IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


දිවයිනේ සෑම දිස්ත්‍රික්කයට රණවිරු ගම්මානයක්


 
(විනීතා එම් ගමගේ)

දිවයිනේ සෑම දිස්ත‍්‍රික්කයකටම රණවිරු ගම්මානයක් ඉදිකිරීමට තීරණය කළ බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා පැවැසීය.

ඒ දිස්ත‍්‍රික්කයන්හි වෙසෙන ආබාධිත රණවිරුවන් වෙනුවෙන් මෙම ගම්මාන වෙන් කෙරෙන බව ද අමාත්‍යවරයා කීය.

ආබාධිත රණවිරුවන් වෙනුවෙන් ඉදි කෙරෙන මෙම නිවාස අංග සම්පූර්ණව ඉදිකිරීමට කටයුතු යොදන බවත් ආබාධිතයන් වෙනුවෙන් වූ සියලූ පහසුකම් එහි ඇතුළත් වනු ඇති බවත් හෙතෙම සඳහන් කළේය. 

විශේෂයෙන්ම ආබාධිත රණවිරුවන්ට තමන් පදිංචිව සිටින දිස්ත‍්‍රික්කයේම පදිංචි වීමට අවස්ථාව සැලසෙන පරිදි මෙම ගම්මාන සැලසුම් කරන්නේ යැයි පැවසු අමාත්‍යවරයා මේ සඳහා රණවිරුවන්ගෙන් කිසිදු මුදලක් අය නොකරන බව ද සඳහන් කළේය. 

ආබාධිත රණවිරුවකු මෙන්ම ශ්‍රී ලංකා ජාතික දෘෂ්‍යාබාධිත ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ උපනායක ජේ ඩී පී රවීන්ද්‍ර මහතාට මොරටුව අඟුලානේ සයුරුපුර නිවාස සංකීර්ණයෙන් නිවසක් ලබාදීම නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශයේ දී අද (9)  මෙසේ පැවසීය.



අදහස් (18)

දිවයිනේ සෑම දිස්ත්‍රික්කයට රණවිරු ගම්මානයක්

Duminda Monday, 09 April 2018 10:47 AM

කරුණාකර මේ රණවිරු ගම්මාන උතුරේ සහ නැගෙනහිර කරලා පෙන්වන්න. එදාට මමත් ඔයාලට ඡන්දය දෙන්නම්....

:       458       1273

kapMonday, 09 April 2018 11:39 AM

හැදුවොත් යන්නේ ඔයාද? ආණ්ඩුවේ රස්සාවල්වල අනුරාධපුරෙන් එහාට මාරුවක් දුන්නු ගමන් පොලිටික්කෝ පස්සේ දුවන අය ඉන්න රටේ, උතුරේ පන්සලකට හාමුදුරු කෙනෙක් හොයා ගන්න බැරි රටේ කොහොමද උතුරේ, නැගෙනහිර ජිවත් වෙන්න සිංහල මිනිස්සු හොයන්නේ?

:       1000       328

athuraTuesday, 10 April 2018 04:30 AM

සහතික ඇත්ත. දුමින්ද මහත්මයා හරියට මේක කියවලාවත් නැහැ වගේ මට නම් පේන්නෙ.

:       9       0

Oliver Monday, 09 April 2018 10:49 AM

එක පැත්තකින් රණවිරුවන්ව පාවා දෙනවා. අනිත් පැත්තෙන් මේ වගේ ප්ලාස්ටික් ශල්‍යකර්ම කරනවා.

:       1298       1359

Bamunuarachchi Monday, 09 April 2018 10:49 AM

ඔබේ පප්පාගේ සල්ලිවලින් කරනවා නම් කාට ගෙවල් හැදුවත් අපට කමක් නැත. නමුත් ජනතාවගේ බදු මුදල් වලින් නම් ඔය ගෙවල් හදන්නේ... ඕකට හුරේ දමන්න අපිට කැසිල්ලක් නැත. බදු මුදල්වලින් ගෙවල් සාදාදීම රටේ සංවර්දනය නොවේ. කරුණාකර ජනතාවගෙන් බදුගසා ගන්නා මුදලින් සංවර්ධනයක් කරන්න. කාගේවත් සල්ලිවලින් තව කාටවත් ගෙවල් සාදාදීමට ඇමතියෙක් වීමට වුවමනා නැත.

:       1919       1034

SurangaMonday, 09 April 2018 11:31 AM

බමුණාට මහජනතාවගේ සල්ලි වලින් අප්පගේ සොහොන හදන කොට හොඳයි. ආබාධිත රණවිරුවන්ට සල්ලිත් නොගෙන ගෙයක් හදන එක වැරදියි. නෙලුම් කුළුණු වගේ එ්වාට අප්පගේම සල්ලි වෙන්න ඇති වියදම් කරන්නේ..

:       487       883

athuraTuesday, 10 April 2018 04:31 AM

සහතික ඇත්ත සුරංග මහත්මයෝ.

:       25       0

SathyayaaTuesday, 10 April 2018 10:01 PM

බමුණු, ඔබ කියන කතාව සම්පුර්ණ ඇත්ත.

:       0       0

හිරාන් Monday, 09 April 2018 10:53 AM

හොඳ වැඩක් ඇමතිතුමා.., හැබැයි ආණමඩුවේ හදපු රණවිරු ගම්මානය වාගේ නම් එපා... මොකද ඒ ගම්මානයේ ඉන්නේ රණවිරුවෝ නොවෙයි දේශපාලන හිතවතුන්, ධනවතුන්... අනේ අපේ රණවිරුවන් පව් නේද?

:       0       437

sanjeeva Monday, 09 April 2018 10:59 AM

මම එක දෙයක් කියන්නම්.. මේ දේශපාලකයෝ හැමකෙනෙක්ම රණවිරුවෝ උඩදාගෙන කතාකරන්නේ ඒ අයට තියෙන ආදරයටවත්, ඒ අය ගැන කැක්කුමකටවත් නිසා නෙවෙයි.. දකුණේ ඡන්දය ගන්න නම්, පාවිච්චි කරන්න හොඳම දේ තමයි රණවිරුවන්ව උඩ දාන එක. අද රණවිරුවාව උඩදාගෙන කතාකරන කට්ටියම තමයි 89දී ඒ අයව මිනීමරුවන් කියලා ලේබල් කෙරුවේ. උතුරේ මිනිස්සු මැරෙනකොට සොල්දාදුවා = රණවිරුවා. දකුණේ තමන්ගේ අය මැරෙනකොට සොල්දාදුවා = මිනීමරුවා ... ඕකයි වුණේ..

:       1082       260

Ptasanna Monday, 09 April 2018 11:49 AM

ඔබතුමා දින 100න් ගෙවල් 50000ක් හැදුවා වගේද... මේකත්?

:       91       365

චතුර Monday, 09 April 2018 12:08 PM

එමෙන්ම දකුණේ 89 භීෂණ සමයේ මල් ආසන මත ගොඩගසා තිබුණු මියගිය විරුවනුත් සිහිකර ගම්මාන හදන්න.

:       113       402

arsd Dias Monday, 09 April 2018 12:37 PM

ඊට වඩා ලේසිවෙයි හිර ගෙවල් හැදුවා නම්... එතකොට නිදහස්වෙන කොටින්ට ජේලර්ලා හැටියට රස්සාවලුත් දෙන්න පුළුවන්...

:       54       678

surath Monday, 09 April 2018 01:16 PM

ඔබතුමාගේ ආණ්ඩුවෙන් රණවිරුවන් සිරගත කරද්දී, නිහඬව ඉඳන්, කා සඳහාද මේ නිවාස හදන්නේ?

:       5       812

rosieMonday, 09 April 2018 04:27 PM

සුරත්ගේ කියමනට මමත් එකඟයි. සංහිඳියාවේ නාමයෙන් ඔය රණවිරු ගෙවල් හැදීම නවත්වා ඔවුන්ගේ ජීවිතවලට තිබෙන තර්ජන නවන්ත්වන්න බලන්න.

:       1       124

athuraTuesday, 10 April 2018 04:45 AM

අද රණවිරුවාව උඩදාගෙන කතාකරන කට්ටියම තමයි 89දී ඒ අයව මිනීමරුවන් කියලා ලේබල් කෙරුවේ. උතුරේ මිනිස්සු මැරෙනකොට සොල්දාදුවා = රණවිරුවා. දකුණේ තමන්ගේ අය මැරෙනකොට සොල්දාදුවා = මිනීමරුවා.

:       39       1

Bamunuarachchi Tuesday, 10 April 2018 02:41 PM

ලංකාවට නෙලුම් කුලුන, ප්‍රංසයට අයිපල් කුලුන වගේ නැතිනම් ඇමරිකාවේ ලිබර්ටි ප්‍රතිමාව වගේ රටට විශේෂ වූ ස්මාරකයක්. එවැනි දෙයක් ඉඳිකිරීම කාගෙවත් පොකට්ටුවෙන් කරන දෙයක් නොවෙයි. අනික රටේ දසදහස් ගණනක් සොහොන් ඉඳිවීම නවත්වපු මිහිහෙක් ලොවට බිහිකළ පියෙකු වෙනුවෙන් එක සොහොනක් දීමට බැරි කුහක සිංහලයින් ත්‍රස්තවාදයෙන්ම මියයායුතුව තිබුණි.

:       0       36

prakaash Wednesday, 11 April 2018 10:45 AM

මෙයාගේ තාත්තා පොලිසියේ 600කට වැඩි පිරිසක් කොටින් ඉදිරියේ යටත් වන්න නියෝග දීපු බවත් එම පොලිස් නිලධාරීන්ව කොටි විසින් අමානුෂික ලෙස වදදී ඝාතනය කල බවත් අමතකද? කොටි ත්‍රස්තයින්ට ආයුධ දුන් බවත් අමතකද? මේ රට විනාශ කරන එක තමයි මෙයාලගේ කෙරුවාව. රණවිරුවන් දඩයම් කරන එක නොදන්නා සේයාවක්... බොරු මාධ්‍ය සංදර්ශන එපා...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රෝහ‍ල් කුස්සියේ බඩු උස්සා මිනී කාමරේ හංගලා: කෝකියා දැලේ
2024 අප්‍රේල් මස 26 23 0

කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයාට හසුවූ බව කිය


එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 176 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 354 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1560 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 236 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 448 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1551 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site