IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


බස්නාහිර පළාත් සභාවේ සියලු ඉදිකිරිම් හා මිලදී ගැනීම් ගැන විගණන පරීක්ෂණයක් ඉල්ලයි


මුදිතා දයානන්ද
            

බස්නාහිර පළාත් සභාවේ සැප පුටු ගනුදෙනුවේ සිට එහි සියලූ ඉදිකිරීම් හා මිලදී ගැනීම් තුළ දුෂණයන් ඇති බවට දැනට තොරතුරු අනාවරණය වී ඇති බැවින් ඒ සියල්ල සම්බන්ධයෙන් විගණන පරික්ෂණයක් කරන ලෙස විගණකාධිපතිට පැමිණිලි කරන බව ජනතා විමුක්ති පෙරමුණේ බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා අද (16) පැවසීය.


විගණන පරික්ෂණ වාර්තාව ලැබුණු පසු දූෂණයක් සිදුව තිබෙන බව තහවුරු වන්නේ නම් අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කිරිමට ද අප බලාපොරොත්තු වෙනවා යැයි ද නිපුණආරච්චි මහතා පැවසීය.


නිපුණආරච්චි මහතා මේ බව පැවසූයේ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවකදී වන අතර තවදුරටත් ඒ මහතා මෙසේද පැවසීය.


බස්නාහිර පළාත් සභාවේ සිදුව තිබෙන එකම දූෂණය සැප පුටු ගනුදෙනුව නොවේ. ශබ්ද විකාශන යන්ත‍්‍ර ඇතුළු කැමරා පද්ධති සැපයීමට රටේ සුප‍්‍රසිද්ධ, වැඩකර මනා පළපුරුද්දක් සහිත ආයතනයකින් මිලියන 72කට අයදුම්පතක් ඉදිරිපත් කර තිබියදී එහි අත්සන් තිබුණේ නැතිකම තාක්ෂණික ප‍්‍රශ්නයක් සේ ඉදිරිපත් කරමින් මිලියන 109කට අයදුම්පතක් ඉදිරිපත් කළ සමාගම තෝරාගෙන සභා ගොඩනැගිල්ලේ පිට පොත්ත විතරයි. ඇතුල හිස්. මදේ නැහැ. කැන්ටිමේ වයර් එල්ලෙනවා. 


එහි තිබෙන්නේ මන්ත‍්‍රීවරුන්ගේ පරණ භෝජනාගාරයේ පුටු. නමුත් පුටුවලට ඇස්තමේන්තුවේ මුදල් වෙන්කර තිබෙනවා. සභාපති පිවිසුම් දොර, මෙහි මිල බැලූවාම ඒකට දෙර කියන්න බැරි නිසා මම කියන්නේ ද්වාරය කියලා. මේ පිවසුම් ද්වාරයට කෝටියකට අධික මුදලක් වැය වි ඇති බව තමයි මට ලැබී තිබෙන තොරතුර අනුව තහවුරු වන්නේ. 
             



අදහස් (8)

බස්නාහිර පළාත් සභාවේ සියලු ඉදිකිරිම් හා මිලදී ගැනීම් ගැන විගණන පරීක්ෂණයක් ඉල්ලයි

Abiththayaa Sunday, 16 September 2018 11:27 AM

සපත්තු දාලද ඉන්නේ දන්නේ නැහැ.

:       65       0

රවින් Sunday, 16 September 2018 11:36 AM

ඔක්කොම කිල්ලෝටවල තියන හුණු ටික අර ගත්තම බුලත් විට කන්න බැරිවෙයි. ටික ටික ගන්න, ඡන්දේ ළං වෙනකොට මුළු පළාත් සභා ගොඩනැගිල්ලේම ගාන්න හුණු එක්කහු කරගන්න පුළුවන් වෙයි.

:       0       0

Isura Sunday, 16 September 2018 12:12 PM

කාලෙකට පස්සෙ කන්න හම්බ වූ වෙලාවේ බදාගෙන කන්නේ නැතිව ලෙව කන්නද කියන්නේ?

:       0       11

සතයපාල Sunday, 16 September 2018 12:57 PM

බස්නාහිර පළාත් සභාවේ වර්තමාන මහ ඇමැතිවරයාගේ කාලයේ පමණක් නොව හිටපු මහ ඇමැතිවරයා වන ප්‍රසන්න රණතුංගගේ කාලයේ සිදුවූ ගණුදෙනු සම්බන්ධයෙන්ද විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතු අතර පළාත් සභා ක්‍රමය ආරම්භයේ සිටම දූෂිත හා අකාර්යක්ෂම ආයතන ලෙස ක්‍රියාකළ බවට ඉතිහාසය පුරාවටම සාක්ෂි ඇත.

:       0       22

OMG Sunday, 16 September 2018 01:03 PM

ලොකු පොඩි විදිහට හැමතැනකම තියෙනවා. නමුත් ඔබගේ උත්සාහයට උණුසුම් සුභ පැතුම්...!!!

:       0       92

senaka Sunday, 16 September 2018 02:52 PM

මේ මහත්තය නරකද ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස අනාගතයේදී තරග කරන්නට?

:       0       8

himal Monday, 17 September 2018 06:25 AM

මෙහෙමයි මන්ත්‍රීතුමෝ. ලංසුවක් ඉදිරිපත් කරද්දි ලංසු ලේඛනයේ අත්සන් තබා තහවුරු කිරීම අනිවාර්ය දෙයක්. මිල අඩු වෙච්ච පමණින් දෝෂ සහගත ලංසු පිළිගන්න බෑ. මේ අත්සන් රහිත ලංසුකරුට පිරිනමලා ඒ ආයතනය පසුව මිල වෙනස් කරන්න පවා හැකියි මොකද අත්සන් තබා තහවුරු කර නැති නිසා.

:       0       15

Mahathun ayiyaaMonday, 17 September 2018 08:13 AM

නමුත් මිලගණන් අතර විශාල පරතරයක් තිබුණහොත්, නැතිනම් ඇස්තමේන්තුගත මුදල ඉක්මවා යයි නම් සම්පාදන කමිටුව මගින් නැවත මිල ගණන් කැඳවීමේ තීරණයක් ගත යුතුයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට අදත් වැස්ස
2024 අප්‍රේල් මස 27 2 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 683 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1266 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1467 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 812 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 770 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 343 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1733 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site