IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


පොලිස්පති නියෝගය විසිකර පොලිස් අධිකාරී සේවයේ පිහිටුවන්න නියෝග

තරිඳු ජයවර්ධන

පොලිස්පතිවරයා විසින් දෙවැනි වරටත් වැඩ තහනම් කරනු ලැබූ කල්මුණේ පොලිස් අධිකාරී ප්‍රියදර්ශන හේරත් මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි යළිත් සේවයේ පිහිටුවීමට ජාතික පොලිස් කොමිෂන් සභාව තීරණය කළ බව එහි උසස් නිලධාරියෙක්  ලංකාදීපයට  පැවසීය.

සහකාර පොලිස් අධිකාරී සහ ඉන් ඉහළ නිලධාරීන්ගේ පරම විනය බලධාරියා වන්නේ ජාතික පොලිස් කොමිෂන් සභාව බවත්, පොලිස්පතිවරයා ප්‍රියදර්ශන හේරත් මහතාගේ වැඩ තහනම් කර ඇත්තේ කොමිසමේ ආවරණ අනුමැතියකින් පවා තොරව බවත්, එය සහ තවත් කරුණු සලකා බලා පොලිස් අධිකාරීවරයා යළි සේවයේ පිහිටුවීමට තීරණය කළ බවත් එම නිලධාරියා පැවසීය.

හේරත් මහතා නුගේගොඩ කොට්ඨාසයේ සේවය කරමින් සිටිය දී කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් 2017 පෙබරවාරි මස 17 වැනි දා මුල් වරට වැඩ තහනම් කරනු ලැබීය. ඉන් පසු 2018 ජනවාරි මාසයේ දී ජාතික පොලිස් කොමිෂන් සභාවේ නියෝගයකට අනුව පසුගිය මැයි මාසයේ ඒ මහතා සේවයේ පිහිටවනු ලැබූ අතර ඉන් දින 20කට පසු යළිත් වරක් ඔහුගේ වැඩ තහනම් කළ බව පොලිසිය කියයි.

පොලිස් අධිකාරීවරයා 2009 වසරේ දී අනුරාධපුර වැඩබලන මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයකු ලෙස සේවය කරමින් සිටි සමයේ සිදුවීමක් සම්බන්ධයෙන් 2017 දෙසැම්බර් මාසයේ මහාධිකරණයේ නඩු පැවරීමේ සිද්ධියක් නිසා පොලිස්පතිවරයා දෙවැනි වර වැඩ තහනම සිදු කර ඇතැයි ද, ඊට අදාලව විමර්ශන අවසන් කර ඇත්තේ 2012 වසෙර්යැයි ද, එම චෝදනාවන්ට හේරත් මහතාට 2016 දී අවවාද පත්‍රයක් නිකුත් කර ඇතැයි ද උසස් නිලධාරියෙක් පැවසීය.

පොලිස් අධිකාරීවරයා නැවත සේවයේ පිහිටුවීමට කොමිසම ගත් තීරණය නීතිය හා සාමය අමාත්‍යංශ ලේකම්ටත්, පොලිස්පතිටත් දැනුම් දෙන බව ද කොමිසම කියයි. 



අදහස් (3)

පොලිස්පති නියෝගය විසිකර පොලිස් අධිකාරී සේවයේ පිහිටුවන්න නියෝග

Thilina Wednesday, 20 June 2018 06:15 PM

පොලිස් දෙපාර්තමේන්තුවේ බලධාරියා විසින් සිය අභිමතානුසාරී බලය යොදා නීතිය සම්පුර්ණයෙන්ම නමා මතු නොව දෙපා යුගලේ ආධාරයෙන් ද පාගා දමා කීතු කීතු කළ " සාධාරණය " සර්ව බලධාරී මණ්ඩලය විසින් ඉහලටම ඔසවා තබන්නට ක්‍රියා කිරීම ඉතාමත් විශිෂ්ඨයි.....

:       0       28

Chanak Los angeles Wednesday, 20 June 2018 07:04 PM

එතකොට කොමිසම කියන්නේ ඕනෑම නීතිවිරෝධී වැඩක් කරපන් අපි ඉන්නවා නුඹලා වෙනුවෙන් කියන එකනේද ?මේවා සමාජයට දෙන වැරදි පුර්වාදර්ශ නොවේද ?පොලිස් කොමිසමට නියෝග දෙන්න පුළුවන් වන්නේ පොලිස්පතිගෙන් පහළ නිල වලට පමණයි. පොලිස්පති පෙන්වා දෙන්නේ රාජකාරී වාර්තාවේ කළුපැල්ලම් ඇති නිලධාරීන්ට උසස්වීම් දීම උචිත නැහැ කියලයි .

:       4       1

ලලිත් Thursday, 21 June 2018 12:39 AM

මේ වගේ පොලිස්පතිවරයෙක් ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ .

:       0       12

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හොර දොස්තර රෝහලට ආ දරුවාගේ පංචායුදය උස්සලා
2024 අප්‍රේල් මස 26 24 0

කකුලේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීමට කුලියාපිටිය ශික්ෂණ රෝහලට පෙරේදා (24) මවත් සමග පැමිණ සිටි දරුවකු පැළඳ සිටි රුපියල් තුන් ලක්ෂ අසූ දෙදහසක් පමණ වට


රෝහ‍ල් කුස්සියේ බඩු උස්සා මිනී කාමරේ හංගලා: කෝකියා දැලේ
2024 අප්‍රේල් මස 26 109 0

කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයාට හසුවූ බව කිය


එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 195 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 379 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1749 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 259 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1551 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site