IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


නාලක සිල්වා අද හෙටම අත්අඩංගුවට

(සුජිත් හේවාජුලිගේ)

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා අද හෙටම අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවැසීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහත්වරුන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයට අදාළ හඬපටයේ අඩංගු වන්නේ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා හා මේ කුමන්ත්‍රණය අනාවරණය කළ තැනැත්තා වූ දූෂණ විරෝධී පෙරමුණේ නාමල් කුමාරගේ කටහඬවල් බව රස පරීක්‍ෂණ දෙපාර්තමේන්තු පරීක්‍ෂණ මගින් මේ වනවිට තහවුරු වී ඇති හෙයින් නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම අත්අඩංගුවට ගත යුතු වන බව ද එම නිලධාරියා කීවේය.

හඬ පටයට අදාළ රස පරීක්‍ෂක වාර්තාව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට බාරදී ඇති අතර වාර්තාව එම දෙපාර්තමේන්තුව මගින් අධිකරණයට මේ සතියේදී ඉදිරිපත් කිරීමට නියමිතය.

ජනාධිපති හා හිටපු ආරක්‍ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා අත්අඩංගුවට ගෙන ඒ පිළිබඳව ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට කටයුතු කරන බව රහස් පොලිස් නිලධාරීහු කියති.

මේ අතර ත්‍රස්ත විමර්ශන අංශය බාරයේ තිබී රහස් පොලිසිය බාරයට ගත් මැෂින් තුවක්කු දෙක පාවිච්චි කර ඇති ආකාරය සම්බන්ධයෙන් ද විස්තර වාර්තාවක් දෙන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුවට ඉකුත් 5 වැනිදා නියෝග කළාය.

මහනුවර දී ඉකුත් දා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා නාමල් කුමාර මහතා මේ ඝාතන කුමන්ත්‍රණය අනාවරණය කර තිබූ අතර පරීක්‍ෂණ ආරම්භ කෙරුණේ ඉන් අනතුරුවය.

 



අදහස් (4)

නාලක සිල්වා අද හෙටම අත්අඩංගුවට

OMG Monday, 08 October 2018 04:45 AM

ලංකාවේ ඉන්නවද?

:       1       1

Thilak Monday, 08 October 2018 05:13 AM

වැරැද්ද කර ඇත්නම් පමා නොකර උපරිම දඬුවම් ලබා දීම කඩිනම් කරන්න

:       1       0

deva Monday, 08 October 2018 06:20 AM

වැඩේ යන විදිය හොඳයි. හැබැයි අර තාජුදීන්ගේ වගේ ඇදෙන එකක්ද දන්නේ නැහැ. මොකද මේ දවස්වල ඇත්තනේ කියන්නේ... මේවා කරන්නේ කාගේ වුවමනාවකටද කියලා රටට හෙළිවී නොමැත.

:       0       1

Mf Monday, 08 October 2018 12:11 PM

ඔව් ඉතින් අත්අඩංගුවට ගන්නත් ආවට ගියාට කරන්න බැහැ. ඒකටත් සුබ නැකතක්එහෙම බලල කරන්න ඕනෑවේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට අදත් වැස්ස
2024 අප්‍රේල් මස 27 24 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 851 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1572 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1787 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 939 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 883 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 344 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1570 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site