IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


නාමයෝජනා ඉල්ලුම තුන් ගුණයකින් වැඩිවීමෙන් එජාපය අර්බුදයක

(අංජුල මහික වීරරත්න)

මැතිවරණ කොට්ඨාසවලට ඉදිරිපත් කළ යුතු නාම යෝජනා සංඛ්‍යාව මෙන් තුන් ගුණයක්ද ඉක්මවන පිරිසක් අපේක්ෂකත්වය ඉල්ලීම නිසා එක්සත් ජාතික පක්ෂ ජාතික නාම යෝජනා මණ්ඩලය අර්බුදයකට මුහුණ පා සිටින බව එජාප ආරංචි මාර්ගවලින් පැවසේ.

මහනගර සභා, නගර සභා සහ ප‍්‍රාදේශීය සභා ඇතුළත් පළාත් පාලන මැතිවරණයට එක්සත් ජාතික පෙරමුණෙන් තරග කිරීම සඳහා 24,000කට වැඩි පිරිසක් නාම යෝජනා ඉල්ලා ඇතැයි එක්සත් ජාතික පක්ෂ සන්නිවේදන බළකා අධ්‍යක්ෂ ජනරාල් සුදත් චන්ද්‍රසේකර මහතා පැවසීයමේ සංඛ්‍යාව පළාත් පාලන නාම යෝජනා බාරදිය යුතු අපේක්ෂකයන්ගේ සංඛ්‍යාව මෙන් තුන් ගුණයකටත් වැඩියැයි චන්ද්‍රසේකර මහතා කීය.

ඊට අමතරව එක්සත් ජාතික පෙරමුණේ හවුල්කාර පක්ෂ ද එම පෙරමුණෙන් නාම යෝජනා ලබාගැනීම සඳහා නම් ඉදිරිපත් කිරීම නිසා අපේක්ෂක ලැයිස්තු සැකසීම තියුණු තරගයක ස්වරූපයක් ගෙන ඇතැයි සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

ආසන සහ දිස්ත‍්‍රික් මට්ටමින් සකස් කරනු ලැබු පළාත් පාලන මැතිවරණ අපේක්ෂක ලැයිස්තු සිරිකොත පක්ෂ මුලස්ථානයට මේ වනවිට ලැබී ඇත. ඊට අමතරව පක්ෂ මූලස්ථානයට සෘජුවම අයැදුම් කළ 17,000කගේ නාම යෝජනා ඉල්ලූම්පත් ද පක්ෂ මූලස්ථානයේ සංශෝධන ලැයිස්තු ලෙස ද සකස් කර අවසන්ය.

සියලූ අපේක්ෂක නාම යෝජනා ලැයිස්තු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් එජාප ජාතික නාම යෝජනා මණ්ඩලයට මේ සතියේ ඉදිරිපත් කෙරේ. එක්සත් ජාතික පෙරමුණ, මහ නගර සභා, නගර සභා සහ ප‍්‍රාදේශීය සභා සඳහා ඉදිරිපත් කරන අවසන් අපේක්ෂක ලැයිස්තු සකස් කරනු ලබන්නේ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රධානත්වය දරන ජාතික නාම යෝජනා මණ්ඩලය මගිනි.



අදහස් (11)

නාමයෝජනා ඉල්ලුම තුන් ගුණයකින් වැඩිවීමෙන් එජාපය අර්බුදයක

Nimal Wednesday, 06 December 2017 04:52 AM

මේ එන පොට පේනවා නේද? මෙයාල කීදෙනෙක් ගම, පළාත සහ රට ගැන හිතලා එනවද? පරිස්සමන් ඡන්දය පාවිච්චි කරන්න. අර පොහොටුවත් කට්ටියත් එහෙමයි. පක්ෂ දෙක තුනට පිටින් එන උගත් විද්වතුන් ගැන දැන් කල්පනා කර බලමු. නැත්නම් ගමට පළාතට රටට සහ අපිට අබ සරණයි.

:       9       165

cisco Wednesday, 06 December 2017 06:24 AM

අපේක්ෂකයෝ වැඩිවුණාට බලමුකෝ ඡන්දේදි කොහොම වෙයිද කියලා....

:       52       107

රජින්ද Wednesday, 06 December 2017 08:11 AM

පැණිරස සුවඳ දැනෙන විට ඇබලයින් ඒ වෙත ඇදී යන්නාක් මෙන්, ගසා කෑමට සහ වංචා කිරීමට ඇති තැන් සොයා පාපතරයින්ද ඇදී යයි.

:       143       407

athuraWednesday, 06 December 2017 09:07 AM

එහෙනම් යන්න ඕන පොහොට්ටුව පැත්තට.

:       440       459

LapayaWednesday, 06 December 2017 10:00 AM

වැරදුණා නේද? මහ බැංකුව පැත්තට නේද?

:       1       137

RaveendraWednesday, 06 December 2017 09:29 AM

රජින්ද මයා වෙත, ඔබගේ අදහස් සමග අපද එකඟ වන්නෙමු. මෙම හැසිරීම කාලකන්නි තුප්පහි රතු, කොළ, නිල් පක්ෂ සියල්ලේම තිබෙන පොදු ලක්ෂණයක්.

:       0       200

himalWednesday, 06 December 2017 03:56 PM

එහෙම නම් ත්‍රීවීල් එකක් පුරවගන්නවත් සාමාජිකයො නැති පක්ෂ තමයි සුදනො.

:       1       1

banda Wednesday, 06 December 2017 10:23 AM

ආණ්ඩුව බලයේ තියෙන පැත්තට මිනිස්සු එකතු වෙනවා තමන්ගේ වාසි සඳහා .....

:       0       156

BamunuarachchiWednesday, 06 December 2017 02:41 PM

මෙපමණ කල් ලැබුණු වාසිය මොකක්ද? බදු බර ගැනද ඔය කීවේ. ලැබුණු එකම වාසිය තමයි අඩුවට තිබිලා වැඩිකළ බියර් නැවත ටිකක් අඩුකිරීම. මෙහෙම කීවොත් හරි "ආණ්ඩුව බලයේ තියෙන පැත්තට මිනිස්සු එකතු වෙනවා මැති ඇමැතියන්ගේ වාසි සඳහා " නැතුව මිනිසුන්ට ලැබුණු දෙයක් නැත.

:       0       0

QUINTUS PERERA Wednesday, 06 December 2017 10:37 AM

දිනන බව තේරිලා වෙන්න ඇති...

:       55       69

suran Wednesday, 06 December 2017 11:07 AM

හොරකම් කරලා ගොඩ යන්න තියෙන හොඳම තැන තමයි.

:       0       88

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට අදත් වැස්ස
2024 අප්‍රේල් මස 27 10 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 724 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1331 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1529 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 844 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 791 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 343 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site