IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


නෙළුම් කුලුන වෙනුවෙන් සමරු මුද්දරයක්

( ගයාන් අමරසේකර)

දකුණු ආසියාවේ විශාලතම කුලුන වන නෙළුම් කුලුන  විවෘත කිරීම නිමිත්තෙන්  සමරු මුද්දරයක් නිකුත් කිරීමට  ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යංශය මඟින් රු. 45.00ක වටිනාකමකින් යුතු නව සමරු මුද්දරයක්, සිහිවටන පත්‍රිකාවක් සහ මුල්දින කවරයක් (16) වැනිදා නිකුත් කෙරේ.

 එම මුද්දරය නිර්මාණය කරන ලද්දේ මුද්දර නිර්මාණ ශිල්පී පොත්පිටියගේ ඉසුරු චතුරංග කලාකරුවා විසිනි. 



අදහස් (10)

නෙළුම් කුලුන වෙනුවෙන් සමරු මුද්දරයක්

kamal Friday, 13 September 2019 07:39 AM

අනේ අනේ අපේ දෙදහස් පන්සිය වසරක සංස්කෘතිය පාච්චල් වෙන වැඩ නම් කරන්න එපා. සමරු මුද්දරයක් නිකුත් කරනවා නම් ඒක දකුණු ආසියාවේ විශාලතම සමරු මුද්දරය වෙන විදියට නිකුත් කරන්න. නැතිනම් අපිට මදිකමක්...

:       40       5

wimal Friday, 13 September 2019 09:06 AM

පොහොට්ටුවට සුබ අනාගතයක්...

:       923       1009

sirimal Friday, 13 September 2019 09:56 AM

කිසිකෙනෙකුට තඹ දොයිතුවකවත් ප්‍රයෝජනයක් නැති නිකන්ම නිකන් ශෝබනේට හදපු ඕකේ මුල්ගල තිබ්බ කට්ටිය මුද්දරේ බැරිනම් ලියුම් කවරේවත් නැද්ද?

:       664       541

SujeewaFriday, 13 September 2019 12:11 PM

සිරිමල් නම් පට්ට විදියට මෝඩකම ප්‍රසිද්ධ කළා වගෙයි. දන්නේ නැත්නම් කාගෙන් හරි අහලා ඉගෙන ගන්න මෙම කුළුනේ වාණිජමය, තාක්ෂණිකමය සහ ආරක්ෂක කටයුතු පිළිබඳව අප රටට ඇති වැදගත්කම. ඊට පස්සේ ඕනෑම පක්ෂයකට ඔයා කඩේ යන්න.

:       80       383

sirimalFriday, 13 September 2019 03:45 PM

වාණිජමය කියන්නේ ඕකේ අර කැරකෙන තට්ටුවේ තේ වතුර කඩ දෙකතුනක් දාගන්න එකද? ආරක්ෂා කරන්නේ කුළුණ මුදුනට නැගලා විරුද්ධ කාරයින් එනවද කියලා බලාගෙන ඉඳල වෙන්න ඇති මගේ හිතේ... කොහොම වෙතත් තාක්ෂණිකමය ඒවා නම් චීන්නුන්ගේ විද්‍යාගාරවලට තමයි අමුණලා ඇත්තේ.

:       410       205

KumarFriday, 13 September 2019 04:06 PM

සිරිමල්ගේ කතාවම තමයි මම අහන්න හිටියේ. ඔය කුලුනේ කිසිම වැදගත්කමක් ඇති කියලා සිතන්න අපහසුයි. මම සිතුවේ ඕක දේශපාලන පක්ෂයක වැඩක් කියලයි.

:       136       56

ලංකාපුත්‍ර Friday, 13 September 2019 01:18 PM

හරිම දුකයි. උඩිනුත් පල්ලෙනුත් කලම්බෝ ලෝටස් ටවර් කියලා තියෙනවා.. අහෝ සිංහලයාට ගිය කලක්..!!!

:       158       27

නොකවුට් Friday, 13 September 2019 02:09 PM

නිකන් අපරාදෙ මහජන මුදල්...

:       224       86

Sujeewa Saturday, 14 September 2019 09:15 AM

මෙම කුළුණ සැලසුම් කිරීමත්, එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමත් රාජපක්ෂ යුගයේ සිදුවූවක් බව රටම දන්නවා. නමුත්, යහපාලන රජය බලයට පත්වූ විගසම ඉන්දියානු රජය මෙය නතර කරනමෙන් ඉල්ලා සිටියා. යහපාලන රජය බලයට පත් කිරීමට උදව් වූ මිත්‍රයෙක්ගේ ඉල්ලීමකට කන්දී, ව්‍යාපෘතිය තාවකාලිකව නවතා දැමුවත්, යහපාලන රජයට අප රටේ ඉන්නා දක්ෂ ආරක්ෂක නිලධාරින්, ටෙලිකොම් අංශයේ ඉන්නා උගත් තාක්ෂණික නිලධාරින්, සහ පුද්ගලික අංශයේ ඉන්නා වෘත්තිකයින් මෙම කුළුනේ ඇති වැදගත්කම පෙන්නූ පසු, කුළුනේ ඉදිකිරීම් නැවතත් ආරම්භ වී, කල්ගතවී, ප්‍රමාද වී හෝ කුළුනේ ඉදිකිරීම් අවසාන වීම ගැන මුළු රටම මෙම කුළුණ ඉදිකිරීමට දායක වූ සියලු දෙනාටම ස්තුති කළ යුතුය. ඔන්න තිත්ත ඇත්ත..!

:       1       404

nayana Saturday, 14 September 2019 11:15 PM

චීන අකුරෙනුත් ගැහුවා නම් නේද හොඳ? මේක චීන මිනිසුන්ගේ දහදිය මහන්සියෙන් හම්බකරපු මුදලින් කරපු දෙයක් නිසා...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට අදත් ගිගුරුම් සහිත වැසි
2024 අප්‍රේල් මස 26 38 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලට අද පස්වරු 2.00 පමණ පසු තැනින් තැනට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය


හොර දොස්තර රෝහලට ආ දරුවාගේ පංචායුදය උස්සලා
2024 අප්‍රේල් මස 26 340 0

කකුලේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීමට කුලියාපිටිය ශික්ෂණ රෝහලට පෙරේදා (24) මවත් සමග පැමිණ සිටි දරුවකු පැළඳ සිටි රුපියල් තුන් ලක්ෂ අසූ දෙදහසක් පමණ වට


රෝහ‍ල් කුස්සියේ බඩු උස්සා මිනී කාමරේ හංගලා: කෝකියා දැලේ
2024 අප්‍රේල් මස 26 347 0

කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයාට හසුවූ බව කිය


එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 252 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 449 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 2256 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1551 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site