IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණයක් නෑ - ජනපති

හර්ෂණ තුෂාර සිල්වා
 
මධ්‍යම පරිසර අධිකාරිය හා භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය වැනි ඒකාබද්ධව හා සම්බන්ධීකරණයක් සහිතව රාජකාරී කළ රාජ්‍ය ආයතන එසේ නොකිරීම නිසා සිදු ව ඇති හානිය ඉතා ඉහළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (26) ප්‍රකාශ කළේය.
 
සම්බන්ධීකාරණයක් පැවැතිය යුතු රාජ්‍ය ආයතන අතර එසේ සම්බන්ධීකරණයක් නොමැතිකම හේතුවෙන් ප්‍රශ්න රැසක් ඇති වී තිබෙන බව ද ජනාධිපතිවරයා කීය.
 
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ රජත ජයන්තිය වෙනුවෙන් බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ අද (26) පැවැති උත්සවයකදී ජනාධිපතිවරයා එම කරුණු කීවේය. 
 
එහිදි අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ ද කීය.
 
“ මධ්‍යම පරිසර අධිකාරිය හා භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය යනු සහෝදරයන් සේ රාජකාරී කළ යුතු ආයතන දෙකක්. රටට ආදරයෙන් රටේ සොබාදහම, සම්පත්වලට ආදරයෙන් ඒවා සුරක්ෂිත කරමින් කටයුතු කළ යුතු රාජ්‍ය ආයතන අතරින් ප්‍රමුඛතම රාජ්‍ය ආයතන දෙකක් ලෙස මධ්‍යම පරිසර අධිකාරිය හා භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය පෙන්වා දෙන්න පුළුවන්. 
 
නිසි සම්බන්ධීකරණයක් තිබිය යුතු ආයතන දෙකක් වුණත් එසේ සම්බන්ධීකරණයක් නොවීම ඒකාබද්ධව කටයුතු නොකිරීම නිසා පසුගිය වසරේදී පරිසර හානි රැසක් සිදුවුණා. රටට සිදු වූ හානිය විශාලයි. ප්‍රශ්න රැසක් ඇතිවුණා. 
 
ඒ වගේම පරිසරය ආරක්ෂා කළ යුතු මෙම ආයතන දෙක තුළ ජාවාරම්කරුවන්ගේ අතරමැදියන් සිටිනවා. භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය බලපත්‍ර දීමේ කටයුත්ත බාරව සිටිනවා. ඒ කාර්ය තුළ අතරමැදියන් සිටිනවා. ජාවාරම්කරුවන්ගේ අතරමැදියන් සිටිනවා. කාර්යාංශය තුළ තිබිය යුතු ඇතැම් ලිපිලේඛන ජාවාරම්කරුවන්ගේ අතට ගිහින් තියෙනවා.
 
මම පසුගිය සතියේ මුතුරාජවෙල ගොඩකිරීම් නැවැත්වීම තහනම් කළා. මුතුරාජවෙල වටිනා පරිසර පද්ධතිය විනාශ වීමේ දැඩි අවදානමකට ලක්වූ තිබුණා. 
 
පස් කපන්න පස් පුරවන්න බලපත්‍ර දුන්නේ කවුද ? ඒ ගැන පසු විපරමක් කළා ද ? පස් කපන්න බල පත්‍රය දෙනවිට මෙන්ම එම කපන පස් දමන්නේ කොහේටදැයි බැලිය යුතුයි. 
 
පස් කපන්න අවසර දෙමින් බලපත්‍ර දීම විතරයි කරන්නේ. පස් කපන්නේ කොහේද කපන පස් කොහේද දාන්නේ කියලා බලන්නේ නැහැ. ඒවා ගැන පසු විපරමක් කරන්නේ නැහැ. ඒ නිසා කාර්යාංශයේ වැඩපිළිවෙළ විධිමත් කිරීමේ අවශ්‍යතාවක් තිබෙනවා” යැයි ජනාධිපතිවරයා එහිදි තවදුරටත් කීවේය.



අදහස් (18)

රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණයක් නෑ - ජනපති

Kumara Monday, 26 March 2018 05:50 PM

හරියට අපි කරපු දෙයක් වගේනේ...

:       0       103

RaveendraTuesday, 27 March 2018 06:36 AM

Kumara මයා වෙත, ඔබ ඉතාමත්ම නිවැරදිය. නිසිකලට වෙලාවට බදුගෙවන සාමාන්‍ය ජනතාව වන ඔබ, අප තමා දැන් සියලුම වැරදි කර ඇත්තේ. මේ අය‍ට තියෙන්නේ අපේ බදුමුදල් වලින් සියලු පහසුකම් සහිතව සුර සැප විදීම.. අනේද කියන්නේ......

:       0       116

රවින් Monday, 26 March 2018 06:53 PM

පිටත ආයතන සමගින් පමණක් එකම ආයතනය තුලත් මෙවැනිදේ සිදුවේ. මෙවැනි ගැටළු ජනතාව සැමදා විඳින බව දැනගැනීමත් සතුටට කරුණක්.

:       0       7

සිරිමල් Monday, 26 March 2018 07:34 PM

සම්බන්ධිකරණය කියනකොට අපට මතක් වෙන්නේ සම්මුති ආණ්ඩුවේ නායකයින් අතරත් මීට වඩා හොඳ සම්බන්ධීකරණයක් ඇතිකරගෙන වැඩ කටයුතු සිද්ධ කලොත් 2020 දී " පරාද වෙන එක නවත්වා ගන්න පුළුවන් වෙන බවයි.

:       55       61

sathyapala Monday, 26 March 2018 11:02 PM

"යකඩ මල්ලට ගුල්ලෝ ගැහුවනම් හාල් මල්ල නොබලාම විසිකරපන්" කියුවලු. මෙයාට අමු කැවිලද ? අගමැති ජනපති අතරවත්, මැති ඇමතිවරුන් අතරවත් සම්බන්ධීකරණයක් නැතුව රාජ්‍ය ආයතන අතර කොහෙද සම්බන්ධීකරණයක් ?

:       0       149

ranjith Monday, 26 March 2018 11:31 PM

ජනාධිපතිතුමනි දුප්පත් මිනිහෙකුට අද වැලි, ටිකක් ගන්න සල්ලි නෑ වැලි ප්‍රාදේශිය සබා වලට එකතු කරගෙන ජනතාවට සාදාරන මිලට විකුණන ක්‍රමයක් හදන්න එතකොට ඔය අතර මැදී පගා ගන්න ආයතන එකක් වත් ඕනෙනෑ මේවා අද ඔක්කොම ජාවාරම් කාරයෝ අතේ එයාලට නිලදාරී උඩු කරනවා

:       0       17

ඩී. ජයදේව Tuesday, 27 March 2018 03:28 AM

මෙතුමා මෙච්චර කාලයක් හිතන් ඉදලා තියෙන්නේ එහෙම සම්බන්ධීකරණය ක් තියෙනවා කියලා වෙන්න ඇති

:       0       86

GajamanTuesday, 27 March 2018 06:51 AM

අදමයි පත්තරේ බැලුවේ.

:       0       70

shantha Tuesday, 27 March 2018 03:43 AM

ඔබ තුමා පත් කරලා තියෙන්න ඔය වගේ රාජ්‍ය සේවයේ අකාර්යක්ෂම , අයුතු දේවල් නැති කරලා ඒක නැවත ගොඩ ගන්න. එක අමතක කරලා මිනිසුන් ඉදිරියේ නොහැකියාව කියලා මිනිසුන්ගෙන් සහනය බලාපොරොත්තු වෙන්න එපා.

:       0       304

nima Tuesday, 27 March 2018 03:46 AM

අදාල නැති මැති අැමෙති වරු වෙනත් අමාත්‍යංශ සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කරන්නේ සම්බන්ධයක් තිබිලද අගමැති එකක් කරනවා ජනාධිපති වෙනස්කරනවා මුළු රජය තුලම සම්බන්ධීකරණයක් නැ

:       0       36

UPUL Tuesday, 27 March 2018 04:03 AM

නියෝග, අණ කිරිම, හා වගකිම් පැවරිම වගේ කළමනාකරණ උපාංග තියෙන්නේ ඔකට තමා. දුක කීම නායත්වය නොවෙි. අවශ්‍යතාවය හදුනාගෙන කොක්කෙන් හෝ කෙක්කෙන් වැඩ කරවා ගත යුතුය. එයයි නායත්වය. ප්‍රතිපල රටට ජනතාවටය.

:       0       50

sena Tuesday, 27 March 2018 04:13 AM

මහාම මහා විකාරයක් මේක පහුගිය කාලෙම අපි ඇහුවේ අරක නැහැ මේක නැහැ කියනවා මිසක් කෙරිච්ච දෙයක් නැහැ මාසෙකට කෝටි කියක් මහජන මුදල් මෙයාලා වෙනුවෙන් වැය කරනවාද?

:       0       103

sachith Tuesday, 27 March 2018 04:40 AM

හොදට පාරක් තාර දල හැදුවට පස්සේ ජලසම්පත් මණ්ඩලෙන් ඇවිත් පාර කපල බට දානවා, ආපහු ටික දවසකින් ටෙලිකොම් එකෙන් ඇවිත් අපහු පාර කපලා කේබල් දානවා. ඔය වගේ සුළු දේවල වලට සම්බන්ධීකරණයක් නැති රටේ තව මොන සම්බන්ධීකරණද.?

:       0       51

Bamunuarachchi Tuesday, 27 March 2018 04:52 AM

රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණයක් කොහොම තියෙන්නද ජනාදිපති සහ ආණ්ඩුව අතර සම්බන්ධීකරණයක් නැති කොට. ජනාදිපතිත් රජයේ කෙරුවාවල් දැනගන්නේ පත්තරෙන්. පත්තරේ විස්තරේ වැටෙන්නේ දවස් දෙකක් පමාවෙලා එතකොට වෙන්න ඕන දේ වෙලා ඉවරයි .

:       0       189

Shan Tuesday, 27 March 2018 06:28 AM

තමුන් කැබිනට් එකේ ප්‍රධානියා හැටියට, එකත් එක්ක හරියට සම්බන්ධ වෙනවද? අනුන්ට කියන්න ඉස්සරවෙලා තමන් හැදෙන්න.

:       0       110

kapila Tuesday, 27 March 2018 06:54 AM

ලෝකෙ පුරා රවුම් ගහලා, පත්වෙලා අවුරුදු 3ක් ගියාට පස්සෙ තමයි මෙතුමට තේරෙන්නෙ රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණයක්නෑ කියලා. අපිනම් ඕක අවුරුදු ගානක් තිස්සෙ දන්නවා.

:       0       70

hira Tuesday, 27 March 2018 07:58 AM

මේ කමෙන්ට් දැක්කම රටේ ජනතාවගේ නියම අප්‍රසාදය මෙයින් නියමෙටම පේනවා. 2020 සොරි තමයි.

:       0       54

Chandra Tuesday, 27 March 2018 11:32 AM

මොන ආණ්ඩුවේ රාජ්‍ය ආයතන අතරද දන්නේ නැහැ සම්බන්ධීකරණයක් නැත්තේ? පැහැදිලි නැහැ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවේද , එහෙමත් නැතිනම් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේද? ලෝකේ එකම රට ආණ්ඩු දෙකක් තියෙන සහ ඊට අමතරව නිල නොවන ආණ්ඩුවකුත් තියෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 162 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 332 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1468 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 223 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 431 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 380 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site