‍රිකයෙක්... පුදුමයි එතුමා මේ තනතුර බාරගත්තා.. මෑතක් වනතුරු මහින්දට තෙල් සාත්තු කරපු කෙනෙක්. ජනාධිපති මෛත‍්‍රිපාල රනිල් ප්‍රමුඛ රජය පතුරුත් ගැහුවනේ. එ්කනේ කියන්නේ කබරගොයා තලගොයා වෙනවා කියලා..

:       0       9

dasun Sunday, 12 August 2018 10:51 AM

රාජ්‍ය දුෂිතයින් - කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නෑ කිව්වලු.

:       0       16

Raveendra Sunday, 12 August 2018 11:22 AM

"අලූතින් පත් කළ එම තානාපතිවරුන් හා මහකොමසාරිස්වරුන් හමුවේ අදහස් දැක්වූ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ ශ‍්‍රී ලංකාව නියෝජනය කරන රාජ්‍ය ශ්‍රී ලංකා රජයේ ප‍්‍රතිපත්ති සහ දැක්ම පිළිබඳ දැඩි ලෙස කැපවිය යුතු බවය "මෙහි සිංහල අකුරුවල අඩුපාඩුවක්ද? නැත්නම් අපගේ ඇස්වල දුර්වලතාවයක්ද?

:       0       0

ලුම්බිණි Sunday, 12 August 2018 11:28 AM

මේ සමහර තානාපතිවරු පහුගිය අවුරුදු 10-15 කාලෙක ඉඳලා ලංකාවේ උන්න අයවත් නොවෙයිනේ.

:       0       2

Mahee Sunday, 12 August 2018 11:30 AM

ඔව් ඔව් අපිව පිටරටවලදී නියෝජනය කරන අයට වඩා රට ඇතුලේ ඉඳන් අපිව නියෝජනය කරන අය කෙලින්ම ඔය කිව්ව කාන්ඩේට අයිතියි.

:       0       1

සතයපාල Sunday, 12 August 2018 12:50 PM

මේ අයගෙන් ඇත්තටම විදේශිය තනාපති සේවයට සුදුසුකම් ඇති හා ඒ සම්බන්ධව සුදුසුකම් හා පළපුරුද්ද ඇති අය කීදෙනෙක් ඉන්නවාද කියන එක තමයි ප්‍රශ්නය.

:       0       0

kalpa Sunday, 12 August 2018 01:17 PM

කවුද මේ රාජ්‍ය දූෂිතයින් කියන්නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රෝහ‍ල් කුස්සියේ බඩු උස්සා මිනී කාමරේ හංගලා: කෝකියා දැලේ
2024 අප්‍රේල් මස 26 27 0

කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයාට හසුවූ බව කිය


එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 178 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 356 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1563 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 237 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 450 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1551 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site