IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


දේශිය ආදායම් පනත ගැන තීරණය කථානායකවරයාට

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති ‘‘ දේශීය ආදායම් පනත් කෙටුම්පත ’’ ව්‍යවස්ථානුකූලද නැත්ද යන්න සම්බන්ධයෙන් කඩිනමින් පාර්ලිමේන්තු කථානායකවරයාට දන්වා යැවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (25) තීන්දු කළේය.

පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති ‘‘ දේශීය ආදායම් පනත් කෙටුම්පත ’’ අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් විභාගය අද අවසන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබා දෙන ලදී.

එසේම එම පෙත්සම් සම්බන්ධයෙන් වන ලිඛිත දේශනද ගොනු කරන ලෙස අධිකරණය පෙත්සම්කරුවන්ට හා වගඋත්තරකාර නීතිපතිවරයාට දැනුම් දුන්නේය.

එම පනත් කෙටුම්පතට එරෙහිව පෙත්සම් 10 ක් අගවිනිසුරු ප‍්‍රියසාත් ඩෙප් ,අනිල් ගුණරත්න සහ නලින් පෙරේරා යන ශ්‍රේෂ්ඨාධිකරණ ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියෙහි කැඳවිණි.

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන බන්දුල ගුණවර්ධන ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම් ගොනු කරනු ලැබූ අතර නීතිපතිවරයා මෙහි වගඋත්තරකරු කරනු ලැබ තිබිණි.

 
විහාරස්ථාන ඇතුළු පුණ්‍යායතන වලට ලබා දී තිබූ බදු සහන ඉවත් කරමින් ,සුළු පරිමාණ සිල්ලර වෙළෙන්දාගේ සිට සෑම දෙනාගෙන්ම බදු  පනවමින් ,එකී බදු එකතු කිරීම සඳහා රජයේ නිලධාරීන්ට අමතරව රාජ්‍ය නොවන සංවිධාන හෝ වෙන  ඕනෑම අයෙකු බදු නිලධාරියෙකු ලෙස පත් කිරීමට අදාළ නව පනත් කෙටුම්පතින් යෝජනා කර ඇති බව පෙත්සමේ සඳහන් වෙයි.

එසේම යෝජිත පනත් කෙටුම්පත මඟින් ජනතාවට ලැබී තිබූ සියලූම සහන සහ වරප‍්‍රසාද අහිමි කිරීමේ වැඩපිළිවෙළක්ද සැලසුම් කර ඇති බවත් සාංඝික දේපළවලින් පවා බදු අය කිරීමට සැලසුමක්ද පවතින බව පෙත්සම්වල සඳහන් වේ.

යෝජිත පනත් කෙටුම්පත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ව්‍යවස්ථාවන්ට පටහැනි බවත් ,එය නියමාකාරයෙන් නීතියක් බවට පත්වීමට නම් තුනෙන් දෙකේ පාර්ලිමේන්තු ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් සම්මත කළ යුතු බවත් නියෝග කරන්නැයි පෙත්සම්කරුවෝ ඉල්ලා සිටිති.
 



අදහස් (0)

දේශිය ආදායම් පනත ගැන තීරණය කථානායකවරයාට

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට අදත් වැස්ස
2024 අප්‍රේල් මස 27 18 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 788 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1458 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1671 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 890 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 834 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 344 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site