IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


මහින්ද ඇතුළු ඒකාබද්ධයේ පිරිස පාපැදියෙන් පාර්ලිමේන්තුවට

(රොමේෂ් ධනුෂ්ක ද සිල්වා)

තෙල් අර්බුදයට විරෝධය දක්වමින් හිටපු ජනපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම පාපැදිවල නැගී මීට සුළු මොහොතකතට පෙර පාර්ලිමේන්තුවට පැමිණියේය.

බත්තරමුල්ල පොල්දුව මංසන්ධියේ සිට පාර්ලිමේන්තුව දක්වා මෙම පිරිස පාපැදියෙන් ගමන් කළේය.

ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු මන්ත්‍රීවරු කිහිප දෙනෙක් බර කරත්තයකින් පාර්මේන්තුවට පැමිණියහ.



අදහස් (65)

මහින්ද ඇතුළු ඒකාබද්ධයේ පිරිස පාපැදියෙන් පාර්ලිමේන්තුවට

Nalin Thursday, 09 November 2017 09:25 AM

ඉතින් හැමදාම මෙහෙම එන්න පුළුවන්නේ, රටේ මුදල් ඉතිරි වෙනවනේ.

:       5446       7198

sam Thursday, 09 November 2017 09:28 AM

ඇනස්ලි සැමුවෙල්, බර්ටි නැති අඩුව මේ අයගෙන් පිරිමැහෙනවා

:       1371       2664

රෝහිත Thursday, 09 November 2017 09:32 AM

එතකොට පාපැදිය ලඟට අවේ ලම්බෝර්ගිනි එකෙන්ද? කාව රවටන්න කරන වැඩද මේවා?

:       1015       1742

athura Thursday, 09 November 2017 09:46 AM

ගෙදර ඉදලම ඇවිල්ල තියෙන්නේ බයිසිකලේද?

:       781       1278

Nalin Thursday, 09 November 2017 09:52 AM

තවත් ගොන් පාට් එකක්

:       1028       1539

Mahinda Gamage Thursday, 09 November 2017 10:40 AM

මේපිරිසට හැමදාම මෙලෙස ක්‍රියා කලහැකි නම් තිරැබදු රහිත බලපත්‍ර ඕන නෑ ඒවා විකුනාගේන කෑව කියලා චෝදනා නෑ අති විශේෂ ආරක්ෂාවන් අවස්‍ය නෑ ඉතාමත් පූර්වාදර්ශී දෙශපාලක යන් වේවී

:       73       386

kap Thursday, 09 November 2017 09:54 AM

රටේ යම්කිසි අවදානම් තත්වයක් උදා වුණාම ඒකට ස්වේච්චාවෙන් ඇවිත් ප්‍රශ්නෙ විසදන්න මේ අයට ඕනෙ නෑ. ඒක තවත් අවුල් කරන්න තමයි මේ අය ඉන්නෙ. මේ ඔක්කොම මෙ රටේ පක්ශ නායකයන්ට තියෙන බල තණ්හාව.

:       236       735

chamara Thursday, 09 November 2017 09:58 AM

මේක හැමදාම කරන්න.. ඇයි මන්ත්‍රී කියල පිට සක්වලින් ආපු අය නෙවෙයිනේ. ගොඩාක් දියණු රටවල මන්ත්‍රීලා පාර්ලිමේන්තුවට එන්නේ පාපැදියෙන් තමයි.

:       41       272

naradha Thursday, 09 November 2017 10:01 AM

ආයේ ගෙදර යන්නෙත් පාපැදියේද, නැත්නම් BMW එකේද? මේවා නිකන් රට හිනස්සවන වැඩ.

:       233       848

asa Thursday, 09 November 2017 10:04 AM

හම්බන්තොට ඉදලම එන්න තිබුනේ. මොනව උනත් පව් අර අහිංසක අාරක්ෂක නිළධාරියා. පයින්ම දුවනවා.

:       741       1249

mara Thursday, 09 November 2017 10:21 AM

බොරුව තමයි ගෙනියන්නේ

:       673       1239

kap Thursday, 09 November 2017 10:56 AM

මෙයාල පස්සෙන් එන වාහන වල ෆොටෝ එක අන්න නෙට් එකේ තියෙනවා . මෝඩ මිනිස්සු මෝඩ වැඩ , මුන් නේද මේ රට පාලනය කරන්න එන්න හදන්නේ

:       43       700

Roshan Thursday, 09 November 2017 11:13 AM

එයාල බලයේ ඉන්නකොට අනිත් අය මෝඩ චුන් වැඩ කරා. දැන් මෙයාලත් බලය නැති නිසා මෝඩ චුන් වැඩ කරනවා

:       0       297

viraj Thursday, 09 November 2017 11:14 AM

එදත් මෝඩයා අදත් මෝඩයා ....

:       669       1528

පිටිගල මිලානෝ Thursday, 09 November 2017 11:19 AM

අනාගතයේ අපේ රට බාරගන්න බයිසිකලයෙන් ඉදිරියෙන්ම එන රත්තරන් මල්ලි, කලබල වෙන්න එපා තෙල් හිගයක් තිබුනට තවම කොච්චි දුවනවා.

:       1       432

jiffri Thursday, 09 November 2017 11:24 AM

බත්තරමුල්ලට මොකේද දන්නේ නැ ආවේ.

:       1       324

vipula Thursday, 09 November 2017 11:24 AM

හරියට හරි , මේ ගොල්ලොම මහා ලොකුවට කෑගහනව රණ විරුවා වෙනුවෙන්, නමුත් මේත් රණ විරුවෙක් නේද මේ පාර දිගේ දුවන්නේ, මේ මිනිස්සු ජෝක් කරනකොට අහිංසක මිනිස්සුන්ටමයි කරදරේ,

:       668       1387

රොෂාන් Thursday, 09 November 2017 11:26 AM

විකාර ෂෝ වලට අපේ රටේ ඇත්තේ මාර ඉල්ලුමක්. මේ ෂෝ බලලා අපේ ජොලිය තවත් ඉහවහා යනවා අම්මෝ!!!

:       20       311

pradeep Thursday, 09 November 2017 11:30 AM

මේ මිනිස්සු නිකන් සවුත්තු වෙනවා මේ ගොන් පාර්ට් නිසා , රට යුද්දයෙන් බෙර ගත්තු නම්බුවත් නැතිකරගන්නවා මේ මහින්ද මහත්මය , අනික් උන් ටිකනම් කඹ හොරු , මහින්ද මහත්මයා අනේ පව් .

:       688       1335

KAUMARA Thursday, 09 November 2017 11:54 AM

තෙල් මිල අඩුකරන්න කියල දුන්න අධිකරණ තීන්දුව අමතක වෙලා වගේ

:       0       127

Saman Thursday, 09 November 2017 11:55 AM

ඇයි මේ කොමෙන්ට් දාන ගොඩක් දෙනෙක් මේකේ පැත්තම විතරක් හීතල තියෙන්නේ. මේක රටේ ජනතාවට වඩා සුබදායී විදිහට හිතලා පෙට්‍රල් හිඟයක් තියෙන වෙලාවට බයිසිකල් කරත්ත වගේ ප්‍රාථමික වාහන පාවිච්චියට යොමු වෙන්න කරපු හොඳ වැඩක් කියලා හිතන්න. අපේ හිටපු ජනාධිපතිතුමාට මහින්ද රාජපක්ෂ මැතිතුමාට ජය වේවා...!!!

:       1144       755

වීරවංසThursday, 09 November 2017 10:16 PM

ඉතින් මහත්තයෝ හැමදාම ඔය ප්‍රාථමික වාහනයෙන් එන්න පුළුවන්නේ. කාව රවට්ටන්නද එක දවසකට විතරක් ෂෝ දාන්නේ.

:       0       132

banda Thursday, 09 November 2017 11:57 AM

මේවා උගත් මිනිස්සු කරන වැඩ නෙමේ

:       20       272

purawasiya Thursday, 09 November 2017 12:35 PM

ඔබතුමන්ලා හැමදාම කරත්තෙන් බයිසිකලෙන් ඇවිත් ආදර්ශයක් දෙන්න.

:       23       170

JS Thursday, 09 November 2017 12:38 PM

පවු අර රණවිරුවෝ සහ ආරක්ෂකයෝ පයින් දුවනවා.

:       0       310

sunil Thursday, 09 November 2017 12:50 PM

මහින්ද මහත්තය වැටුනේ ඔය වටේට ඉන්න කට්ටිය නිසයි. ඔය වටේට බයිසිකල් පදින කීදෙනෙකුට තමුන්ගේ වත්කම් පාර්ලිමේන්තු පඩියෙන් උපයා ගත්තු හැටි කියන්න බැරිවෙලා තියෙනවාද අද? මහින්දට ඒ ටික තේරුම් නොගියානම් කවදා ඉතින් තේරුම් යාවිද? ඔබතුමාත් එක්ක තරහවකට මේවා කියනවා නෙවේ මහත්තයෝ.

:       5       323

shan saudi Thursday, 09 November 2017 01:07 PM

දැන්ම හුරු වෙන එක හොදයි

:       0       169

Sena Thursday, 09 November 2017 01:23 PM

අැයි අනේ මේ විකාර .

:       0       184

Nandalal DE SILVA - France Thursday, 09 November 2017 01:33 PM

ඇත්තටම ඒක පැදගෙන ආවද, නැත්නම් පින්තුරය වෙනුවෙන් ඒකට ගොඩ වුනාද ? කොහොම වුනත් මෙගොල්ලොන්ට "ටිකක්" මොලේ තිබුණා. වායු දුෂණය කරන ලොකු වාහන ටික පොල්දුව මංසන්ධියේ සිට පාර්ලිමේන්තුව දක්වා ආපු නැති නිසා දුම් දැම්මේ නැති නිසා..

:       1       201

EkA ale Thursday, 09 November 2017 03:02 PM

කාව රවට්ටන්නද මෙහෙම විහිලු කරන්නේ. ඔය විදියට හැමදාම ආවා නම් මහජන අපේ නාස්තිවෙන වාහන වියදමින් මාසයක් අපිට කන්න දිය හැකි නේද? මේවා නිකන් මොන්ටිසෝරි ළමයිගේ වැඩ.

:       0       205

සරණ Thursday, 09 November 2017 03:09 PM

හාපෝ බලන්න පිටිපස්සෙන් ලොකු ලොරියක බෙන්ස් දෙකක් එනවාද කියලා..

:       0       199

Raveendra Thursday, 09 November 2017 03:36 PM

අප මෙය ඉතා ඉහලින්ම අගයන අතර අප බලාපොරොත්තු වෙනවා මෙය ආදර්ශයට ගෙන උදේ සවස මේ විදියට ඒමට සහා යාමට මෙම ක්‍රමයම අනුගමනය කරනු ඇත කියා.

:       0       86

ruwan Thursday, 09 November 2017 03:50 PM

ආණ්ඩුවට විරුද්දව ජන්දයක් දෙන්න පාර්ලිමේන්තුවට එන්නේ නැහැ .....බොරුවට මෝඩ වැඩ කරනවා.

:       0       157

Chanak Los angeles Thursday, 09 November 2017 04:05 PM

පිටුපසින් දුවගෙන එන අයට මාර පරිප්පුව

:       0       117

parakkrama Thursday, 09 November 2017 04:37 PM

අර බක්කි කරත්තේ යන්නේ බයිසිකල් පදින්න පුරුදු නැති උදවිය වෙන්ටෑ.

:       0       138

chandradeva Thursday, 09 November 2017 05:00 PM

ඒ අයට තීරු බදු රහිත පාපැදි දෙන්න

:       0       83

indra Thursday, 09 November 2017 05:06 PM

රටට අවශ්‍ය විහිලු සපයන නායකයන් නොවේ, මේ ඡන්දයදී නැවත වෙනසක් ඕනෑ. රටේ උගත් බුද්ධිමතුන් විචාරකයන් මේ සදහා පෙළ ගැසිය යුතුයි. මේ මුහුණු නැවත දියවන්නාවට එපා.

:       0       243

Mangala Thursday, 09 November 2017 05:44 PM

බයිසිකල් වුනත් සුපිරි බයිසිකල් . අහිංසක දුප්පත් මිනිහට ඔය වගේ එකක් ගන්න බැහැ.

:       0       123

bamunuarachchiFriday, 10 November 2017 02:55 AM

ඉතින් අඬ අඬ ඉන්න වෙන මොනවා කොරන්නද?

:       1       23

kavantissa Thursday, 09 November 2017 06:36 PM

ගොනාගේ අං දෙක වටිනවා එතන ඉන්න සෑම හැඩකාරයෙකුට වඩා. ඔය මොන වැඩද ඩෙන්මාක් රටේ රජ්ජුරුවොත් යනවලු බයිසිකලයෙන්. මුළු සරුවාන්ගයම ව්‍යායාම වෙනවා.

:       0       61

wasanjaya Thursday, 09 November 2017 07:46 PM

පහුගිය කාලේ කොච්චරවත් කියවා කියව ඉන්න ඇමතිවරයෙක් සන්ග්ලාස් එහෙම දල බිසිකලේ පදිනකොට කව්ද කෙනෙක් ෂෝ කිව්වා මේ අය කරන්නෙත් ඒකම නේද?

:       0       35

Chanak Los angeles Thursday, 09 November 2017 09:48 PM

කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල ......

:       0       123

ලුම්බිණි Thursday, 09 November 2017 11:24 PM

හැමදාම කරන්නේ ගොන් වැඩ.

:       0       244

වින්සන්ට් Thursday, 09 November 2017 11:51 PM

බලය ලබා ගැනීමට නිරුවතින් හරි පාර්ලිමේන්තු එන්න අපේ දේශපාලකයන්ට ලැජ්ජාවක් නැත.

:       0       273

nimal Friday, 10 November 2017 12:54 AM

මහින්ද මහත්තයෝ ඇත්තටම විලිලැජ්ජා නැද්ද ? ඔය මගුල් දැන් කාලෙ හරි යන්නේ නැ... ඔබතුමා ඔය කරන ගොන් මගුල දැන්වත් නතරකර දමන්න ? මොලේ පාවිච්චිකරන්න.. මේක මේ බටහිරට යන ලෝකේ ..කව්ද ඔය ඔයාගේ ඉන්න උපදේශක ..ඔයාගේ ඔය ඉන්න ඒකාබද්ද විපක්ෂය ප්‍රමුක හරක් රන්චුව එක්ක ගියොත් යන එකමන් නැ.ඔතනින් අයින් වෙලා . මොකක්හරි කරන්න බලන්න..අනික මේ අවස්ථාවේදී අන්තවාදී වෙන්නත් එපා පස්ක්ෂක්ග්‍රාහී වෙන්නත් එපා. පුතාලගෙන් උපදෙස්ගන්නත් එපා ඔවුන් හොරු ..කාලෙ හැටියට තැන බලලා මොලේ පාවිච්චිකරලා වැඩකරන්න .. මේවා ඔහෙලට නොවෙයි හරි වැරැද්ද තේරෙන්නේ පැත්තක බලාගෙන ඉන්න අපිටයි ....මම මේ කියන්නේ මගේ අදහස රටට ආදරයක් තියේවි නම් ,.. ජනතාවට ආදරයක් තියෙවිනම් මේ අවස්ථාවේදී ඕක නෙවෙයි කලයුත්තේ .. බොර දියේ මලු බාන්න හදන්න එපා .. දැන් මිනිසුන් දියුණුයි ..ඔය ඒකාලේ ගිය පා ගමන් මේ කාලෙට හරියන්නේ නැ.. අපේ රටේ කෙරෙන ඇති ලබ්බක් නැ අපි යැපෙන්නේ බටහිරින් ..ඒක නිසා ඔය කොයි නායකයා වුනත් බලලෝබයට වෙඩකරන බව අපිට හැගියනවා.. ඔතනින් එහාට දෙයක් නැත .....

:       0       174

ravin Friday, 10 November 2017 12:59 AM

ඔබතුමා මේ පෙන්නන නිදහස තියන රටේ ඇයි මෙච්චර වාහන පිරිවරාගෙන මන්ත්‍රී වරු හා ඇමතිවරු සැරිසරන්නේ. තීරු බදු රහිත වාහන,පරිවාරක වාහන මහජන නියෝජිතයනට අනවශ්‍ය බව ඔබතුමා ඔප්පුකර පෙන්නුවා.

:       0       33

Rajah Friday, 10 November 2017 02:34 AM

මේ පාපැදි ලක්ෂ ගානක් වටිනා සුපිරි ඒවා. මේවා වාහන වල දාගන ඇවිත් ටික දුරක් පැදලා අපිව ගොනාට අන්දන්න එපා. බලන්න මෙයාලට තියන ආරක්ෂාව...කොච්චර කෙනහිලිකම් කලත්, ආරක්ෂවනම් ටිකක්වත් අඩුකරලා නැහැ. මහින්ද මෙහෙම කරයිද?

:       0       174

sensa Friday, 10 November 2017 02:49 AM

කාලකන්නි මිනිස්සු කොටසක්. රටත් රවටලා තමුනුත් රැවටෙනවා. සසර දිගුකරගන්න එපා මෝඩයිනේ.

:       5       150

Nishan Friday, 10 November 2017 02:56 AM

බලන්න බුක්ති විඳින නිදහස. වතුර කලවම් වෙච්ච පෙට්‍රල් ගෙන්නලා බෙදුව කාලේ අනිත් අය මෙහෙම කළා නම් සුදු වෑන් ටුවර් යවලා.

:       0       286

ajith Friday, 10 November 2017 03:13 AM

මෙහි තිබෙන හතරවෙනි පින්තුරය දෙස බල ඉන්නකොට මට හිතුනේ, මේක තමයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අපිට හැමදාම කරන දේ කියල. අහිංසක සතෙක්ගේ වාරුව අරගෙන අසරණ මිනිස්සුන්ව යොදවාගෙන තවත් සේවකයෙක්ගේ ආරක්ෂාව අරන් මේ කට්ටිය කරත්තේ ඉඳගෙන යනවා. ගොනා බර අදිනවා. දෙන්නෙක් දෙපැත්තෙන් එම ගොනාව එලවනවා. තවෙකෙක් කාගෙවත් ආරක්ෂාවට ගෙල දෙන්න පැත්තෙන් දුවනවා.මේව තමයි විහිලු . අහිංසකයෝ හැමදාම තැලෙනවා. සැප ඇත්තෝ සැපට වැජබෙනවා.

:       0       136

suresh Friday, 10 November 2017 03:28 AM

ගොන්නු තුන්නදෙනෙක් කරත්තේ තියාගෙන තවත් තුන් දෙනෙක් විදින දුක පව් ගොන්නුන්ගේ ෂෝ එකක්

:       4       270

ජයශ්‍රී Friday, 10 November 2017 03:33 AM

සමාජයේ සිදුවන යම් යම් සිද්ධි වලට විරෝධය පාන එක එක ක්‍රම තියෙනවා. එකෙන් අදහස් වෙන්නේ නැහැ ඒ කරන අය හැමදාම එහෙම කරනවා සහ කල යුතුයි කියල. ඒක සංකේතාත්මක විරෝධයක් විතරයි. මෙතන සිද්ධ වෙන්නෙත් එහෙම දෙයක්. මට මතකයි අපි පොඩි කාලේ 1960 ගණන් වල රෙදි මිල වැඩිවීමට විරෝධය පලකරන්න ඒ කාලේ හිටපු විජයානන්ද දහනායක මන්ත්‍රී වරයා අමුඩයක් විතරක් ඇඳගෙන පාර්ලිමේන්තුවට ආවා. ඒක සංකේතාත්මක විරෝධයක්. හැමදාම එහෙම එන්නේ නැහැ. එන්න ඕනෙත් නැහැ. ඒ කාලේ පත්තර වල ඒ පින්තූරේ ලොකුවට දාල තිබුන.

:       154       14

sas Friday, 10 November 2017 04:18 AM

කාවද රවටන්න හදන්නේ .

:       0       147

rohana Friday, 10 November 2017 05:24 AM

ලෝකයේ හොඳම විහිළු සපයන්නා සම්මානය

:       0       74

Upali Friday, 10 November 2017 05:42 AM

පව් අනේ බොඩි ගාඩ්ලා.

:       0       41

Muhan Friday, 10 November 2017 06:50 AM

මෝඩ ජෝක්ස්

:       0       42

anura Friday, 10 November 2017 07:00 AM

නිකම් සවුත්තු වෙනවා හොරුත් පිරිවරාගෙන. හොරු පිරිවරාගෙන කොහොමද රට ගොඩ ගන්නේ.!! .

:       0       55

sarath Friday, 10 November 2017 07:32 AM

මේ බයිසිකලේ යන මිනිස්සුන්ට මොකටද ආරක්ෂක බටයෝ 200 ය ගණන් මේ කියන්නේ රජයේ බලය ලත් නිලධාරීන්ටයි .????

:       0       72

Shan Friday, 10 November 2017 07:36 AM

මේ හොර රැළට බයිසිකල් පදින්න නෙමෙයි දෙන්න ඕන......කෙලින්ම හිරේ යවන්නයි ඕන. බොරු සංදර්ශන.

:       0       132

sumith Friday, 10 November 2017 08:55 AM

මට නම් පව් කියලා හිතෙනවා. මට මතක් වෙනවා මෙයාලගේ කාලේ... මහින්දගේ නෝනා උදේට වෝක් එකේ යන හැටි..., ඉස්සරහින්ම යනවා ලොකු තඩි අල්ෂේෂන් බල්ලෝ දෙතුන් දෙනෙක්, ඊලගට අශ්වයෝ යනවා. ඊ ලඟට යනවා ආරක්ෂක හමුදාවෙන් කාන්තාවන් ටිකක්, ඊ ලඟට යනවා ජනාධිපති ආරක්ෂක සෙබළු ටිකක්, ඔන්න ඉන්නවා නෝනා ඊලඟට, එයාට කුඩයක් ඉහලන් තව ටිකදෙනෙක් යනවා... ඔන්න බොලේ ඊලඟට පස්සෙන් යනවා අර වගේම සෙබළ සෙබලියෝ... නෝනට සමාන්තරව පාර දිගේ ගිනි නිවන වාහන, අැම්බියුලන්ස් යනවා. ඊට පස්සේ නෝනට රජ ගෙදරට යන්න පාරත් වහනවා. අනේ නෝනේ බලන්නකෝ මහත්තයට ගිය කල...

:       0       140

wasantha Friday, 10 November 2017 10:29 AM

ඉතාමත් හොඳ ආදර්ශයක්. අපි ඔබලාව පිළිගන්නේ අඩුම තරමින් අවුරුද්දක්වත් ගොන්කරත්තෙන් හෝ බයිසිකල් පැද්දොත්. නැත්නම් මේ රටේ මිනිස්සු මෝඩයෝ කියලා හිතුවද? දීපු ආදර්ශය නම් හොඳයි. දිගටම කරන්න.

:       0       0

bamunuarachchi Saturday, 11 November 2017 08:41 AM

හැබැයි මෙතන සමහරුන්ට ස්කෝලේ යනකාලේ බයිසිකලයක් වත් තිබුනේ නැත.

:       0       1

bamunuarachchi Saturday, 11 November 2017 08:47 AM

අම්මට සිරි තිරික්කලෙයි, ගොනාගෙයි ලස්සන. සිරිසේන - රනිල් දෙපළ කැලේනේ...

:       0       0

nimmi Monday, 13 November 2017 02:21 PM

තමුන්ට නොගැලපෙන දේවල් කරලා වටිනාකම අඩු කර ගන්නවානේ.

:       0       0

kumar (Galf) Monday, 13 November 2017 07:47 PM

හිනා හිනා හිනා හිනා වෙන්න හිනා ඇයි ඔයා බුම්ම ගෙන පොඩ්ඩක් වෙන්න හිනා!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට අදත් වැස්ස
2024 අප්‍රේල් මස 27 44 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 1005 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1825 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 2040 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 1035 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 981 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 344 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1570 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site