IMG-LOGO

2024 මැයි මස 09 වන බ්‍රහස්පතින්දා


ණය නොගෙවීමේ ප්‍රමාද ගාස්තු මිලියන 88 ක් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමටම ආපසු ගෙවයි

(මනෝප්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම එක්දින ණය සේවාව යටතේ ලබාගත් රුපියල් බිලියන 11ක මුදල නියමිත දිනයේ ආපසු නොගෙවීම නිසා එම සමාගමෙන් අයකරගත් රුපියල් මිලියන 88 ක මුදල මහා බැංකුවේ නිලධාරීන්ගේ අනුමැතිය යටතේ කටයුතු කිරීම නිසා ආපසු පර්පචුවල් ට්‍රෙෂරීස්  සමාගමට ගෙවීමට සිදු වු බව ශ්‍රී ලංකා මහා බැංකුවේ තොරතුරු තාක්‍ෂණය පිළිබඳ අතිරේක අධ්‍යක්‍ෂක වසන්ත කුමාර අල්විස් මහතා බැදුම්කර කොමිසම හමවේ හෙළි කළේය. මෙය අසාමාන්‍ය තත්වයක් යැයිද අතිරේක අධ්‍යක්‍ෂක වසන්ත කුමාර අල්විස් මහතා බැඳුම්කර කොමිසම හමුවේ වැඩිදුරටත් හෙළි කළේය.

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම එක්දින ණය සේවාව යටතේ අප්‍රේල් පළමුවැනිදා මහා බැංකුවෙන් රුපියල් බිලියන 11ක මුදලක් ලබාගත්තත් එය අප්‍රේල් 04 වැනිදා තෙක් නොගෙවීම නිසා එම මුදල් පැහැර හැරීම වෙනුවෙන් මහා බැංකුව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමෙන් රුපියල් මිලියන 88 ක මුදලක් අයකරගත් බවත් එම මුදල් එලෙස අයකර ගත්තේ අප්‍රේල් 04 වැනිදාට අනුරූපව පොළී ගණනය කිරීමෙන් යැයි කී  වසන්ත කුමාර අල්විස් මහතා මහා බැංකුවේ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ සහ මහා බැංකුවේ සහකාර අධිපති ජානකී මාපිටිය මහත්මියගේ අනුමැතිය පරිදි එම පොළිය අප්‍රේල් පළමුවැනිදා පොළී අනුපාතයට අනුව ගණනය කිරීම නිසා එම රුපියල් මිලියන 88ක මුදල ආපසු පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමට ගෙවීමට සිදුවු බවද පැවසීය.

මෙම සියලු කටයුතු සඳහා පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම පහත ආකාරයට ණය ලබාගෙන තියෙනවා මහා බැංකුවෙන් බිලියන 12.5යි, අර්ථ සාධක අරමුදලෙන් බිලියන 7.5යි, ඩී.ඒෆ්.සී.සී. සහ පෑන් ඒෂියා  බැංකු වලින් බිලියන 8.5යි. වශයෙන් රුපියල් බිලියන 21ක ණයක් ලබාගෙන මෙම ගණුදෙණු කොට ඇතැයි පැවසු වසන්ත කුමාර අල්විස් මහතා මෙය මීට පෙර සිදුනොවු අසාමාන්‍ය දෙයක් යැයිද කීය.



අදහස් (7)

ණය නොගෙවීමේ ප්‍රමාද ගාස්තු මිලියන 88 ක් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමටම ආපසු ගෙවයි

himal Thursday, 06 April 2017 06:51 PM

අසාමාන්‍ය අවස්ථාවක් කියලා කියන්නේ වෙනත් ප්‍රාථමික අලෙවිකරුවන් මෙසේ ණය අරගෙන නැද්ද? එසේ නැත්නම් මීට කලින් ප්‍රමාද පොළී අය කරගෙන නැද්ද?අනෙක් අතට ණය නොගෙවීම සිදු නොවූ දින පැවති පොළී අනුපාතය මත ගණනය කිරීම වැරදි බව කියන්නේ නම් නිවැරදි ගණනය කිරීම එදා දැක්කේ නැද්ද?

:       79       83

chutta Thursday, 06 April 2017 11:28 PM

මේ රටේ ඉන්නේ හරක්. කෝ හොරු ? හොරු සුට් ඇඳගෙන රටේ උපදේශකයෝ.

:       2       103

සිරි Friday, 07 April 2017 01:18 AM

හොරු කියල දේශපාලනඥයන්ට ඇඟිල්ල දික් කළාට, ඇත්ත හොරු වෙන කට්ටියක් වගේ. මේ ආයතනවල කටයුතු කරන උගත් බුද්ධිමත් අය තමයි වැඩේ දීල තියෙන්නෙ කියලයි මට හිතෙන්නෙ.

:       88       644

ravin Friday, 07 April 2017 01:21 AM

නිලධාරීන් කීපදෙනකුගේ උවමනාවමත රාජ්‍ය මුදල්/අදායම් අවබාවිතා කල හැකිද ?

:       0       56

nimallalitha Friday, 07 April 2017 01:35 AM

මේ හැම බලු හොරකමකටම මේ රටේ සාමාන්‍ය ජනතාවත් වන්දි ගෙවනවා.

:       0       48

සරත් Friday, 07 April 2017 01:45 AM

මහබැංකුවට සල්ලි නැහැ කියලනේ බැඳුම්කර දෙන්නේ,දැන් බැඳුම්කර දෙන යට ණයට දීල ඒවා ගෙන් බැඳුම්කර ගන්න තත්වයක් ද ඇත්තටම තියෙන්නේ ? මේ රට වල පල්ලට මිසක් ගොඩ ඒමක් නැහැ.හොරු ,කම්බා හොරු හැමතැනම.අරුම පුදුම රටක්.......

:       0       68

vipula Friday, 07 April 2017 04:13 AM

එහෙම ගෙවන්න හැකියාවක් තියෙනවනම් ණයට ගන්නේ ඇයි?

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොලිසියේ රොත්තක් අල්ලස් දැලේ
2024 මැයි මස 08 369 0

රුපියල් ලක්ෂ 2 ක අල්ලස් මුදලක් ගත් බව කියන කොට්ටාව පොලිස් ස්ථානයේ හදිසි ඇමතුම් (119) ඒකකයට අනුයුක්තව සේවය කළ සැරයන්වරයකු සහ කොස්තාපල්වරයකු ඇතුළු නිලධාරී


ඇල්පිටියේ යතුරු පැදි අනතුරකින් තරුණයෙක් මරුට
2024 මැයි මස 08 87 0

ඇල්පිටිය අවිත්තාව ප්‍රධාන මාර්ගයේ සිදුවූ යතුරු පැදි අනතුරකින් 27 හැවිරිදි තරුණයකු මියගොස් ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි.


කළුතර රෝහලේ ප්‍රතිකාර ලැබූ රැඳවියෙක් පැන යයි
2024 මැයි මස 08 57 0

කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කළුතර බන්ධනාගාර රැඳවියකු වැසිකිලියේ ජනේලයෙන් පලාගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.


අහුංගල්ල බබාගේ පියා ඝාතනය කරයි
2024 මැයි මස 08 579 0

දැනට ඩුබායි හි සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන අහුංගල්ලේ ‘බබා‘ නැමැත්තාගේ පියා බව කියන පුද්ගලයකුට යතුරුපැදියකින් පැමිණි නාදුනන වෙඩික්ක


යුක්රේන් යුදපිටියට අපේ කොල්ලන් යැවූවැයි හමුදාවේ ලොක්කෙක් මාට්ටු
2024 මැයි මස 08 624 0

රුසියන් - යුක්රේන් යුද පිටියට ශ්‍රී ලංකා හමුදාවේ විශ්‍රාමික නිලධාරීන් රවටා යෙදවූයේ යැයි කියන සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු බව කියන හිටපු මේජර් ජනරාල්වර


ජාතික ඖෂධ නියාමන අධිකාරියේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී අල්ලයි
2024 මැයි මස 08 1048 0

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාජ ලේඛන සකස් කර ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් රජයේ රෝහල්වලට බෙදා හැරීම මඟින් රුපියල් කෝටි ගණනක වංචා කිරීම සහ ර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 553 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2028 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1785 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site